මහේෂ් කඩන්නේ සජිත්ගේ ඡන්ද මිස නන්දෙගේ ඡන්ද නොවේ. Featured

Sunday, 29 September 2019 20:41

හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව සැලවීමත් සමඟ වඩාත් කළබලයට පත්ව ඇත්තේ රාජපක්ෂ කඳවුරට පක්ෂපාතී පිරිස්ය. සිංහල ඡන්ද දෙකට කඩන්න ආපු ඇමරිකන් එන්ජීඕ පිල්ලියක් බවට මේ වන විටත් මහේෂ්ව පත් කර තිබේ.

එහෙත් මහේෂ් සේනානායකගේ ඉදිරිපත් වීම මඟින් සිදුවිය හැක්කෙ අනෙකකි.
ගෝඨාවාදී ගොට්ටන් කියන විදිහට මහේෂ් වෙතින් සිංහල බෞද්ධ ඡන්ද කැඩෙන්නෙ නැත. මන්ද මහේෂ් සිංහල ජාතිවාදියෙකු නොවේ. ජාතීන් අතර සාමය සන්හිඳියාව අවබෝධය ගොඩ නැගීම වෙනුවෙන් ප්‍රායෝගිකව වැඩ කළ අයෙකි. ඔහු යාපනයේ ආඥාපතිව සිටිය දී ඒ වෙනුවෙන් වෙහෙසුනු ආකාරය දන්නා අයට මෙය අමුතුවෙන් කිව යුතු නැත. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඔහු ඉස්ලාම් අන්තවාදයට එරෙහිව මෙහෙයුම් සිදු කළේ මුස්ලිම් මනුස්සයාට වචනයකින් හෝ පීඩාවක් නොවන ලෙසය. එම ප්‍රහාරය ඔහුට වලක්වා ගැනීමට නොහැකිවූයේ මන්දැයි ගොන් ප්‍රශ්නය නඟනවුන්ද සිටී.. බලගතු හමුදා බුද්ධි අංශයක් තියාගෙන එහෙම උනේ කෝමදැයි අහන තකතීරුවන්ද සිටී.. ලෝකයේ ඉහලම බුද්ධි අංශ තියාගෙන ඉන්න අමරිකාව ඊශ්‍රායලය වගේ රටවලත් ත්‍රස්ත බොම්බ පුපුරන බව මේ තකතීරුවන් දන්නේ නැත.. ඒක කොහොම වෙතත් මහේෂ් සේනානායක යනු රටේ සියලු පුරවැසියන්ගේ අයිතිය නිදහස ආරක්ෂාව වෙනුවෙන් කැපවූවෙක් බව පැහැදිලිවම කිව හැක.

දැන් මේ මනුස්සයා සිංහල ඡන්ද කඩනවා යැයි බෙරිහන්දෙන ගොට්ටන් කියන පරිදි එම පාර්ශ්වයේ සිංහල ඡන්ද කැඩෙන්නෙ කොහොමද? නන්දසේනගේ පාර්ශ්වය කියන්නෙ මුලුමනින්ම සිංහල බෞද්ධ ගෝත්‍රික වහලුන්ගෙ සපිරි කඳවුරකි. අනෙක ජාතින් රටෙන් පන්නා දැමිය යුතු බව කියන ම්ලෙච්ඡ අදහ්ස්වලින් පිරුණු පිරිසකි. රාජපක්ෂ පවුල පමණයි මේ රට පාලනය කළ යුත්තෙ කියන වහල් මානසිකත්වයෙන් සිටින පිරිසකි. මේ අය මොකටද මහේෂ් සේනානායකට ඡන්ද දෙන්නේ..? එහෙම වෙන්නේ නැත.

