ජයග්‍රාහකයා සජිත්ය...ඒ පොදු මහජනතාවගේ ජයග්‍රහණයයි Featured

Thursday, 26 September 2019 12:56

ඉදිරි ජනාධිපතිවරණයේ තීරණය කුමක්ද යන්න දැන් විසැඳී අවසන්ය. එසේ කියන්න අපි ඉක්මන්වන්නේ යැයි කිසිවකුට ගැටළුවක් තිබිය හැකි නමුත් ඒ සම්බන්ධයෙන් අපට දෙගිඩියාවක් නැත. මන්ද පොදු මහජනතාවගේ ජයග්‍රහණය මේවන විට තීරණය වී ඇති නිසාය.

ඒ මන්ද යත් එක්සත් ජාතික පෙරමුණු සන්ධානය, දෙමළ ජාතික සන්ධානය ඇතුලු රටේ බහුතරයේ සමස්ථ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස තෝරා පත්කර ගැනිමට ඒ සියලු පාර්ශ්ව මේ වන විට කොන්දේසි විරහිත ඒකමතික තීන්දුවකට එළඹ ඇති නිසාය.

මෙහිදී අවධාරණය කළ යුතු වැදගත්ම දේ නම් සජිත් ප්‍රේමදාස එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම දක්වා වන සිදු කළ දේශපාලන මෙහෙයුම ලත් ජයග්‍රහණයයි. සජිත්ට එරෙහිව එජාපයේම ප්‍රභූ කණ්ඩායම් වෙතින් එල්ලවූ අභියෝගය ඔහු පරාජය කිරීමට සමත් විය.. එජාපය කියන්නේ මේ රටේ ප්‍රභූ පැලැන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයයි. රටේ දේශපාලනය මෙහෙයවීමේ දී කෙතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදී වූවත් පක්ෂයේ බලය සිය ප්‍රභූ පැලැන්තියෙන් පිටතට යෑමට ඉඩ දුන්නේ නැත..ඒ කඩා බිඳ දැමූ දෙවන අවස්ථාව සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමය. ප්‍රථම අවස්ථාව ඔහුගේ පියා වන රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමේ අවස්ථාවයි.

රණසිංහ ප්‍රේමදාස මෙන්ම සජිත් ප්‍රේමදාසද එජාප දේශපාලනයේ බලවත් බලවේගයක් වන නාගරික පහළ පන්තිය ග්‍රාමීය ජනයා නියෝජනය කළ පොදු මහජන බලවේගයේ ප්‍රබලතම නියෝජිතයන්ය. එජාපයේ ජන්ද පදනම පැවැතියේ එතැනය. ආර් ප්‍රේමදාස නැතිව කිසි දිනෙක ජේ ආර් ජයවර්ධනට රටේ බලය ඇල්ලීමට හැකි වන්නෙ නැත. අදත් එජාපයේ ඡන්ද පදනම රැකී පවතින්නේ රණසිංහ ප්‍රේමදාස උරුමය තව දුරටත් පවත්වාගෙන යෑමට ඊට නායකත්වය දෙමින් සජිත් ප්‍රේමදාස සමත්ව තීබීම නිසාය. එජාපයේ වර්තමාන ප්‍රභූ නායකත්වය කෙතරම් අසාර්ථක වූවත් එජාපය නොසිදෙන දිය දහරක්ව පවතින්නේ ප්‍රේමදාස උරුමයේ මහිමයෙනි.

සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම දක්වා වූ කාලය තුල මේ රටේ දේශපාලනයේ ඇති පන්ති ස්වභාවය, කුල ප්‍රශ්නය, මධ්‍යම පාංතික සංකෘතික චර්යාව, ආදිය ගැන විශේෂ සාකච්ඡාවක් නිර්මාණය වී තිබිණි.. සජිත් ප්‍රේමදාසට එරෙහිව එල්ල කෙරුණු අවලාද මඩ ගැසීම් වල මේවා පැහැදිලිවම පෙන්නුම් කෙරිණි. එහෙත් ඒ සියල්ල ජය ගැනීමට අවසානයේදි සජිත් සමත් විය. ඔහු සමඟ සිටි කණ්ඩායම සජිත් අත් නොහැර ජයග්‍රහණය තෙක් ඔහු සමඟ සිටීම කැපී පෙනුනු තත්වයකි. එජාපය හැර ගිය කොටස් වැඩි වේගයකින් එජාපය කරා නැවත රොක් වීම පෙනෙන්නට තිබිණි.

එසේම සියලු ජාතීන් ආගමිකයන් නියෝජනය කරන රටේ ප්‍රබලතම පක්ෂ සහ කණ්ඩායම් සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළ ගැසීම සිදු විය. ඒ අතිශයිම වැදගත් වන්නේ රටේ ජනාධිපති අපේක්ෂකයා එක් කණ්ඩායමක් එක් ජාතියක් එක් ආගමක් එක් ප්‍රදේශයක් එක් පක්ෂයක් නියෝජනය කරන්නකු වෙනුවට සමස්ථ පුරවැසියා නියෝජනය කරන බහුවාර්ගික අනන්‍යතාව නියෝජනය කරන පුද්ගලයකු වීමය.

සජිත්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ.. මිනීමරු හිට්ලර් පන්නයේ සිංහල බෞද්ධ ජාතිවාදී ත්‍රාඩ මජර ඒකාධිපති වියරුවෙන් පෙළුනු රාජපක්ෂ පවුලේ නන්දසේන ගොඨාභයය. 2015 පරාජයට පත් කළ මේ නරුම දේශපාලනය තවත් වටයකින් පෙරටත් වඩා වැඩි බරකින් නැවත පරාජය කිරීමේ පහසු අවස්ථාවක් දැන් ශ්‍රීලංකීය ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියාට ලැබී තිබේ. ශ්‍රීලංකීය පුරවැසියා මේ වෙනුවෙන් පෙළ ගැසීම අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. සාමය සංහිඳියාව නිදහස සමානාත්මතාවය ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් ගරු කරන බහුතරයක් වූ ශ්‍රිලාංකික ප්‍රජාව ඒ වෙනුවෙන් වූ පොදු මහජනතාවගේ අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපතිවරයා ලෙස ‍තෝරා ගැනීම ගැන දෙවරක් සිතන්නෙ නැත. මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා මේ වන විට තීරණය වී තිබෙන බව අප මුලින්ම කීවේ ඒ නිසාය. ඒ ගැන කිසිදු දෙගිඩියාවක් තබා ගත යුතු නැත.

Last modified on Thursday, 26 September 2019 13:33

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us