ගෝඨා..යනු මධ්‍යම පාංතික හිඟන්නාගේ වීරයාය Featured

Sunday, 27 October 2019 18:17

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාබය වෙනුවෙන් පෙනි සිටින අති බහුතරය සිංහල බෞද්ධ යනුවෙන් හඳුන්වා ගන්නා ජන කොටස නියෝජනය කරන මධ්‍යම පාංතික පිරිසකි. ගොඨාබය නැමැති මිලිටරි පෞර්ෂය ගොඩනැගී ඇත්තේ එම ජන කොට්ඨාෂය තුලය. යුද්ධය දිනූ වීරයා ලෙසත් කොළඹ ලස්සන කළ නිලධාරියා ලෙසත් මේ මධ්‍ය පාංතිකයන් ගොඨාව ඔසවාගෙන සිටිති.

ගොඨා මේ රට අවශ්‍ය යැයි ඔවුන් පෙන්වා දෙන එකමව වන්නේද මේ යුද ජයග්‍රහණයත් කොළඹ ලස්සන කිරීමත් කියන කාරනය නිසා පමණය. මේ දෙක පදනම් කර ගනිමින් මේ පිරිස ගොඩ නගන ගෝඨා වුවමනාව ගැන සලකා බැලීමේදී පැහැදිලි වෙන කරුණ නම් ඒ ඔවුන්ගේ හිඟන ආර්ථිකයට, හිඟන සංස්කෘතියට, හිඟන දේශපාලනයට අවශ්‍ය උත්පේරකයන් ලැබෙන්නෙ ගෝඨාගෙන් පමණක් යැයි කල්පනා කරන නිසාය. ගෝඨා විසඳුම් යෝජනා කරන්නේද මේ හිඟන්නන්ගේ අවශ්‍යතාවයට පමණි. පොදු මහ ජනතාව ඔහුගේ දර්ශන පථයට අහු වෙන්නේ ද නැත.

ඩුප්ලිකේට් මධ්‍යම පංතිය

මේ සිංහල බෞද්ධ මධ්‍යම පාන්තිකයා කියා කියන්නේ ඇත්තටම දේශපාලන ආර්ථික විද්‍යාවේදී හඳුන්වනු ලබන නියම මධ්‍යම පාංතිකයා නොවේ. සැබැවින්ම මධ්‍යම පාංතිකයන් ලෙස හැදින්විය හැකි ලබන ඉතා සුළු පිරිසක් මේ රටේ සිටියද මේ කෙරෙන දේශපාලනයට ඔවුන්ගේ ඇති දායකත්වයක් හෝ මැදිහත් වීමක් ඇත්තේ නැති ගානය. කොටින්ම එම පිරිස්සේ බහුතරය ඡන්ද පොළට යන්නේද නැත.

එහෙත් පොදුවේ මේ හඳුන්වනු ලබන සිංහල බෞද්ධ මධ්‍ය පාංතික කොටස යනු ග්‍රාමීය මූලයන් තවමත් කඩා නොගත්තු වැඩවසම් චින්තනයන් සහිත පිරිසකි. මොවුන්ගේ වුමනාවන් ගැන ඔවුන් හා කතා කරද්දී මේ ග්‍රාම්‍ය වැඩවසම් චිනතනය නිකම්ම එළියට පනී.

ඒක කොහොම වුවත් මේ අයගේ ප්‍රමුඛ වුවමනාවන් අනුව, මේ රට සිංහල බෞද්ධ විය යුතුය. ඊට අනෙක් සියලු ජන කොටස් යටත් විය යුතුය. ඒ සිංහල බෞද්ධ කම ‍රැකෙන නීති පද්ධතියක් තිබිය යුතු අතර , එය රටේ එකම නීතිය විය යුතුය.
රටේ නායකයා සිංහල බෞද්ධ විය යුතුය, අනෙක් සුලු ජාතීන්ගේ ඉල්ලීම වලට කන් නොදිය යුතුය. නමුත් සිංහල බෞද්ධයාට ඔවුන් ඇහුම්කන් දිය යුතු අතර ඒ පිලිපැදිය යුතුය.
ඊළඟට රටේ විනයක් තිබිය යුතුය. ඒ අනුව සිංහල බෞද්ධ ස්ථාවරයන්ට පටහැනි සියල්ල විනාශ කළ යුතුය. සිංහල බෞද්ධ සාදාචාරයට එරෙහි වන විනාශ කළ යුතුය.

