යහපාලනයේ නීතිය නැවිල්ල සහ කැඩීම ගැන තවදුරටත්.. Featured

Wednesday, 02 October 2019 12:37

පසුගියදා නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු සොලිස්ටර් ජනරාල් සුහද ගම්පත් විසින් කළ හෙළිදරව්වත් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරිය ඇවන්ගාර්ඩ් සභාපතිවරයා සමඟ කළ දුරකතන සංවාදයත් පදනම් කරගෙන නීතියේ ආධිපත්‍යට සහ අධිකරණයේ ස්වාධීනත්වයට යහපලකයෝ බලපෑම් කරමින් සිටින බවට චෝදනාවක් එල්ල වෙමින් තිබේ.

මේ චෝදනාව එල්ල වෙමින් පවතින්නේ රාජපක්ෂ කඳවුර වෙතින්ය. මෙහි ඇති ලොකුම විහිලුව මෙයය. රාජපක්ෂ පවුල් ආණ්ඩු සමයේදී මේ රටේ නීතියේ ආධිපත්‍යට අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වූ බලපෑම නොදන්නා වුන්ට අද රාජපක්ෂලා කරන චෝදනා මාර ජෙනුයින් වැඩක් විය හැකිය. එහෙත් මෙය මාරම විහිළුවකි. නන්දසෙන ගෝඨබයගේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් ලෙසින් අරඹා තිබෙන අරුණ පුවත් පත මේ ගැන ඊයේ පළ කළ තිබෙන කතුවැකිය කියවන විට හිනා යන්නේ පශ්චාත් බාගයෙනි.

වැල් වටාරම් රැසක් ලියා තිබු එහි කතු තුමා හෝ කතු වැකිය ලියන්නා ඒ මෙසේ අවසන් කර තිබිණි.
"වැදගත්ම කාරණය වන්නේ මෙවැනි තත්ත්වයන් පූර්වාදර්ශයක් වීම වළක්වා ගැනීමය. අපේ බොහෝ ආණ්ඩු තමන් විසින් කරන වැරදි සාධාරණීකරණය කර ගන්නේ – එසේම පෙර ආණ්ඩු විසින්ද කර තිබුණේ යැයිද දක්වමිනි.

ඉදිරියේදී පත්වන ඕනෑම ආණ්ඩුවක් යහපාලන ආණ්ඩුවේ නීතිය දූෂණය කිරීමේ ක්‍රියාවලිය – ආදර්ශයට නොගනු ඇතැයි – සහතික විය හැක්කේ කාටද? මේ නීති විරෝධී, සම්ප්‍රදායි විරෝධී, සදාචාර විරෝධී මෙන්ම අයුක්ති සහගත ‘නීතිය නැවීම’ හෙළිදරව් කර – ඊට වගකිව යුත්තන් ජනතා අධිකරණය හමුවට පැමිණවිය යුත්තේ ඔවුන්ට දඬුවමක් ලෙස පමණක් නොව අනාගත පාලකයන්ට අනතුරු ඇඟවීමක්ද ලෙසය. "

මේ වැකි කිහිපය 2015 ට පෙර යුගයට අදාල කරුණකි. ඒ අනතුරු හැඟවීම එදා යහපාලනය අපේක්ෂා කළ වුන්ද මීට වඩා ලොකු හඬකින් සිදු කළේය. ඒවායේ ප්‍රතිපලය ලෙස නීතියේ ආධිපතය පිහි‍ටුවීම අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරීම ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කිරීම තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම, මානව හිමිකම් තහවුරු කිරීම, ඒකාධිපති විධායක ජනාධිපතිධුරයේ බලතල කප්පාදු කිරීම මෙන්ම පවත්නා අණ්ඩුවට එරෙහිව වන චෝදනා සම්බන්ධයෙන් විනිවිද පෙනෙන සුලු විමර්ශන ආරම්භ කිරීම, පාර්ලිමේන්තු ආංශික කාරක සභා සක්‍රීය කර ඒවා ජනතාවට විවෘත කර සත්‍ය තත්වයන් ජනතාවට දැන ගැනීමට සැලැස්වීම, මාධ්‍ය නිදහස වල්බූරු ලෙස පාවිච්චි කිරීමට තරම් නිදහසක් ලබාදීමත් ආදී සිදුකරමින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කළේය.