ගොට්ටන්ට තිබෙන බය ගොඩ නැගෙන්නේ මහේෂ් ඇඟලාගෙන සිටි හමුදා නිල ඇඳුම නිසාය. නන්දසේන ගොඨභය හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා නිසාත් එවකට පැවැති යුද්ධයට සම්බන්ධයක් ඇති නිසාත් ගොට්ටන් බිය වී සිටින්නෙ ඒ යුද්ධයේම සැලසුම් අධ්‍යක්ෂකවරයාව සිටි මහේෂ් නන්දසේනගේ ඡන්ද කඩනු ඇති බවටය. අනෙක් කාරණය, නන්දසේනගෙන් එල්ල වූ ජීවිත තර්ජන නිසා ජීවිතාරක්ෂාවට අමරිකාවට යෑමට සිදුවූ මහේෂ් ඊට පලිගැනිමක් ලෙස නන්දසේනට එරෙහිව කටයුතු කරනු ඇති බවය. මේවා හිතලුය. අනියත බියකි. මන්ද මහේෂ් කියන්නේ රාජපක්ෂලා මෙන් මිනිමරලා හරි බලය ගන්න ඕන යැයි හිතන ම්ලේච්ඡයෙක් නොවන නිසාය. ඒ එසේ වූවත් ගොට්ටන් වන සිංහල බෞද්ධ ගෝත්‍රික වහලුන්ගෙ ඡන්ද කඩන්න මහේෂ්ට නොහැකිය.. ඒ වහල් බාවය කිසිදා වෙනස් කළ නොහැකි අමුම අමු ගෝත්‍රික මානසිකත්වයකි. රාජපක්ෂවරයෙක් තමන්ගෙම අසූචි ගොඩක් පෙන්වා මේ රස මසවුළුය කාපන් යැයි කීවොත් කිසි කතාවක් නැතිව රස කර කර කා කා හා නියමයි හරිම රසයි තව දෙන්නකෝ කියන ජාතියේ වහල්ලුය. ඇත්තටම එහෙම වහලුන් පිරිසක් ද සිටිති. සමාජ ජාලා තුල වුන් දමන පොස්‍ටු දකින විට වුන් ගැන ඊට වඩා දෙයක් සිතා ගත නොහැක.

තමන්ගේ නායකයා රෙද්දේ හුජ්ජ දාමා ගැනීම යම් සේද මේ වහල්ලුන්ට දැන් රෙද්දේ රෙවී ඇත්තේ මහේෂ්ගේ පැමිණීමෙන් තමන්ට කෙලවෙනු ඇතැයි බිය නිසා  බව පැහැදිලිය. අපිට කියන තියෙන්නෙ එහෙම බය වෙන්ඩ එපා කියලාය. තව තවත් සිංහල බෞද්ධ ගෝත්‍රික ජාතිවාදයම පතුරුවාගෙන ඉන්නවා හැර තමුන්ට වෙන උත්තරද නැති බවය.

සජිත්ට වෙන දේ

ඊළඟට සජිත් ප්‍රේමදසගේ ඡන්ද පදනමට මහේෂ්ගේ පැමිණීමෙන් හානියක් සිදු වීමට නියමිත බව කිව යුතුය. ඒ මහේෂ් සේනානායක සතුව යහපාලන පොරොන්දු පත්‍රය මිස ඊට වඩා යමක් නැති නිසාය.

මහේෂ් සෙනානායක වැනි නිලධාරියකු බිහි වන්නේම යහපාලනය නිසාය. රාජපක්ෂ පවුල් පාලනය පෙරලා දැමීමෙන් පසුව ඔහු ශ්‍රීලංකාවට නැවත පැමිණෙන්නේ ඔහුගේ ජීවිතාරක්ෂාව සහතික බවට වන විශ්වාසය නිසාය..මන්ද එදා රාජපක්ෂලා මිනිස් ඝාතන අපරාධ සිදු කරනු ලැබුවේ රජයේ මිලිටරි කණ්ඩායම් යොදවාගෙන රාජ්‍ය බලයේ අනුහසින් නිසාය. එය ඔවුන්ට අහිමි වූ විට රාජපක්ෂලා ට කළ හැකි ඉටිගෙඩියක් නැති බව මහේෂ් දැනගෙන සිටියේය. ඔහුව යාපනයේ ආඥාපතිවරයා ලෙස පත් කිරීම යහපාලන ආණ්ඩුව ගත් නිවැරදිම තීන්දුවක් විය. රාජපක්ෂ පාලන සමයේදී අඩියෙන් අඩියට හමුදා කඳවුරු පිහි‍ටුවා දහස් ගනනක් මිලිටරි ඔත්තු කරුවන් යොදවමින් උතුර දැඩි මිලිටරි පාලනයකට යටත් කර ඒ දෙමළ ජනතාව බියෙන් බිරාන්තව සිටි කාලය අවසන් කළේ මහේෂ්ය. ආරක්ෂක අංශ සහ දෙමළ ජනතාව අතර සුහදත්වය ඇති කළේ අවබෝධය ඇති කළේ මහේෂ්ය. ඊට යහපාලන ආණ්ඩුවෙන් ලැබුණු අනුග්‍රහය නිදහස හේතු විය. උතුරේ ත්‍රස්ත බිය තුරන් කර යළි ජනතාව අතර එවැනි සංවිධාන බිහිවීම වලක්වාලමින් දෙමළ පුරවැසියාට රජය සමඟ කතා බහෙන තමන්ගේ ගැටලු විසඳා ගැනීමට හැකි වාතාවරණය, විශේෂයෙන්ම බිය සැක තුරන් කළ මහේෂ්ය.

