ජලනි..පෙන්වමින් තිබෙන්නේ ඒ සුන්දර මිනිසාගේ ආදරණීයභාවයයි. Featured

Wednesday, 02 October 2019 00:55

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ගෑණි ,පවුල, වයිපරේ, ගෙදර පොලීසිය, භාර්යාව නැතිනම් ඔහුගේ ආර්‍යාව හෝ වෙනත් ඕනෑම නාමයකින් හැඳින්විය හැකි ජීවන සහකාරිය වන ජලනි ප්‍රේමදාස සම්බන්ධයෙන් සමාජ ජාලාවල පැතිරෙමින් තිබෙන කයි කතන්දර අපහාසයට උපහාසයට හොඳය. ඉන් වැඩිම වින්දනයක් ලබන්නේ පිරිමින්ය.

මේ පිරිමින් කියන්නේ කවුද? එක්කෝ තවමත් ගැහැනු ඇසුරක් ලබා නැති එව්වෝය. නැත්නම් අම්මා තාත්ත සහිත පවුලක හැදී නොවැඩුන එව්වෝය. ඒ කිව්වෙ අවජාතකයන්ම නොවේ. අම්මා හෝ තාත්තා නොමැති පවුලක සාමාජිකයකි. අනෙක් පිරිස නම් තමන්ගේ ගෑණිව වහලියක කරගෙන පිරිමි ආධිපත්‍යය දරාගෙන සිටින වුන්ය. එසේත් නැත්නම් පිරිමි අංගජාතය සහිත වූවත් ඉන් වැඩක් ගත නොහැකි ශරීර කූඩු සහිත වුන්ය. තවත් මිනිහෙකුගේ ගෑණිව බයිට් එකට අරගෙන උඹ පිරිමියෙක්දැයි අසන්නට හැක්කේ එවැනි උන්ට පමණි. අපහාස උපහාස කළ හැක්කෙ එවැනි පිරිමින්ට පමණය. මන්ද ජීවන සහකාරියක යනු කවුද යන්න ගැන නොදන්නා නිසාය..ඒ සහය ලැබී නැති නිසාය. දැක නැති නිසාය.

පිරිමියෙකුගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය හෝ පි‍ටු පස ගැහැනියක සිටිය හැකි බවට දෙපැත්තටම කරුණු කාරණා කියවෙයි. ඒ එසේ වෙන්නේ පිරිමියාට ඔහුගේ අපේක්ෂාවන්ට හරියන ගැහැනිය හමු වීම හෝ නොවීම මතය. ගැහැනියට හරියන පිරිමියා හමු නොවීමද ඊට හේතුවකි.

ජලනි ප්‍රේමදාස සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් වෙනකොට වෙනත් ආර්‍යාවන් ගැනද කියවෙයි. ඒ ආර්‍යාව වගේ මෙයා නෑනේ.. කියා පිරිසක් නහයෙන් අඬයි..ඒ ආර්‍යාව වගේ මෙයත් පිස්සු නටයි.. කියමින් තවත් පිරිසක් නහයෙන් අඬයි. ඒත් තමන්ගේ ආර්යාව මොනවගේද කියා මේ නහයෙන් අඬන පිරිස කියන්නෙ නැත.

ජලනි ගැන හරහට කතා කරන ගැහැනුද සිටිති..ඒ අය තමන්ගේ පිරිමි සහකරුවා ගේ පිරිමිකම ගැන හෝ පොන්නකම ගැන හෝ කතා නොකරයි. එහෙත් මේ පිරිමිද ගැහනුද තමන්ගේ ඇත්ත ජීවිතය සඟවාගෙන ජලනිව බයිට් එකට අරගෙන තිබේ. ඒ ඔවුන්ගේ අසරණ කම් බැරිකම් නිසාය. ඒ අයට අනුකම්පා කළ යුතුය. තමන්ගෙ මනදොල සපිරෙන විදිහේ ආර්යාවක් නොමැති වීමත් තමන්ට ආර්යාවක් වීමට තරම් පුරුෂයකු නොවීමත් නිසා මේ අය ජීවිත කාලය පුරා දුක් විඳිති. ඉන් බොහොමයක් මානසික ලෙඩ්ඩු බවට පත්වී ජීවිත කාලයම විඳවති...තමන්ගේ පීඩාව ඉවත් කර ගන්නට යොදන පහසුම මාර්ගය කර ගන්නේ අනෙක් පවුලක අමුසැමි සම්බන්ධතා වලට බාල්දි පෙරළීමෙනි. අඩුම ගානේ කට කැඩිච්ච කතාවක් හො කිව යුතුය. නැතිනම් සහනයක් නැත.