එහි යහපත් ප්‍රතිපළ දැන් රටම භුක්ති විඳී අද නන්දසේන ගෝඨාභයට තමන්ට එරෙහිව තිබෙන අපරාධ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟ හැර අත් අඩංගුවට පත් නොවී සිටීමට තරම් හැකියාව ලැබී ඇත්තේ නීතියේ යහපාලනය නියමාකාරයෙන් පවතින නිසාය. 2010 දී කිසිදු චෝද්නාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් හෝ නොවී තිබිය දී තමන්ගේ ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයා වූ ජෙනරල් සරත් ෆොන්සෙකා කුදලාගෙන ගොස් හිර ගත කළා සේ මහින්ද බැසිල් හෝ ගෝඨාව හිර කරන්නට යහපාලනය කටයුතු කළ නැත. ලසන්තලා ප්‍රගීත්ලා ඇතුලු මාධ්‍යවේදීන් මරා දැමීමට අතුරුදන් කිරීමට , පහර දෙන්නට මෙන්ම මාධ්‍ය ආයතන ගිනි තැබීමට කටයුතු කළේ නැත..අද අරුණ පුවත් පතට නිදහසේ ඕනෑම කුප්ප කතාවක් ලිවීමේ හැකියාව ඇත්තේද ඒ යහපාලනය නිසාය.. එදා රාජපක්ෂ පවුලේ කිසිවකුට එරෙහිව වචනයක් කතා කිරීමට මාධ්‍යයට අවසර තිබ්බෙ නැත. එය මරණය කැන්දා ගැනීමක් විය. නීතිපති දෙපාර්තමේන්තුව මුලුමනින්ම රාජපක්ෂවරුන් කියන කියන දේ කිරීමට සැදි පැහැදී සිටී රූකඩ ආයතනයක් විය. අධිකරණය ලබා දිය යුතු තීන්දුව කලින් තීන්දු කර නඩු ඇසුවේය. ස්වාධීනව කටයුතු කරන්න කිසිදු විනිසකරුවකුට අවසර තිබ්බෙ නැත. ඒ බලපෑම ඉවසා සිටින්නට නොහැකි තැන විනිසුරුවරුන් රැසක් මෙරට අත් හැර ගියේය.

අනෙක් කාරණය රාජපක්ෂලා අධිකරණය හරහා නඩු විසැඳුවේ වෙන කරන්න දෙයක් නැති තැනය. සුදු වෑන් භීෂණය. මිනීමරු මිලිටරි කණ්ඩායම් යොදවා රාජපක්ෂවරුන්ගේ කටයුතුවලට හරස් වූවන් ඝාතනය කෙරිණි. නැත්නම් බියට පත් කර පැත්තක තැබීම සිදු කෙරිණි. එදා නවන්නට හෝ කඩන්නට කියා නීතියක් ක්‍රියාත්මක වූයේ නැත. රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතාවය අනුව ' නිතිය' ගොඩ නැගුණි. එය අර්ථකතනය කෙරුණේ රාජපක්ෂලාට වාසි වෙන විදිහටය.

දැන් රාජපක්ෂලා කළේ එහෙමයි කියා දිල්රුෂිලා සුහද ගම්ලත්ලා එල්ල කරණ චෝදනා සම්බන්ධයෙන් නොතකා හැරීම විය යුතු නැත. එහෙත් මේ චෝදනා පදනමක් නැති කතන්දරය. බොරු බිල්ලකු මැවීමකි. එහෙත් අඩුපාඩු නොවූවා යැයි කියන්නේ නැත. වැදගත් දේ නම් ඒ අඩුපාඩු නිවැරදි කර ගැනීමට දක්වන නැමියාවය.