මේ ඔවුන්ගේ දේශපාලන හිඟන කමයි. ඔවුන් ශිෂ්ඨ දේශපාලන අදහස් වලින් පොහොසත් නැත. ඒ හීඟනකම පිළිගන්නා නායකයා ලෙස ගෝඨාට පෙනී සිටීමේ අවස්ථාව ලැබුණේ මේ මධ්‍යම පංතියේ හිඟන බව ඔහුට දැනෙන බැවිනි. ඒ ඔහු නියෝජනය කරන්නනේ ද ඒ පංතිය වන බැවිනි. . ගෝඨාට යුද වීරයකු වන්නට පොටක් පැදුනේ ද ඒ නිසාය.

ආතල් කුඩුවීම

මේ මධ්‍යම පාංතිකයන්ට තිබෙන ගැටලුව අනෙක් ජන කොටසකගෙන් ඔවුන්ට ඇති කරදරයයි.. මේ අයට පාරේ යනකොට ඒ මධ්‍යම පාංතික ලෙවල් එකෙන් යාමේ අවස්ථාව තිබිය යුතුය. පාරවල් ලස්සනට තිබිය යුතුය. ශොපින් කරන්න ඒවාට ගැලපෙන තැන් තිබිය යුතුය. පංතියට උරුම ලෙඩ හැදුනාම චැනල් කරන්න ප්‍රයිවෙට් හොස්පිටල් තිබිය යුතුය. ජොගින් යන්න පාත් තිබිය යුතුය. විනෝද වෙන්න වෙනම තැන් තිබිය යුතුය. තමන්ටම කියා වාහනයක් ගෙයක් දොරක් ලැබිය යුතුය. නාගරික තට්‍ටු නිවාස වලට ආසා කරන්නේ ඒ නිසාය. මේ රටේ බහුතරයක් ජනතාව නොවිඳින විනෝදය ඔවුන් අපේක්ෂා කරයි

සජිත් ප්‍රේමදාස කාන්තාවන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලයේ දෙනවා කිව්වාම මේ සිංහල බෞද්ධ මධ්‍යම පාංතික පිරිස බරපතල අර්බුදයකට ගොස් තිබේ. ඊට ඇති විරෝධය සමාජ මාධ්‍ය තුල දෝරේ ගලා යමින් තිබේ.. එසේ වන්නේ තම විසින් පාවිච්චි කරන තවමත් සුඛෝපභෝගී පැළඳුමක් වන සනීපාරක්ෂ තුවා වන්නි හත්පත්තුවේ ඉන්න ගැනීත් අඳින්නට ගත්තාම තමන්ගේ ෂෝක් ලෙවල් ජීවිතයට කෙල වෙන බැවිනි.

ඒ කොහොම වුණත් අවාසනාවකට මේ මධ්‍යම පාංතික වීරයාගේ ප්‍රතිරූපය, මේ පසුගිය සති කිහිපයේදී දරුණු ප්‍රහාරයකට ලක්වී කඩා වැටී පුපුරා ගොස් ඇත.

ප්‍රතිපත්ති ප්‍රකාශය චොර විය

ගෝඨාගේ පළමු මාධ්‍ය සාකච්ඡාවෙන් ඇරඹුණු ඒ කඩා වැටීම දිගටම සිද්ධ වෙමින් තිබේ. තමන්ගේ කියා අදහසක් චින්තනයක් ඔහුට නැති බව දැන් සක් සුදක් සේ පැහැදිලි වී තිබේ. අනුන්ගේ අදහසක් හෝ වචන ගලාගෙන කියන්නට හැකියාවක් හෝ නැති බව පැහැදිලි වී තිබේ. පසුගියදා ඔහු විසින් ඉදිරිපත් කළ සිය ප්‍රතිපත්හි ප්‍රකාශනයද කිසිවකු බලපොරොත්තු වූවාට වඩා දුර්වල එකකි. අඩු තරමින් මීට දෙවසරකට පමණ පෙර ගෝඨා ෂැංග්‍රීලා හොටලයේදී පැවැත් වූ දේශනය තරමට හෝ මේ ප්‍රකාශනය ඉහළ මට්ටමක නැත.