මහේෂ් යුධ හමුදාපතිධුරයට පත් වීමෙන් පසුවත් යහපාලනය වෙනුවෙන්ම පෙනී සිටියා හැර වර්ගවාදයක් පාක්ෂිකභාවයක් කර තියන් ගියේ නැත. කොටින්ම රණවිරු ලේබලය ගහගෙන අපරාධ කළ ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය යන ස්ථාවරයේහි ඔහු නොපැකිලවම සිටියේය. මහේෂ් කියන්නෙ එලෙස යහපාලනය වෙනුවෙන් පෙනී සිටි අයෙකි.ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එන්නෙත් මේ යහපාලනයම වෙනුවෙනි. එසේ නම් ඔහුට ඡන්ද ලැබිය හැකි වන්නේ යහපාලනය විශ්වාස කරන ඒ වෙනුවෙන් පෙනී සිටින කඳවුරෙන්මය.

වත්මන් එජාපය ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය යහපාලනය වෙනුවෙන් තව දුරටත් පෙනී සිටියත් පසුගිය කාලයේ වූ දුර්වලතා හේතුවෙන් ඒ මඟහැර යහපාලනය තිර ලෙසම යථාර්තයක් කර ගැනීම වෙනුවෙන් අපේක්ෂා සහගතව සිටින පිරිසක් වෙයි..ඔවුන් වත්මන් ආණ්ඩුවෙන් දැන් වෙන් වී ගොසිනි.. මෙවර ජනාධිපතිවරණයේ විකල්ප අපේක්ෂකයන් ගැන වැඩි උන්නදුවක් ඇති වන්නේද මේ ආණ්ඩුවෙන් වෙන් වූ පිරිස් යහපාලන සටන් පාඨය ඇතිව පෙරට පැමිණීම නිසාය. මහේෂට යම් ලෙසකින් හිමි වන්නේ ඒ යහපාලන කඳවුරේ ඡන්ද මිස රාජපක්ෂලාගේ සිංහල බෞද්ධ ගෝත්‍රිකයන්ගේ ඡන්ද නොවේ. මේ නිසා මහේෂ්ගේ ඉදිරිපත් වීමෙන් උපරීම හානිය වෙන්නේ එජාපය ප්‍රමුඛ යහපාලන සන්ධානයේ අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාසටය.

මහේෂ්ගේ කණ්ඩායම නියෝජනය කරන හිටපු විගණකාධිපති ගැන ගත්තා වුව, මෙරට ඉතිහාසයේ එතරම්ම නිදහසේ වැඩ කරන්න කතා කරන්න ඉඩක් ලැබුණු විගණකාධිපතිවරයා ඔහු විය හැකිය. ඔහුද මේ යහපාලනයේ අනුහසින් බිහි වූවෙකි. ඔහු කතා කරන්නේ යහපාලනය මුලධර්මයක් කර ගත් ආණ්ඩු පාලනයකදීත් වංචා දූෂණ වූ බවය. ඔහුට එහෙම කතා කරනන් හයියක් ලැබුණේ යහපාලනය නිසාය. රාජපක්ෂ සමයේ දී රාජ්‍ය නිලධාරීන්ට නිවට නියාලුව හිඟන පෞර්ශයක් සහිතව කියන දෙයක් කරගෙන ඉන්න සිදුවූ බව සියලු රාජ්‍ය නිලධාරීන් දන්නා ඇත්තකි. එහෙම නොවෙයි කියන්නේ රාජපක්ෂලා සමඟ එකට හොරා කෑ නිලධාරියකු පමණය.