ආණ්ඩුවේ දේශපාලකයන් හෝ යහපාලනය අපේක්ෂා කළ දේශපාලකයන් අල්ලස් කොමිසමට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා ලත් සහ ඊට සාක්ෂි ඇති පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඒවා ඉක්මන් කරන ලෙස ඉල්ලා සිටීම හෝ දැඩිව බලපෑම් කිරීම නීතිය නැවීමක් හෝ කැඩීමක් නැත්නම් අධිකරණයට බලපෑම් කිරීමක් ලෙස අර්ථකතනය කරන්නේ කෙසේද?

මේ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශ්වය වූයේ ආණ්ඩුව හෝ යහපාලනය අපේක්ෂා කළ පුරවැසියන් හෝ පුරවැසි කණ්ඩායම්ය. අදත් යහපාලනයට තිබෙන චෝදනාව හොරු අල්ලා දඬුවම් නොදුන්නාය කියන චෝදනාවය. ඒ ප්‍රමාදයට හේතු තිබිණි. එනම් ඒ වංචා දුෂණ අපරාධ සංකීර්ණ තත්වයන් යටතේ සිදු වීමය. සාක්ෂි මකා දමා තිබීමය. ඒවා ඔප්පු කර ගන්නට සෑහෙන වෙහෙසක් කාලයක් ගන්නට වී තිබීමය. මේ ආයතන වල පැල පදියම් වී සිටි රාජපක්ෂ හෙංචයියන් විසින් එම විමර්ශන කටයුතු නීතිමය කටයුතු ප්‍රමාද කරන්නට අඩපණ කරන්නට කළ කුමන්ත්‍රණයන්ය. ඊට හොඳම උදාහරණයක් ලෙස සුහද ගම්ලත් නැමැති රාජපක්ෂ හෙන්චයියා හැඳින්විය හැකිය. රාජපක්ෂලාගේ පවුල් ආණ්ඩු සමයේදී ඔහු කටයුතු කළ ආකාරය සොයා බැලුවා නම් ඒ තහවුරු කර ගත හැක.

ඒ කොහොම වෙතත් යහපාලන ආණ්ඩුවේ දේශපාලකයන් බලපෑම් කළා නම් කළේ නිතිය ක්‍රියාත්මක කරන ආයතනවලටය. ඒ නීත්‍යනුකූලව කටයුතු කරන්නටය.. එසේ නොකළා කියා සුදු වෑන් ඒවා මිනිමරු මිලිටරි කල්ලි යොදවා නිලධාරීන් හෝ චූදිතයන් දඩයම් කරන්න ගියේ නැත. නීතිය ක්‍රියාත්මක කරන ආයතන හරහා චෝදනා ඔප්පු සිද්ධ කිරීම කඩිනම් කිරීම වෙනුවෙන් මැදිහත් වෙමින් ඔවුන් කටයුතු කිරීම හැර නීතිය කඩන්න නවන්න ඔවුන් යෝජනා කළේ නැත..රාජපක්ෂ යුගයේ ආදර්ශ පූරුවාදර්ශ කර ගත්තේ නැත.

මේ චුදිත පාර්ශ්වය තමන්ට එරෙහිව ඇති චෝදනාවලින් නිදහස් වීම වෙනුවෙන් කරුණු කාරණා සාක්ෂි ඉදිරිපත් කර තමන්ගේ නිදොස් බව අධිකරණය හරහා ඔප්පු කරනවා වෙනුවට මේ කරමින් සිටින්නේ තමන්ගේ වරද කාරිත්වය වෙනත් කාරණා මතු කර යට ගැසීමේ තකක්ඩි කටයුත්තකි.

නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට කවුරු බලපෑම් කළත් ඒ නිලධාරීන්ට කොන්ද පණ ඇතිව ස්වාධීනව කටයුතු කරන්නත්, තමන් නිවැරදි නම් ඊට මුහුණ දී තමන්ගේ නිදොස් බව ඔප්පු කරන්නට මේ චූදිතයන්ට අවශ්‍ය නිදහසත් යහපාලනය විසින් උදා කර දී තිබේ. එහෙත් ඒ අවස්ථාව පාවිච්චි නොකර සිටීමෙන්ද පැහැදිලි වෙන්නෙ මොවුන්ගේ ඇති වංචනික භාවයයි.

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us