ලංකාවේ නීති අධ්‍යාපනයේ අසාර්ථකත්වය - බැසිල් ප‍්‍රනාන්දු

Thursday, 03 October 2019 20:41

ලංකාවේ නීති අධ්‍යාපනය මුළුමනින්ම අසාර්ථකත්වයකින් පෙළෙන අධ්‍යාපන ක‍්‍රමයකි. වෘත්තීය අධ්‍යාපන ආයතන වල මූලික වගකීම වන්නේ එම වෘත්තියෙහි නියැලීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන්ට එසේ එය කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම, අවශ්‍ය පුහුණුව මෙන්ම අවශ්‍ය සදාචාරක පදනම ඉගැන්වීමය.

මේ අනුව බලන විට දැනට ලාංකික නීති අධ්‍යාපනය වටා ගොඩනැගුනු සෑම ආයතනයක් තුළම දකින්නට ලැබෙන්නේ ඔවුන්ගේ වෘත්තිය කර ගැනීමට අවශ්‍ය දැනීමවත්, ඒ සඳහා අවශ්‍ය වන පුහුණුවවත් ඒ සියල්ලටම වඩා එම වෘත්තිය කර ගැනීමට අවශ්‍ය වන සාදාචාරක පදනමක් නොපවතින බවය.

ලංකාව නීතිය අවතැන් වූ රටක්ය යන්න දැන් සමාජයේ සියලූම අංශ වලින් ප‍්‍රකාශයට පත්වන බලවත්ම අදහසකි. මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුළ මන්ත‍්‍රීවරු ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේ මන්ත‍්‍රීවරු නැවත නැවත කතා කොට ඇත. සෑම වෘත්තියක් තුළින්ම නීතියේ අවතැන් වීම පිළිබඳව ආන්දෝලනය ප‍්‍රකාශයට පත් වේ. මෙය වඩාත්ම බලවත්ව ප‍්‍රකාශයට පත් වන්නේ මහජනතාව තුළිනි. මහජනතාවගේ එදිනෙදා කතාබහේදී වැඩි වශයෙන්ම නැවත නැවත කියවෙන තේමාව වන්නේ ලංකාව තුළ පැතිර පවතින අවනීතිය පිළිබඳවය.

රටක නීතිය අවතැන් වී ඇති බවට පොදු එකඟතාවයක් තිබේනම් එම රටතුළ නීති අධ්‍යාපනය සාර්ථකව පැවතුණාය කියා තර්ක කිරීමට ඉඩක් නැත. අනෙක් අතට රටක නීතිය අවතැන් වූ විට එයින් ප‍්‍රකාශයට පත් වන්නේ එම රට තුළ පවතින නීති අධ්‍යාපනයේ විශාල අසාර්ථකභාවයක් පවතින බවය. මේ නිසා නීති අධ්‍යාපනය සාර්ථකද අසාර්ථකද යන ප‍්‍රශ්නය විවාද කිරීම අවශ්‍ය නැත.

ඇත්තෙන්ම අවශ්‍ය වන්නේ නීති අධ්‍යාපනය මේ තරමට අසාර්ථක වූයේ ඇයි යන කරුණ වටහා ගැනීමට උත්සාහ කිරීමත් ඒ මගින් වඩා සාර්ථක නීති අධ්‍යාපනයක් පවතීද යන්න අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීමත්ය. එවැනි අවබෝධයක් තුළින් රටේ පවතින මහා පරිමාන ගැටලූවක් සම්බන්ධයෙන් යම් වෙනස්කම් ඇති කර ගැනීමට මුලික පදනමක් දමා ගැනීමට හැකි වීමට ඉඩ ඇත. මේ නිසා මුලින්ම සාකච්ඡුාවට භාජනය විය යුත්තේ මේ සා පරිමාණයකින් ලංකාවේ නීති අධ්‍යාපනය අසාර්ථක වූයේ ඇයි යන ප‍්‍රශ්නයයි.

