රණ විරුවා, රණ විරු ගාය සහ රණ විරු මාන්දම Featured

Friday, 11 October 2019 14:03

රණ විරු ගායට බෙහෙතක් දිය යුතුයි යැයි අපි කියන්නේ ඔය යුද්දෙ තියෙන කාලයේ පටන්මය. 'රණ විරුවා" රටට මහ ව්‍යයසනයක් වන බව එදා අපි දැක්කා සේම ඒ ව්‍යසනය ඇස් පනා පිටම සිදුවෙමින් පවතී..

'රණ විරුවෝ' , 'මහ විරුවෝ' හෝ යුධ විරුවෝ කියන්නේ අනෙක් පාර්ශ්වයක් ඝාතනය කර සුනුවිසිනු කර ජය ගන්නා සංවිධානාත්මක ආයුධ සන්නද්ධ කණ්ඩායමකි. එය රජයේ හෝ වෙනත් කණ්ඩායමක් විය හැකිය. ඔවුන් නියෝජනය කරන පාර්ශ්වයට ඔවුන රණ විරිවෝ මහ විරුවො යුධ විරුවෝ ලෙස කවරා කාරයකින් උත්කර්ෂයට නංවනු ලබන නමුත් ඒ තුල තිබෙන්නේ අනෙක් පාර්ශ්වයක් තලාපෙලා දැමීම ගැන කුරිරු සතුටය. එමෙන්ම එය එකම රටේ සහෝදර පුරවැසියන් අතර වන අරගලයක් මර්දනය කිරීමකදී මේ සන්නද්ධ සාමාජිකයා උත්කර්ශයට නංවන්නට තරම් ඒ කවර පාර්ශ්වයක් කටයුතු කළත් ඒ තරම් කාලකන්නිකමක් තවත් නැත.

අද මේ රටේ රණවිරුවා කියන්නේ සහෝදර දෙමළ පුරවැසියාගේ දේශපාලන ආර්ථික සාමාජීය සහ සංස්කෘතික ඉල්ලීම කුඩුපට්ටම් කර ඒ වෙනුවෙන් වූ දෙමළ පුරවැසියා ඝාතනය කර ඔවුන්ගේ සියලු හැකියාවන් වත්කම් විනාශ කළ අයයි. මෙය රටක් ලෙස ඒ රටේ පුරවැසියන් ලෙස අප ලැබු බරපතල පරාජයක් වන අතර ඒ යුද ජයග්‍රහනයන් සැමරීම අපගේ ම්ලෙච්ඡත්වය පෙන්වන කැඩපතකි. ඒ ගැන විවාද කරන්න දෙයක් නැත.. අනෙකෙකුට රණ විරුවා නොසිටියා නම් උඹලා ජීවතුන් අතරත් නැති වෙන්න තිබ්බාය උඹේ පවුලේ උන් බස් බොම්බයකට අහුවෙනන් තිබ්බාය ආදී වශයෙන් මේ ලියුම් කරුවාට චෝදනා කළ හැකිය. ඔව් එය එසේ විය හැකිව තිබිණි. ඉදිරියේදී වුව යම් කණ්ඩායමකගේ ප්‍රහාරයකට ලක් විය හැකිය.

නමුත් ප්‍රශ්නය තියෙන්නෙ එතැන නොවේ. ප්‍රශ්නය තියෙන්නෙ මේ ' රණවිරුවා හෝ යුධ විරුවා හෝ නමින් උත්කර්ෂයට නංවමින් කරන නාමකරනය යොදා ගනිමින් කරන තක්කඩි දේශපාලනය ගැනය. රණ විරුගාය කියන්නෙ එකටය. ඊට රණ විරුවන් හෝ වෙනත් විරුවන් පළි නැත. ඒ ගැන ඒ රණ විරු නාමකරණය ලැබූවන් හෝ කළඹල විය යුතු නැත..

අපට ගැටුමක් තියෙන්නේ රණ විරුවෝ කියමින් මැරෙන්න හදන මෝඩ මිනිසුන් සහ තක්කඩි දේශපාලකයන් සමඟය. සැබැවින්ම යුද්ධය සාධාරණීය කරනය කර ඒ රණවිරුවන් උත්කර්ෂය නැංවීම ඉවසා කල්පනා කළත් නියම ලෙස නම් රණවිරුවෝ යනුවෙන් හඳුන්වනු ලැබූවන්ම මේ රණ විරු ගායට එරෙහි විය යුතුය.

ඒ රණ විරුවා තමන් මේ රට වෙනුවෙන් කළ පරිත්‍යාගය , කැපවීම, තොරොම්බල් කරමින් විකුණමින් කරන තක්කඩි දේශපාලනයට මුලින්ම එරෙහි විය යුත්තේ රණ විරුවන්ය.. මේ තක්කඩියන් සෙල්ලම් කරනේ තමන් ජීවිත පරිත්‍යගයෙන් ගෝඩනගා ගත් තමන්ගේ අභිමානවත් ආත්මයයි.

එය තේරුම් ගැනීමට රණ විරුවාට මොළයක් නැත්නම් ඒකාට කිව හැක්කේ රණ විරු මාන්දම් කාරයෙක් කියාය.

 

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us