ඡන්දදායකයාගේ තීන්දුව

කොහොම නමුත් අවසන් වශයෙන් කිව යුත්තේ මහේෂ් සේනානායක, වැනි අවංකව ස්වාධීනව වැඩ කරන නිලධාරීන් බිහිවීම සිදු වූයේ වත්මනෙහි පවතින යහපාලන ප්‍රතිපත්තිය ආණ්ඩු පාලනයේ මූලධර්මය කර ගත් පාලනය නිසා බවය. 2015 දී රටේ බහුතරය ඉල්ලා සිටියේ ඒ යහපාලනයයි.. එය ආපසු හැරවීමට එදා යහපාලනය පක්ෂවූවන් සහ පසුව යහපාලනයේ ප්‍රතිලාබ බුක්ති විඳින කිසිවකුත් කැමැති වන්නෙ නැත. ඒ කිසිවකුත් යළි රාජපක්ෂලාගේ මජර පවුල් පාලනය අපේක්ෂා කරන්නේ නැත. එහෙත් මෙහිදී ඇති වැදගත් කරුණ නම් රාජපක්ෂවරුන්ට යළි ඉඩ නොදෙන්න අප ජයග්‍රහණය කළ යුතු අපේක්ෂකයා කවුද යන්න තීරණය කිරීමය. ලංකාවේ මැතිවරණ දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරය අනුව සාධාරණව කල්පනා කළ හොත් මෙවර ජනාධිපතිවරණයේ දිනන්න පුලුවන් හැකියාව ගොඩනඟා ගත හැකි අපේක්ෂකයන් ඉන්නෙ දෙදෙනෙකු පමණය. ඒ නන්දසේන ගෝඨාභය සහ සජිත් ප්‍රේමදාසය. කවර සුවිශේෂි අපේක්ෂා සහිතව ආවත් විකල්ප හෝ තුන් වැනි අපේක්ෂකයකුට ජයග්‍රහණයට ඉඩක් නැත. එය පැහැදිලි කාරණාවකි.

එසේනම් තව දුරටත් යහපාලනයම අපේක්ෂා කරන පිරිස තෝරා ගත යුත්තේ සජිත් ප්‍රේමදාසවය..යහපාලනයට එකඟ නැති සිංහල බෞද්ධ ගෝත්‍රිකයනට නන්දසේනව තොරා ගත හැක. අනෙක් අපේක්ෂකයකුට ඡන්දය පාවිච්චි කරන කෙනෙකු ඇතොත් කියන්න වෙන්නේ තොපි රටටත් නැති තමන්ටත් නැති වගකීම් විරහිත ජීවින් කොට්ඨාශයක් කියා පමණය. මන්ද ඒ ඡන්ද කොහොමත් අහක යන බව දැන දැනම ඒවා පාවිච්චි කරන නිසාය.

විකල්ප අපේක්ෂකයන්ගේ ඉදිරිපත් වීම ගැන කියන්න තිබෙන්නේ ඉදිරි මහ මැතිවරණයේ මන්ත්‍රීධුර දිනා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරණය ප්‍රචාරක මෙවලමක් විදිහට ඔවුන් පාවිච්චි කරන බවය. එය මහ පක්ෂයකට හේත්තු වී ජාතික ලැයිස්තු පත්වීමක් හෝ විය හැකිය. ඒ අතින් ඔවුන්ගේ උත්සාහයට වැරැද්දක් කියන්නට ද බැරිය. එහෙත් ඡන්දදායකයාට ගත හැක්කේ නිවැරදි තීන්දුව හෝ වැරැදි තීන්දුව යන දෙකෙන් එකක් පමණි.

 

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us