මේ පිළිබඳව බැලීමේදී නීති අධ්‍යාපනයේ අසාර්ථකත්වයට බලපාන කරුණු දෙආකාරයකින් විස්තර කළ හැකිය. පළමු වැන්න නම් ලංකාවේ මුල සිටම නීති අධ්‍යාපනය එහි තිබූ යම් අඩුපාඩු හඳුනාගැනීමය. අනෙක් අතට මෑත කාලය තුළදී නීති අධ්‍යාපනයේ අසාර්ථකත්වයට බලපෑ කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමය. අතීතයේ සිට පවතින ප‍්‍රශ්නද නුදුරු කාලයක් තුළදී ඇති වූ ප‍්‍රශ්නද එක්තැන් කොට බැලීමේදී නීති අධ්‍යාපනය අසාර්ථකත්වය පිළිබඳ කතාව වඩා පැහැදිළි වනු ඇත. වර්තමානයේ ලංකාවේ මූලික වශයෙන්ම පවතින්නේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේදී ලංකාවට ඇතුළත් කරන ලද නීති පද්ධතියක් හා එම නීති පද්ධතියට අනුබද්ධව සකස් කර ගන්නා ලද නීති අධ්‍යාපනයකි.

බොහෝ දුරට ලංකාවේ නීති පද්ධතිය සැදුම් ලබන්නේ මහා බි‍්‍රතාන්‍යයේ මූළික නීතිය වන පොදු නීතිය හෙවත් ජදපපදප ඛ්අ යනුවෙන් හඳුන්වනු ලබන නීතිමය සම්ප‍්‍රදායයි. මෙම නීතිමය සම්ප‍්‍රදාය බොහෝ දුරට ගොඩනැගුනේ මහා බි‍්‍රතාන්‍යය තුළ විවිධාකාර ගැටලූ විසඳීමට යවන ලද විනිශ්චයකාර වරුන් එම ගැටලූ විසඳීමේදී යොදා ගත් තාර්කික මතයන් පදනම් කොට ගෙනය. මුලින්ම ඇති වුයේ රට තුළම පැවති ගැටලූ විසඳීමට ගන්නා උත්සාහයයි. එම උත්සාහය තුළින් යම් නීතිමය මූලධර්ම මතු වූ අතර එම මූලධර්ම මුළු රටටම බලපාන ආකාරයකින් වර්ධනය කර ගැනීම සිදු විය.

එසේ නිශ්චිත ඓතිහාසික පසුබිමක සැදුම්ලත් නීතිමය සංකල්ප, නීතිමය පණත් ලංකාවට ගෙන අවුත් ඉදිරිපත් කිරීමක් සිදුවිය. එනම් ලංකාවේම අභ්‍යන්තරික ගැටලූ විසඳීමක් කර ගන්නා උත්සාහය තුළින් නිර්මාණය වූවක් නොව වැඩිදියුණු වුණු නීති සම්ප‍්‍රදායක් ඇති රටක පැවති සම්ප‍්‍රදාය ලංකාව තුළට ගෙනඒමක් පමනක් මෙහිදී සිදු විය.

නීතිමය සම්ප‍්‍රදායක් ගොඩනැගීම යනු හුදෙක් නීතියක් නිර්මාණය කිරීමක් හෝ පණත් නිර්මාණය කිරීමක් නොවේ. නීතියක් ගොඩනැගෙන්නේ මහජනතාවගේ බුද්ධිය වර්ධනය වීමක් එම බුද්ධියට අනුව ප‍්‍රශ්න විසඳා ගැනීම පිළිබඳව හුරුපුරුදු වර්ධනය වීමක් හා වටිනාකම් වර්ධනය වීමක් සමඟය. එවැනි බුද්ධිමය වර්ධනයක්වත් මානසික වශයෙන් ජන මනස තුළ ඇතිවුනු උද්දීපනයක්වත්, වටිනාකම් පිළිබඳව ඇති වූ වර්ධනයක්වත් යන කිසිවක් ලංකාවට නීති ක‍්‍රමයක් ඉදිරිපත් කිරීමේදී ලංකාව තුළම සිදු නොවීය. එම නිසා සමාජ වින්‍යානය තුළත් පුද්ගලික වින්‍යානය තුළත් ඇති වූ විශාල වෙනස්කම් නීතිය තුළින් පිළිබිඹු වූයේ නැත. ඉතා වැඩිදියුණු නීති ක‍්‍රමයකුත් ඉතා පහළ මට්ටමේ පැවති මානසික මට්ටමකුත් එකිනෙකට හරස්ව පැවතියේය. මානසික තත්වයේ පැවති බුද්ධිමය සීමාවන් මෙන්ම සමාජ වින්‍යානය පිළිබඳව සීමාවන් වැඩිදියුණු කරමින් ඇති වුණු නීති ක‍්‍රමයක් ලංකාව තුළට ඇතුළු වූයේ නැත.

