ගෝටා විතරක් නෙවේ. ඒ ඡන්දදායකයාද අපරාධ සහයකයෙකි. Featured

Monday, 21 October 2019 13:32

මේ අපරාධකරුවා රටේ ජනාධිපති කරන්න යම් අයෙකු කල්පනා කරන්නේ නම් එහි අදහස ඒ පුද්ගලයාද මෙවැනිම අපරාධකාර චරිතයක් ඇති අපරාධ සහයකයකු බවය.
මේ කිසිදු අපරධයක් සම්බන්ධයෙන් නන්දසේන ගොටාබය හෝ රාජපක්ෂ පවුලේ අනෙකෙකු හෝ නිදොස් වී නිදහස් වී නැත.

එක එක වටවංගු ගසමින් මේ විමර්ශන වලින් නඩු විභාග වලින් බේරී කට්ටි පැන පැන සිටිනවා හැර මේවායෙන් නිදහස් වීමට කිසිදු උත්සාහයක් ගෙන නොමැත. එසේ වන්නේ මේ කිසිවකින් ගැලවීම හැකියාවක් නැති නිසාය..

මොනම ක්‍රමයකින් හෝ යළි බලය අත්පත් කර ගන්න හදන්න මේවායෙන් ගැලවී සිටීමේ වුවමනාව නිසා මිස වෙන කෙන්ගෙඩියකටද නොවේ. පසුගිය රාජපක්ෂ පාලනය යනු අපරාධ හැර වෙනත් කිසිවක් නොකෙළ පාලනයකි. යමක් කළා නම් ඒ මේ අපරාධ වෙනුවෙන්මය. සංවර්ධන ව්‍යාපෘති ලෙස යම් යම් දේ සිදු කළේත් ඒ හරහා දැවැන්ත මුල්‍යමය අපරාධයක් සිදු කිරීමේ චේතනාවෙන් බව අද තහවුරුව තිබෙන්නෙකි.

මෙවැනි අපරාධකාරී පවුලක සාමාජිකයකු රටේ ජනාධිපතිවරයා කරන්නට අද කිසිවකු කල්පනා කරන්නේ නම් ඒ පුද්ගලයා මේ රට විනාශ කර හෝ තමන්ගේ බඩ ගෝස්තරය හොයා ගැනීමට පමණක් කලපනා කරන කාලක්ණ්නියෙකි. දේශද්‍රෝහියෙකි ජනතා ද්‍රෝහියෙකි. ඊට වඩා වෙන කියන්න දෙයක් නැත. ජාතිය ආගම ඉස්සරහට දමාගෙන රට ජාතිය ආගම රැක ගනනවාය කියන පට්ටපල් බොරුව ඉස්සරහට දමාගෙන මේ සියලු දෙනා කරන්නේ රටත් ජාතියත් ආගමත් පාවා දී තමන්ගේ බඩගොස්තරය සොයා ගැනීමේ කටයුත්ත පමණි.

රටට ජාතියට ආගමට සැබෑ ලෙසම ආදරය කරන්නෙකු . අඩුම තරමින් තමන්ගේ දුවා දරුවාගේ යහපත් අනාගතය ගැන කල්පනා කරන්නෙකු මේ රාජපක්ෂවරුන්ගේ යක්ෂාගමනයට කිසිසේත්ම සහය දෙන්නෙ නැත. එය පරාජය කිරීමට කටයුතු කරනවා ඇත.

මේ පහතින් පළ වන්නේ රාජපක්ෂල්ලාගේ අපරාධ ලැයිස්තුවෙන් ටිකක් පමණය.