ඉතා අසීරුවෙන් බොහෝ කරුණු කාරණා මඟ හැර ඉදිරිපත් කෙරුණු ලොලි පොප් ලොසින්ජර වර්ගයේ පොරොන්දු කිහිපයක් හැරුණු කොට මෙහි ගත යුත්තක් නැත..මෙය පැහැදිලිවම අර කිව් සිංහල බෞද්ධ මධ්‍යම පාංතිකයාගේ කනස්සලල්ටම හේතු වෙන්නකි. ඔවුන්ට තමන්ගේ හිඟනකමන් ගොඩ යෑමට තබා තිබූ බලාපොරොත්තු කුඩු පට්ටම් වී තිබේ.

මේ අතර කාලයේදී ගොඨා විසින්ම තමන් වෙතට පවරාගෙන තිබූ යුධ ජයග්‍රහණයේ අයිතිය අහිමි කර ගන්නා ලදී.. එතැනින් නොනැවතී රණ විරුවන් පාවා දෙන තැනට ඔහුට පත් වන්නට සිදු විය. සරත් ෆොන්සෙකා ආදීන්ගේ හෙළිදරව් නිසා ගොඨාගේ මිලිටරි පෞර්ෂය මුලුමනින්ම විනාශ වී ගියේය. ඔහු හුදු අමත්‍යංශ ලේකම් වරයකු පමණක් බවට පත් විය.

කොළඹ ලස්සන කිරිමේ බොරුව

දැන් ඔහුට ඉතුරුව තිබෙන්නේ කොළඹ ලස්සන කළාය කියන කතන්දරය පමණක් හිතනවා නම් ඒකත් වැරදි වැටහීමකි.

මේ ලස්සන කිරීමේ කතාවද මේ හිඟන මධ්‍යම පංතිකයන්ගේ ඔලුවෙ තිබෙන විකාරයක් මිස යථාර්තයක් නොවන්නේය.

කොළඹ නාගරිකය ලස්සන කරන හෝ ඒ වැඩි දියුණු කිරීමට රාජපක්ෂ පාලන සමයේදී අමුතුවෙන් සකස් කළ කිසිදු සැලසුමක් තිබුණේ නැත. ඊට පෙර යුග වලදී යෝජනා කර සැලසුම් කළ වැඩ පිලිවෙලවල් වල තැනින් තැන කොටස් ගෙන ක්‍රියාත්මක කිරීමක් හැර ඒවා විධිමත්ව සිදු කිරීමක් හෝ වූයේ නැත.

මේ අවිධිමත් විෂම බව නිසාම රාජපක්ෂලාට බලය අහිමි වීමත් සමඟ මේ බොරුව හෙළි විය.

ගොඨාබය කියනෙ කිසි සේත්ම දක්ෂ පරිපාලන නිලධාරියෙකු නොවේ. ඔහු නාගරික සංවර්ධන අධිකාරිය තමන් යටතට ගෙන කළේ කුමක්ද යන්න සොයා බැලීමේ ද ඔහු කළ අමු ප්‍රොඩාව හෙළිවෙයි. ඔහුට කොළඹ නාගරිකය සංවර්ධනය කිරීම ගැන කිසිදු සැලැස්මක් තිබුණේ නැත..
ඇත්තටම කරපු එකම දේ තිබුණු පැරණි ගොඩනැගිලි රෙපයාර් කිරීමය .පාරවල් වල පෙව්මන්ට් හැදීමය. මල් පොච්චි තැබීමය. වගුරු බිම් සුද්දකර. ජොගින් පාත් සැදීමය.