මෙහිදී මුල් අවධියේ පටන් ගෙන බොහෝ කාලයක් පැවති නීති අධ්‍යාපනය වූයේ එසේ වැඩිදියුණු වූ නීති සංකල්පයන් හා නීති ක‍්‍රමයන් හා පනත් කියා දීම පිළිබඳව උත්සාහයකි. මෙසේ දෙන ලද අධ්‍යාපනය කොපමන ප‍්‍රමාණයකට එම අධ්‍යාපනයට ලක් වන ශිෂ්‍යායා තුළ අභ්‍යන්තර ගතවීමක් සිදුවුණාද නැද්ද යන ප‍්‍රශ්නය කොයි අවස්ථාවකවත් සාකච්ඡුා වූයේ නැත. උගන්වන ලද දේ නැවත පුනරුච්ඡුාරණය කිරීමට පමනක් අධ්‍යාපනය සීමා විය. මෙම නීතින්ට පදනම්වුනු මූලික සමාජ සංකල්ප සංදර්භය පිළිබඳව අවබෝධය ඇති කිරීමටවත් එම සංකල්ප වල සැබැ අර්තකතනය කුමක්දැයි යන්න අර්තකතනය කිරීමටවත් කිසියම් හෝ උත්සාහයක් කොයි අවධියකදීවත් පැවතියේ නැත.

මේ නිසා නීතිය තුළ දෙබඩි සංකල්ප දරන පුද්ගලයෝ බිහිවිය. උඩින් ගත්කළ වැඩිදියුණු වූ සමාජ සම්ප‍්‍රදායක මූලධර්ම කියා දීමට ඔවුන්ට හැකියාව පැවතිනි. ඒවා පිළිබඳව අඩංගු මොන පොත් වලද මොන නඩු තීන්දු වලද ආදී වශයෙන් කියා දීමටවත් හැකියාවක් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට නොපැවතිනි. ඒ දෙබඩිතාවය ඇති වූයේ ඒවා කොපමන දුරකට ඔවුන් තුළම අභ්‍යන්තර ගතවී ඒවායේ වටිනාකම කුමක්දැයි හඳුනාගෙන එම මූළධර්ම වලට දර්ශනවාදය හා සමාජ අවශ්‍යතාවය කුමක්දැයි යන කරුණු වලට අවධානයක් නොදී එදිනෙදා නීති ක‍්‍රමය පවත්වා ගෙන යාමය. මෙහිදී සම්ප‍්‍රදායිකව හරි දේ කීමටත් එහෙත් ප‍්‍රායෝගික වශයෙන් ඒ දේ නොකර හැරීමටත් වෙනත් දෙයක් කිරීමටත් අමාරු නොවන මානසික තත්ත්වයක් බිහිවිය.

ඉංග‍්‍රීසි බලපෑම ලංකාව තුළ තිබෙනතාක් දුරට ඔවුන්ගේ බලපෑම උඩ මතුපිටින් උකහා ගත් බි‍්‍රතාන්‍ය නීති සම්ප‍්‍රදාය යම් තරමකට ක‍්‍රියාත්මක කිරීමක් සිදු විය. ඉන්පසු දශකයන්හිදී අතීතයේ පැවති සම්ප‍්‍රදායේ එම උණුසුම මත එම අතීත අත්දැකීම් අනුව කි‍්‍රයාත්මක කිරීමත් නීති අංශ වල කි‍්‍රයාත්මක වන්නන් අතරින් සිදු විය. එහෙත් ක‍්‍රමයෙන් මෙම තමන් තුළ ගැබ්ව තිබූ ස්වභාවික අදහස් ඒවා කොපමන පසුගාමී වුවත් ඉදිරියට ඒම පටන් ගන්නා ලදි. එම රට තුළ ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවති අතීත සංකල්පයන් මගින් බි‍්‍රතාන්‍යයන් විසින් ඉදිරිපත් කරන ලද සම්ප‍්‍රදාය ගිල දමන ලදි. මෙයත් සමඟ ඇතිවූයේ අතිශයින් හිතුවක්කාර වූත් තමන්ට කැමති ආකාරයට නීතිය නමා ගැනීමට උත්සාහ කරන්නා වූත් කිසියම්ම හෝ මූලධර්ම මත පදනම් නොවුණා වූත් නීතිමය ක‍්‍රමයක් හා නීතිය ක‍්‍රියාවට ගැනීමකි.

