වසංගතයක් ආයුධයක් කළ යුතුද ??? Featured

Monday, 02 August 2021 20:08

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ගෙන් මේවන විට ලක්ෂ 100කට වඩා කොවිඩ් මර්දන එන්නතෙහි එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. එනම් ලංකාවේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකි.

මේ අතර අද දින ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී ආරම්භ කර ඇත. එහි විශේෂත්වය වන්නේ කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමේ කටයුතු පැය 24 පුරා සිදුකිරීමට නියමිත බවයි. පැය 24 පුරා එන්නත්කරණය කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

************************************************************************************************************************

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත, චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත, රුසියාවේ නිෂ්පාදිත ස්පුත්නික් වී, ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් වර්ග පහ උපයෝගී කරගෙන මේ වන විට ශ්‍රී ලංකාව එන්නත්කරණ ක්‍රියාවලිය ඉතාමත් සීග්‍රයෙන් ක්‍රියාත්මක කරමින් සිටියි. එය ලෝකයේ වේගවත්ම එන්නත්කරණ ක්‍රියාවලිය බවටද තොරතුරු වාර්ථා වී තිබේ.

රටෙහි විවිධ පාර්ශ්වයන් තම සාක්කුව තරකරගැනීම උදෙසා කොරෝනා ආයුධයක් බවට පත්කරගනිමින් රටපුරා වර්ජන ,උද්ඝෝෂණ ක්‍රියාත්මක කරමින් සිටින මොහොතක වත්මන් රජය බොහෝ අසීරුතා මැද අඛණ්ඩව එන්නත්කරණය සිදුකරමින් කරනු ලබන කාර්යභාරය ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස අගය කළ යුතුව ඇත. එසේම ලාංකීය ජනයා සිහි තබාගත යුතුව ඇත්තේ තවමත් එන්නත් අහිමි රටවල් සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බවත් ඒ අතින් ඔබට සැහීමකට පත්විය හැකි එන්නත්කරණ ක්‍රියාවලියක් ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් ඇති බවත්ය.

කොරෝනා එන්නතක් යනු එම වෛරසය හා සටන් වැදීම වෙනුවෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරගැනීම පිණිස ඇති නිෂ්පාදනයකි. ඒ අනුව කොරෝනා වෛරසය ලොව පුරා පැතිර යාමත් සමගම වෛරසය පාලනය කිරීමට විසදුමක් ලෙස මෙම කොවිඩ් එන්නත්කරණය සිදුකරනු ලබයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කොරෝනා වෛරසය වසංගතයක් ලෙස ප්‍රකාශ කිරීමෙන් පසු ලොව පුරා මිලියන 185 කට අධික ජනතාවකට වෛරසය ආසාදනය වී ඇති අතර මිලියන 4 කට අධික පිරිසක් මේවනවිටත් මිය ගොස් ඇත.

එහෙත් ලොව පුරා මේවන විට ක්‍රියාත්මක එන්නත්කරණ ක්‍රියාවලිය මගින් මිනිස් ජීවිත හැඩගැස්සවූ සීමාවන් යම් තරමකින් හෝ ලිහිල් කරමින් ලෝකය යම් ආකාරයක සාමාන්‍ය තත්වයකට ගෙන යා හැකි බවට විශාල බලාපොරොත්තු පලවෙමින් තිබේ.

එහෙත් විද්‍යාඥයන් වැඩි වැඩියෙන් විශ්වාස කරන්නේ, කොරෝනා වෛරසය සදාකාලිකව ලොව තුළ රැඳී තිබෙනු ඇති බවය.

නැගෙනහිර ඇන්ග්ලියා විශ්ව විද්‍යාලයේ (එක්සත් රාජධානියේ) වෛද්‍ය විද්‍යා මහාචාර්ය පෝල් හන්ටර් තවදුරටත් මේ ගැන පැහැදිලි කරමින් කියාසිටින්නේ අනාගතයේදී එන්නත් මගින් කොවිඩ් -19 බෝ වීම වලක්වනු නොලබන බව ඔහු විශ්වාස කරන බවයි.

"කොවිඩ් කිසි විටෙකත් පහව යන්නේ නැහැ ! එන්නත ලබාගෙන තිබුණත් නැතත්, අපගේ ජීවිත කාලය පුරාම එය නැවත නැවත බෝවීම නොවැළැක්විය හැකියි" යැයි ඔහු පැවසු බව බීබීසී පුවත්පත වරෙක වාර්තා කර ඇත.