1- මිග්යානා ගණුදෙනුව
2-මිලියන 300 තාත්තාගේ සොහොනේ මූල්‍ය වංචාව
3-සිරිලිය මුදල් වංචාව
4-සුනාමි මුදල් වංචාව
5-මුල්‍යවංචා කළ නෑදෑපිරිස තානාපතිවරු කරවීම
6-ඇවනගාර්ඩ් අවිගබඩා මූල්‍ය වංචාව
7-මල්වානේ / දෙණියායේ/කතරගම මාළිගා /ජනපති මැදුරේ භුගත මාලිගාව රට පුරා ඉඩම්
8-ශ්‍රීලංකන් එයාර් සහ මිහින් ලංකා මුල්‍ය වංචා/පාඩුව/අවභාවිතය
9-සී.එස්.එන්. මූල්‍ය වංචාව
10-පොඩි එකාගේ හඳට රොකට් යැවීමේ මූල්‍යවංචාව
11-විහාර පිං කැට දේවාල පිංකැට කොල්ල කෑම
12-විහාර දේවාල ඉඩම් දේපොල කොලල් කෑම
13-නාමල් රාජපක්‍ෂගේ අයථා මුදල් ඉඩම්ගණදෙනු
14-යොශිතගේ අයථා මුදල් ඉඩම් ගණුදෙනු
15-ඩේසි ආච්චිගේ මැණික් මල්ල
16-අසාර්ථක මත්තල/සහ කොමිස් ජාවාරම
17-අසාර්ථක හම්බන්තොට වරාය /සහ කොමිස් ජාවාරම
18-බැඳුම්කර වංචා /කොටස් වෙළඳපොළ වංචා
19- රත්තරන් ටොන් 40 ක් හොර රහසේ ජපානයට විකිණීම
20-ඊ.ටි.එෆ්. මුදල් අවභාවිතය
21-එල්ටීටීඊ යෙන් අත්පත් කර ගත් රත්තරන් සහ මුදල් අතුරුදන් කිරීම
22-සිල්රෙදි මුදල් අවභාවිතය
23-බැසිල්ගේ ගැල්වනයිස් පයිප්ප නඩුව
24-රාජ්‍ය දේපොළ කොල්ල කෑම
25-කෞතුකාගාරයේ පුරාවස්තු හොරකම් කිරීම/නිදන් හැරීම/ දුටුගැමුණු රජුගේ කඩුව සෙවීම
26 -අධිවේගී මාර්ග /සහ සියළු මාර්ග ව්‍යාපෘතිවලින් කොමිස් මුදල් ලබාගැනීම
27 -සූරිය වැව ක්‍රිඩාංගනයේ කෝටි ගණනක් හොරා කෑම
28- නෙලුම් කුළුනේ කෝටි 200 හොරා කෑම
29-ITN සහ රූපවාහිනී මුදල් වංචාව
30- ලලිත් කොතලවල වැනි ව්‍යාපාරිකයන්ගේ දේපොළ කොල්ල කෑම
31 ගුවන්සේවා සුරතලියන් හට අයථා ලෙස විශාල වැටුප් ගෙවීම
32-ලැම්බෝගිනි ගණුදෙනුව
33-ආර්යාවගේ ප්‍රංශ සවාරියට රාජ්‍ය මුදල් වැය කිරීම/
34-විදෙස් නිල සංචාර වලට හෙන්චයියන් දෙතුන්සීය රැගෙන යාම
35- ගෝල් ෆේස් ඉදිරිපිට හමුදා මූලස්ථානය විනාස කොට ඉඩම චීනයට සින්නක්කර විකිණීම
36 -බුත්තල පැලවත්ත ඩෝල් සමාගමට අක්කර 2500 සින්නක්කර විකිනීම
37 -සෝමාවතී පුරාවිද්‍යා භූමියේන් අක්කර 5000 ඩෝල් සමාගමට සින්නක්කර විකිණීම
38 - ශ්‍රි පාද අඩවියේ ඉඩම් සින්නක්කර විකිණීම
39 -ශ්‍රි පාද ඝාණ්ඨාරය /දොලොස් මහේ පහන සොරා ගැනීම
40-තාජුඩීන් ඝාතනය
41-ලසන්ත ඝාතනය
42-රතුපස්වල ඝාතනය
43-ධීවරයන් ඝාතනය /රොෂේන් චානක ඇතුළු කම්කරුවන් ඝාතනය
44-කොළඹ යාචකයන් ඝාතනය
45-දළදා මැදුර වටා නයිට් කාර් රේස් පැවැත්වීම
45-කොටි සෙන්පතියන් අමාත්‍යවරු කරවීම
46 -කීත්නොයාර් /
47-උපාලි  තෙන්නකෝන්ට /
48-පෝද්දල ජයන්තට පහරදීම
49-උතුරේ මාධ්‍යවේදීන් 30 කට අධික ප්‍රමාණයක් ඝාතනය කිරීම
50-ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම
50-රට බේරාගත් සෙන්පතියා සිරගත කිරීම/
51-මහේෂ් සේනානයක ඇතුලු හමුදා ප්‍රධානින්ව මරා දැමීමට තර්ජනය කිරීම
52-ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්ච්‍යකාරවරිය පහකිරීම
53-අධිකරණ විනිසුරුවරුන්ට මරා දැමීමට තර්ජනය කිරීම/රටින් පිටමන් කිරීම
54-මිතොටමුල්ල කුණුකන්ද නිර්මාණය
55-කුඩු ලංසා බේරාගැනීම /
56-මිනීමරු කුඩු දුමින්ද ආරක්ෂාකිරීම
57- නිර්දෝශී පුද්ගලයන්ට දඬුවම්දීම
58-ස්ත්‍රී දූශක , මිනීමරු ප්‍රාදේශීය මන්ත්‍රීවරු ආරක්‍ෂාකිරීම
59-උමා ඔය විනාශය/ පෝර්ට් සිටි පරිසර විනාශය
60 -බන්ධනාගාර රැඳවියන් 27 ඝාතනය කිරීම
61 -සුදු වෑන් වලින්  පැහැරගැනීම් කර/කප්පන් ගැනීම සහ ඝාතනය කිරීම
62- විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඝාතනය
63-ලලිත් සහ කූගන් ඝාතනය
64- නීත්‍යානුකූල ආණ්ඩුව පැහැරගැනීමට කුමණ්ත්‍රණය කිරීම

Last modified on Monday, 21 October 2019 13:38

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us