එම පසුබිම නීති අධ්‍යාපනය කෙරෙහිද බලපෑවේය. නීති ශිෂ්‍යයෙක් මූලික වශයෙන්ම නීති අධ්‍යාපනය සිදු කරන්නේ පංති කාමරය තුළ නොව රටේ සිදු වන දේ ගැන බලා සිටිමෙනි. පොලිසිය තුළ, නීතිපති ක‍්‍රමය තුළ, අධිකරණය තුළ නීතිය කි‍්‍රයාත්මක වන ආකාරය දෙස බලා දැන් රටේ කි‍්‍රයාත්මක වන්නේ මෙන්න මේ නීතියය යන අදහස ශිෂ්‍යා තුළ පැළපදියම් වේ. මේ හැර එය නීති අධ්‍යාපනයේ යෙදෙන ගුරුවරයා කෙරෙහිද බලපවත්වයි. ගුරුවරයාද තවදුරටත් උගන්වනු ලබන්නේ ඉහළ සම්ප‍්‍රදායක් තුළින් බිහිවූ මූලික නීති ක‍්‍රමයක් හා ඒ මත පදනම් වුනු තර්ක ක‍්‍රමයක් නොව රටේ පැවතීමට පටන් ගෙන ඇති විවිධ පළපුරුදු මත කි‍්‍රයාත්මක වන නීතිය බලා ඒ අනුව තමන්ගේ නෛතික සංකල්පයන් ගොඩනගා ගෙන ඒවා ශීෂ්‍යයන් මත පැටවීමය.

මෙහි ප‍්‍රතිඵලය වන්නේ වසරක් වසරක් පාසාම ශිෂ්‍යයා නීතියේ ගැඹුරු සංකල්ප ඒවාට පසුබිම් වුනු දර්ශනවාදය ඒවායේ එම මූලධර්මයන්ගේ ඇති අවශ්‍යතාවය ඒවා කොතෙක් දුරට සමාජයේ ප‍්‍රශ්න විසඳා ගැනීමට සඳහා අත්‍යවශ්‍ය වන අදහස් ද යන කරුණු මගහැර දමමින් ප‍්‍රායෝගික වශයෙන් නීතිය පිළිබඳව හිතුවක්කාර ආකාරයකින් හිතන්නට පුරුදු වීමය.

මෙහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ නීති හැදෑරීමේ අධ්‍යාපන පාඨමාලාවක එකම අරමුණ වන්නේ එම පාඨමාලාවට සම්බන්ධ වන ශිෂ්‍යයාට සහතිකයක් ලබා දීම පමනි. උපාධියක් වශයෙන් හෝ නීති විද්‍යාලයේ මෙන් වෙනත් ආකාරයක සහතිකයක් ලබා නොගෙන නීතිඥ වෘත්තියට ඇතුළු වීමට නොපුළුවන. එම නිසා එම සහතිකය කෙසේ හෝ ලබා ගැනීම හා ලබා දීම නීති අධ්‍යාපනයේ අරමුණ බවට පත් විය. ශිෂ්‍යයා තුළ කොතෙක් දුරට නීතිමය මුලධර්ම පිළිබඳව අවබෝධය තිබේද නීතිය පසුපස පවතින ගැඹුරැු දර්ශනවාදයන් පිළිබඳව අවබෝධයක් තිබේද එම නීතියට පදනම් වුනු පසුබිම හා එම නීතිය ඉවත් කර දැමුවහොත් එයින් ඇතිවිය හැකි විෂමතම ප‍්‍රතිඵල ආදිය පිළිබඳව කිසිදු අවබෝධයක් නීති ශිෂ්‍යයා තුළ ඇති කරන්නේවත් ඇති කිරීමට උත්සාහ කරන්නේ වත් නැත. සහතිපතක් අතට දීම මගින් අනාගතයේදී නීති වෘත්තියට සම්බන්ධ වීම සඳහා ඔහුට හෝ ඇයට අවසරය ලබා දේ. එහෙත් එම අවසරය දී ඇත්තේ කුමන ආකාරයක බුද්ධිමය වර්ධනයක් පවතින හුදෙක් කොයිම ආකාරයක සදාචාරාත්මක වර්ධනයක් පවතින, කොයිම ආකාරයක නීතිය පිළිබඳව ගරුසරුභාවයක් පවතින අය අතරද යන්න පිළිබඳව කාගේවත් අවධානයක් ඇති වන්නේ නැත.

