ඇවන්ගාර්ඩ් හිමිකරුට විදේශ ගතවන්න අවසර ලැබෙයි

Published in පුවත්
Tuesday, 23 June 2015 08:04

ගාල්ල පාවෙන අවි ගබඩාව පවත්වාගෙන ගිය ඇවන්ගාඩ් සමාගමේ හිමිකරු වන නිශ්ශංක සේනාධිපති මහතා විදේශ ගතවීම කෙරෙහි රහස් පොලිසියේ කිසිදු විරෝධතාවක් නොමැති බවට දැක්වූ කරුණු සැලකිල්ලට ගත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා, සිය ව්‍යාපාර කටයුතු සඳහා සේනාධිපති මහතාට මාස 03ක කාලයක් විදේශ ගතවීමට ඊයේ (22දා) අවසර ලබා දුන්නේය.

නිශ්ශංක සේනාධිපති මහතාට විදේශ ගතවීම තහනම් කරමින් අධිකරණය විසින් නිකුත් කර තිබූ නියෝගය තාවකාලිකව ඉවත් කරමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම අවසරය ලබා දුන්නේය.


2015 ජනවාරි 8 දින හෝ ඊට ආසන්න දිනයකදී ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලද තොරතුරක් මත ගාල්ල වරායේ නැංගුරම්ලා තිබූ 'මහනුවර' නම් වූ නෞකාව ගාල්ල පොලිසිය විසින් පරීක්‍ෂා කර තිබූ අතර. එම නෞකාවේ කන්ටේනර් 22ක පමණ වූ අවි ආයුධ ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.

එම සිද්ධිය පිළිබඳව ගාල්ල පොලිසිය, ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබූ අතර, පසුව පොලිස්පතිවරයාගේ නියෝග පරිදි මෙහි පරීක්‍ෂණ කටයුතු රහස් පොලිසිය වෙත භාරදී තිබිණි.


මේ පරීක්‍ෂණයට අදාළව ඇවන්ගාඩ් මෙරිටයිම් පෞද්ගලික සමාගමේ සභාපති යාපා හෙට්ටි පතිරැන්නැහැලාගේ නිශ්ශංක යාපා සේනාධිපති යන අයගේ ගුවන් ගමන් 2015 ජනවාරි 23 වැනිදා සිට අධිකරණ නියෝග මත තහනම් කර තිබිණි.

නිශ්ශංක සේනාධිපති මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත මෝසමක් ගොනු කරමින් ඊයේ දන්වා සිටියේ සිය ව්‍යාපාර සහ ව්‍යාපෘති සඳහා විදේශගත වීමට තමන්ට අවසර ලබාදෙන ලෙසයි.


සේනාධිපති මහතාගේ නීතිඥවරුන් අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ, තම සේවාදායකයාට ව්‍යාපාර කටයුතු සඳහා විදේශ ගතවීමට නොහැකි වුවහොත් මසකට ඩොලර් මිලියන 25ක පමණ මුදලක් රටට අහිමි වන බවත්, එමෙන්ම අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් ලාංකිකයන් 20,000කට පමණ විදේශ රැකියා අවස්ථා අහිමි වන බවයි.


නිශ්ශංක සේනාධිපති මහතා විදේශ ගතවීමට කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතාවක් නොමැති බවට රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඉලංගසිංහ මහතා වැඩිදුර වාර්තාවක් මඟින් ලිඛිතව අධිකරණය වෙත දන්වා සිටියේය.


නිශ්ශංක සේනාධිපති මහතා විදේශ ගතවීම කෙරෙහි ඊට අදාළ පරීක්‍ෂණ පවත්වන රහස් පොලිසියේද විරෝධයක් නොමැති හෙයින් ඊයේ (22දා) සිට ලබන සැප්තැම්බර් 21 දක්වා මාස 03ක කාලයක් විදේශ ගතවීමට අතිරේක මහෙස්ත්‍රාත්වරයා සේනාධිපති මහතාට අවසර ලබා දුන්නේය.
මේ සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන අගෝස්තු 6 වැනිදා කැඳවන ලෙසද අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියම කෙළේය.

mawbima

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us