කොවිඩ් වෛරසය ගැන ලෝක විශ්ලේෂකයන් එවන් අනතුරු ඇගවීම් කරද්දී අපටද එය අකමැත්තෙන් හෝ බාරගැනීමට සිදුව ඇත. ඒ සදහා රටක් ලෙස මුහුණ දිය යුතුව ඇත. වත්මන් රජය මේ වෙනුවෙන් කළ හැකි එකම විකල්පය වන එන්නත්කරණය නිසි ලෙස ක්‍රියාත්මක කරමින් යුතුකම ඉටු කරද්දී ඔබද එහි පුරවැසියන් ලෙස හුදු විවේචනයන්ට සිමා නොවී වගකීමෙන් කටයුතු කළ යුතුව ඇත. මහාචාර්ය පෝල් හන්ටර් පවසනවා මෙන් අපට මුළු ජිවිත කාලය පුරාම කොරෝනා සමග දිවි ගෙවීමට සිදුවේදැයි අප දන්නේ නැත. එහෙත් ඔබ අප වටහාගත යුත්තේ කොවිඩ් වසංගතය අභියෝගයක් කර ගනිමින් ඒ සමග ගැටෙමින් ඒ අභියෝගය ජයගෙන ජිවත් වීමටය. රටක් සැමදාම සිමා පවත්වා ගනිමින් කටයුතු කරන විට රටක් ලෙස ඉදිරියට යා නොහැක. එයින් රටකට සිදුවන හානිය සුළුපටු නොවේ. එය අද වන විට ලෝකයේ විද්‍යාඥයින් පවා පිළිගෙන ඇති සත්‍යකි. එක් වරෙක බිබිසි පුවත්පත් සේවය ඒ පිළිබදව වාර්තා කර ඇත්තේ මෙසේය ,

"වෛරසය ඇවිලෙන සෑම අවස්ථාවකම අපට දිගටම ලොක්ඩවුන් කළ නොහැකි බව පැහැදිලියි," කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ චර්යාත්මක විද්‍යාඥ ක්‍රිස්ටිනා ග්‍රෙවර්ට් පැවසීය.

"නමුත් අසනීප යැයි හැඟෙන පුද්ගලයින් පොදු ප්‍රවාහන සේවයෙන් ඈත් වී නිවසේ සිට වැඩ කරන ලෙස හෝ අවම වශයෙන් වෙනත් පුද්ගලයින් වටා සිටිය දී මුහුණු ආවරණයක් පැළඳිය යුතු යැයි දිගින් දිගටම නිර්දේශ කිරීම සාධාරණ බව පෙනෙනවා," යැයි ඇය තවදුරටත් පැවසු බව එම සේවය වාර්තා කරයි.

ලෝක විද්‍යාඥයින් පවා එලෙස පවසා සිටියදී අප රටෙහි ඇතැම් පාර්ශවයන් අද සිට සියලු රාජ්‍ය සේවකයන් සේවයට කැදවිමට රජය ගත් තීරණය ගැන රජයට ඇගිලි දිගු කරමින් සිටින බව පෙනී යයි. එම චෝදනා සියල්ල පදනම් රහිතය. මන්ද නැවතීමේ දිනයක් ,වෙලාවක් ,කාලයක් මෙතෙක් හදුනාගෙන නොමැති වසංගතයකට රටක පැවැත්ම, සංවර්ධනය ගොදුරක් බවට පත්වීමට ඉඩ නොතැබිය යුතු නිසාය.

මිනිසාගේ පැවැත්මට කොරෝනා වෛරයසය අභියෝගයක්ව තවත් කාලාන්තරයක් තිබෙන විට ඊට බියේ සැඟවීමට වඩා ඒ සමඟම ජීවත් වෙමින් වෛරසයට ගොදුරු නොවී සිටීමේ සමාජීය ජීවිතයකට අපට පුහුණු වෙන්නට සිදුව තිබීම අද ලෝක යථාර්ථයයි. මේ වෙනුවෙන් වන සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම සහ දැනට තිබෙන පිළියම වන එන්නත ලබාගැනීම සියලු ජනතාව වෙත පැවැරෙන වගකීමකි. මේ ලෝක යථාර්ථයට මුහුණ දෙමින් ආණ්ඩුව විසින් මේ මොහොතේ කොරොනාවට එරෙහිව ගෙනයන වැඩ පිළිවෙලට සහය දෙමින් රට ‍රැක ගැනීම පුරවැසී ඔබගේ යුතුකමයි.

-පංචාලි

Last modified on Monday, 02 August 2021 20:18

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us