අවධියෙන් අවධියට නීති අධ්‍යාපනය අගාධය කරා ළඟා වේ. එය නතර කර ගැනීම සඳහා කිසියම් හෝ උත්සාහයක්ද පවතින්නේ නැත. එපමනක් නොව නීතිය කි‍්‍රයාත්මක කරන ආයතන වල පහළ වැටීමත් සමඟ නීතිඥයාගේ මානසික තත්ත්වයේ පහළ වැටිමක්ද සිදු වේ. අතීතයේදී වෘත්තීයට නොසුදුසු යැයි ලජ්ජාවෙන් බැහැර කරන දේ පසුකාලයේ දී ප‍්‍රායෝගිකව කළ හැකි එකම දේ හැටියට පිළිගැනීමක් මතුවේ. උදාහරණයක් වශයෙන් නඩු ලබා ගැනීම සඳහා පොලිසියත් සමඟ සම්මුතියෙන් කටයුතු කිරීම මගින් වරද නිවැරදි යනුවෙන් කටයුතු කර පොලිසියටත් නීතිඥයාටත් ලාභයක් ලැබෙන ආකාරයේ සම්මුතීන් කරා එළඹීම දැන් විශාල වශයෙන් සිදු වන බවට රටේ සෑම තැනකම මතයක් ඇත. මේ පිළිබඳව කෙළින්ම සම්බන්ධයක් ඇති අය පවතින්නේ නීති වෘත්තිය තුළමය. ඔවුන් අතර කිසියම් ගරුත්වයක් රැුක ගැනීමට උත්සාහ කරන නීතිඥයෝ දකින්නේ සාර්ථකත්වය රැුඳී පවතින්නේ එවැනි අවිචාරාත්මක හා සාදාචාරාත්මක නොවන සම්බන්ධයන් තුළිනි. අවසානයේදී මේ නිසා අගතියට පත් වන්නේ නීතියේ සහන සොයා එන්නන්ගේ අයිතිවාසිකම්ය.

නීතිය කුමක් වූවත් වෙනත් නොයෙක් ආකාර වලින් ආරවුල් බේරා ගැනීම පිළිබඳව පොදු මතයක් පැතිරෙන අතර එම පැතිරීම සුළු ප‍්‍රශ්න වලදී මෙන්ම බරපතල ප‍්‍රශ්න එනම් ව්‍යවස්ථාව පිළිබඳ ප‍්‍රශ්න වලදී පවා කියැවෙන්නට පටන් ගනී. මේ තුළින් බිහිවන්නේ රටපුරාම නීතිය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයකුත් නීතිය පිළිබඳව අවිශ්වාසයකුත් එම නිසා ඇති වන අරාජිත තත්ත්වයකුත්ය. මේ සියල්ල ඇති කිරීම කෙරෙහි වගකියයුත්තන් අතරට නීති අධ්‍යාපනයේ යෙදෙන්නන්ද ඇතුළත් වේ.

Leave a comment

Gossip

හබරණ ඇතින්නියන් 7 මැරුවේ අපලයක් දුරු කරන්නලු..

හබරණ ඇතින්නියන් 7 මැරුවේ අපලයක් දුරු කරන්නලු..

හබරණ, හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේදී අභිරහස් ලෙස මිය ගිය ඇතින්නියන් හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැ...

මට වඩා සජිත් ජනප්‍රියයි..ඒත් ජනාධිපති වෙන්න ඕන මන්..- රනිල්ගේ අපූර්ව තීන්දුව

මට වඩා සජිත් ජනප්‍රියයි..ඒත් ජනාධිපති වෙන්න ඕන මන්..- රනිල්ගේ අපූර්ව තීන්දුව

අද උදෑසන පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන්ගේ ‍රැස්වීමෙදී රනිල් වික්‍රමසිංහ තමන් ජනාධිපතිවරණයට ඉදිර...

මහරගම බංගලාවක, ජනපති අපේක්ෂකයෙක් සහ ජනපති සොයුරෙක් රහස් කතාවක

මහරගම බංගලාවක, ජනපති අපේක්ෂකයෙක් සහ ජනපති සොයුරෙක් රහස් කතාවක

ජනාධිපති සොහොයුරෙකුට අයත් මහරගම විද්‍යාකර මාවතේ පිහිටි සුපිරි බංගලාවක මේ මොහොතේ ( 24 රාත්‍රියේ) රහස්...

සමාවෙන්න අයියේ..! ගෝඨා හොර ලියවිල්ලේ වැරැද්ද බාරගනියි.

සමාවෙන්න අයියේ..! ගෝඨා හොර ලියවිල්ලේ වැරැද්ද බාරගනියි.

තමන්ගේ අමරිකානු පුරවැසිභාවය පිළිබඳ ගැටලුව අවසන් කරගත් බවත් ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනිමේ...

Connet With Us