හමුදාව කුණු කානුවට වැටීම

දැන් මේවා මාර වැඩද.. මේවා මාර වැඩ වීමට නම් මේවා දිගටම නියමා කරයෙන් පවත්වාගෙන නඩත්තු කරගෙන යෑමේ වැඩ පිලිවෙලක් තිබිය යුතුය. එහෙත් එහෙම මොකවත් නැත.

මේ කටයුතු සියල්ල සිදු කළේ, හමුදාව හෝ සිවිල් ආරක්ෂක හමුදාව යොදාගෙනය. පාරවල් වල කාණු සුද්ද කළේ, පරණ ගොඩනැගිලි වල තීන්ත ගැවේ. පාරවල අතු ගැවේ. කුණු ඇද්දේ. මේ හමුදාවය. හමුදව සිටින්නෙ ඒවාට නොවේ. හදිසි අවශ්‍යතාවයකදී හමුදාව මෙවැනි කටයුතු සඳහා යොදවා ගැනීම විය හැකි නමුදු. නගර සභා කම්කරුවන් හෝ වැඩ බිම් කම්කරුවන් ලෙස හමුදාව දිගින් දිගටම යොදා ගැනීමේ හැකියාවක් නැත..

ඒ නිසා මේ කොළඹ ලස්සන කරන වැඩේ දිගටම නඩත්තු වෙන්න නම් ඊට සරිලන යාන්ත්‍රණයක් අවශ්‍යය. ඒ වෙනුවෙන් වෙනම මිනිස් ශ්‍රමයක් අවශ්‍යය , වැඩසැලසුමක්, ආයතනන ව්‍යුහයක් පරිපාලන සංවිධානයක් අවශ්‍යය..එහෙත් ඒ කිසිවක් තිබුණේ නැත.

නියෝගයක් දුන්නාම හමුදාව ඕනෑම දහදුරා වැඩක් හෝ කිරීමට බැඳී සිටිමේ වාසිය උපයෝගී කර ගත්තා විනා ගෝඨා කරපු කෙන්ගෙඩියක් නැත. යුද හමුදාවට අණ දීමට දක්ෂ සෙන්පතියකු සිටි නිසා ඒ ජයග්‍රහණය ලැබුවා මිස ගෝඨා කළ යුද්ධයක් නැත. කොළඹ ලස්සන කිරීමේ කතාවද එලෙසමය.

තමන්ගේ බොරු තමන්ට දරාගන්න අමාරු වීම

කොළඹ නාගරිකයේ සංවර්ධනය විධිමත් ලෙස ක්‍රමාණුකුලව සිදු කිරීමේ නිසි ක්‍රමවේදයන් හැදුනේ 2015 න් පසුවය.

දැන් ගෝඨා කළ බොරුව පැහැදිලිවම හෙළිදරව් ඇත. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි කොළඹ තබා නගරික සංවර්ධනය ගැන සඳහන් වන දේ මේ මධ්‍යම පාංතික හිඟන ආසාවන් තෘප්තිමත් කරන ලස්සන වචන ගොඩක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ වන විටත් ක්‍රියාත්මක සහ .යෝජනා අනුමත කර තිබෙන ව්‍යාපෘති වල නම් වෙනස් කිරීමකට වඩා දෙයක් එතැන නැත.

නාගරික සංවර්ධනයේ සුපිරි වීරයාට තමන් කළ බොරුව ඔහුටම දරා ගන්න නොහැකි වීම නිසා නම් වෙනස් කිරීමකින් සෑහීමකට පත්වන්නට සිදුව තිබේ.

කොහොමින් කොහොම හරි මේ වන විට සිංහල බෞද්ධ මධ්‍යම පාංතිකයාගේ හිඟන ජීවිතය ගොඩගැනීමට තිබෙන අවසන් අවස්ථාව ගෝඨාබය කර මත තිබෙන බවත් ගෝඨා දිනවීමෙන් හැර ඒ ජය ගත නොහැකි බවත් කල්පනා කරන පිරිස තවදුරටත් තමන්ගේ සුපිරි වීරයා අත්හරින්නේ නැත. ඒ මානසික හිඟනකම නැත්නම් වහල්භාවය නිසාය.

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us