ඔය කතා වලින් වැඩක් නෑ.. දැන් මේක දේශපාලන ප්‍රශ්නයක් බවත් රටේ අනාගතයට බලපාන දෙයක් බවත් කාට හෝ කිව හැකිය. ඒවා මහ ගොං කතාය. සජිත් ප්‍රේමදාසගේ පරාජය අපේක්ෂාවෙන් කියන කුහක කතාය. දේශපාලන බලය අත්පත් කර ගත් තැනැත්තා රාජ්‍ය මෙහෙයවීමදී ඊට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අණ පනත් ආදිය අනුව ඒ සිදු කළ යුතුය. එහිදී ඒවා තනි තීරණ වෙන්නෙ නැත. තවත් පිරිසක් සමඟ කතා බහෙන් පසුව එළඹෙන තීන්දු තීරණ වෙයි. ඒ පිරිස අනුව ඒ ඒ තීන්දු තීරණවල වැරදි නිවැරදිභාවයන් වෙයි. වටේ හිටපු උන් නිසායි ඒකා කෙලවා ගත්තේ වැනි කතා කියවෙන්නෙ ඒ නිසාය. නමුත් ආර්‍යාව නිසා රටේ පාලනයට හෝ පාලකයා හෝ කෙළවා ගැනීමක් කරගත්තා යැයි අපි අසා ඇත්තේ පැරණි රාජාණ්ඩු කාලවල කතන්දර වලය. ඒ එක පුද්ගල බල අධිකාරයක් පැවැති යුගවලය.. නමුත් මේ ගෙවෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී යුගයකි.. ඒකාධිපතිත්වය මුළුමනින්ම හකුලා දමමින් යන කාලයකි. ඒ නිසා ආර්‍යාව කොහොම උනත් ඉන් ඇති වැදගත් කමක් නැත.

ආර්‍යාව වැදගත් වන්නේ ස්වාමියාගේ පෞර්ෂය සම්බන්ධ කාරනයටය.. ස්වාමියාගේ ජීවිතයට හයියක් වෙනවාද නැද්ද කියන කාරණටය. තමන්ගේ ජීවිතයට හයියක් වෙන සහකාරියක සිටීම තරම් පිරිමියෙකුට තවත් දෙයක් නැත. තමන් සමඟ හෙවනැල්ල සේ සමීපව සතුටේදීද විපතේදීද අත් නොහැර සිටින සහකාරියක තරම් දෙයක් පිරිමියාට නැත. සජිත් කියන්නෙ එවැනි වාසනා ගුණය සහිත පිරිමියෙකි. අනෙක් පිරිමින්ට ඉරිසියා ගෙන දිය හැකි සහකාරියක් සතු පිරිමියෙකි.

සජිත්ගේ පෞද්ගලික ජීවිතය තුලත් දේශපාලන ජීවිතය තුලත් ජලනි ප්‍රේමදාස කෙතරම් හයියක් වූවාද යනන් ගැන ඒ දන්නො දනිති. අද සජිත් සිය දේශපාලන ජීවිතයෙ මේ පැමිණි දුරෙහි වැඩිම බරක් ඇද්දේ ජලනි බව තතු දන්නෝ දනිති. ඒ සජිත්ගේ වාසනාවය. මිනිසුන් අතර වැඩ කරමින් මිනිසුන්ගේ දුකෙහිද සතුටෙහිද ඔවුන් අතර හිඳ කාලාන්තරයක් තිස්සෙ කළ සමාජ සුබසාධනය ජලනි නොමැති නම් කරන්න වෙන්නේ නැත. සිය දේශපාලන පාක්ෂික කණ්ඩායම් කෙතරම් ප්‍රමාණයයක් තමන් වටා සිටියද සජිත් ප්‍රේමදස නම් ප්‍රතිරූපය මහ දැවැන්ත වෘක්ෂයක් දක්වා වැඩීම වෙනුවෙන් ජලනි කළ කැපවීම නොවන්නට එය සිදු නොවන්නට ඉඩ තිබිණි. ජලනිගේ කැපවීම දෙවැනි වෙනවා නම් ඒ සජිත්ගේ මැණියන් වන හේමා ප්‍රේමදාසටය. සජිත් ජනතාව සහ වන සමීප සම්බන්ධය අතර පුරුක වූයේ ජලනිය. ඒ දේශපාලනයට හයියක් වූයේ ජලනිය.

අද සජිත් වෙනුවෙන් ජලනි පෙරට නොආවා නම් ඒ පුදුම සහගත දෙයක් වීමට ඉඩ තිබිණි. සජිත්ගෙ ජයග්‍රහණය වෙනුවෙන් ජලනි පෙනී සිටීම ගැන කිසිසේත්ම පුදුම වන්නට දෙයක් නොවේ. එය අනිවාර්යයකි.

ජලනි මේ මොහොතේ සිදුකරමින් සිටින්නේ දේශපාලන කටයුත්තකි. සිය ස්වාමි පුරුෂයා වෙනුවෙන් ආදරණීය බිරිඳක් විසින් සිදුකරන කටයුත්තක් ලෙස කිව හැකි නමුදු ඒ තුල වන දේශපාලනික යෝග්‍යතාවය රටේ දේශපාලනය ගැන නොදන්නා මෝඩයන්ට තේරුම් ගත නොහැක. රටේ නායකත්වයට අවශ්‍ය වන්නේ ආදරණීය මිනිසෙක්..

ජලනි පෙන්වමින් තිබෙන්නේ ඒ මිනිසාගේ ආදරණීයභාවයයි.

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us