හැංඟිමුත්තං කෙළින්නේ කවුද...? කා සමග ද...?

Monday, 09 March 2015 15:15

‘‘ඇවිළෙන ගින්නට පිදුරු නොදමනු!’’ නමැති ලිපියෙන් මා අවධාරණය කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ වී තිබූ විශේෂ ප්‍රවෘතියක් හේතුවෙන් ඇති වූ අලකලංචිය නිරාකරණය කරගැනීම සඳහා මාර්ගයක් පාදා ගැනීම ය. නමුත් මේ තෙපළ ම ඉන් ඔබ්බට කිසිවක් නොකී හෙයින් එය ඉන් අවසන් විය. එහෙත් 2015-03-08 දින ඉරිදා මව්බිම පුවත්පත සමග අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කළ සම්මුඛ සාකච්ඡාව හේතුවෙන් යළිත් ඒ සම්බන්ධයෙන් යමක් ලිවීමට සිත් විය.

අමාත්‍යතුමා මව්බිම පුවත්පත සමග සිළුමිණ පුවත්පත් කළ සාකච්ඡාවල දී ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ කළ එක් ප්‍රවෘත්තියක් ප්‍රත්‍යක්ෂ වි තිබිණ. එනම්, මීට පෙර (2010) වසරේ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර කුමාර දිසානායක මහතාට විජේදාස රාජපක්ෂ මහතා ලක්ෂ 25 ක මුදලක් ලබා දුන් බවයි. මෙම සාකච්ඡා දෙක සඳහා අධිකරණ අමාත්‍යතුමා ලබාදුන් පිළිතුරුවල පරස්පරතාවයක් ඇති බව ද මෙහි දි සඳහන් කළ යුතු ය. එනම්, මව්බිම පුවත්පතට පවසා තිබුණේ තමන්ගෙන් මුදලු ඉල්ලා සිටි විට ලක්ෂ 25 ක් ලබා දුන් බවයි. ඒ සඳහා හඳුන්නෙත්ති මන්ත්‍රිවරයාද සාක්ෂි දරන බව ද පවසයි. සිළුමිණ පුවත්පතට පවසා ඇත්තේ ඔහුට වයාපාරිකයකුගෙන් ලැබුණු මුදල් ජනතා විමුක්කි පෙරමුනට දුන් බවයි.

ගහල බැන්දත් බැඳල ගැහුවත් එකයි කියනවා සේ ප්‍රත්‍යක්ෂ වන ප්‍රධාන කරුණ නම් විජේදාස රාජපක්ෂ මහතා ජනතා විමුක්කි පෙරමුණට ලක්ෂ 25 ක් ලබා දී ඇති බවයි. නමුත් නමුත් එම සාකච්ඡා දෙකේ දී ම හෙළි නොවන කරුණ වන්නේ: ‘මෙවර අනුර කුමාර දිසානායක මහතා අධිකරණ අමාත්‍යතුමා වෙත චෝදනා එල්ල කරන්නේ යළිත් ලක්ෂ 25 ක් නොදුන් නිසා ය’ යන්න ය. මෙහි දී අධිකරණ අමාත්‍යතුමා සමග සාකච්ඡා කරන මාධ්‍යයවේදීන් දෙදෙනා ම ප්‍රශ්නය නොනගති. එය ඔවුන්ට අමතක වුවා ද එසේ නොමැති නම් ඔවුන් එය මගහැරියා ද යන්න සැක සහිත ය. එමෙන් ම 2010 වසරේ ජනතා විමුක්ති පෙරමුණට ලක්ෂ 25 ක් ලබා දුන් බව පවසන අධිකරණඅමාත්‍යතුමා යළිත් (ඇවන්ගාර්ඩ් සිදුවීමෙන් අනතුරුව) අනුර කුමාර දිසානායක මහතා මුදල් ඉල්ලුවා ද නැද්ද යන්න මෙම සාකච්ඡා දෙකෙහි දී ම සඳහන් නොකරයි. මෙහි ගැටලුව පවතින්නේ ‘අනුර කුමාර දිසානායක මහතා අධිකරණ අමාත්‍යතුමාට චෝදනා එල්ල කරන්නේ මෙවර ලක්ෂ 25 ක් නොදුන් නිසා’ යැයි ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පළ වූ පුවත නිරාකරණය නොවීම ය.


මෙහි දී ජනතා විමුක්ති පෙරමුණ ශුද්ධවන්ත යැයි ලියුම්කරු කිසිසේත් ම නොපවසමි. මන්ද ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකලාපයන් පිළිබඳ ලියුම්කරුට ද බොහෝ පුද්ගලික අත්දැකීම් ඇති බැවිනි. ප්‍රශ්නය පැනනගින්නේ ඒ ඉමේ නොවේ. මෙම චෝදනාව හරහා එක් අතකින් ජනතා විමුක්කි පෙරමුණ කප්පම්කරුවකු බවට පත්ව ඇත. අනෙක් පසින් රටේ අධිකරණ අමාත්‍යතුමා තමන්ට එරෙහිව එල්ල වු චෝදනාවක් සම්බන්ධයෙන් කප්පම් දීමට මැළි වූ බවක් දක්නට ඇත. කප්පම ලබාගැනීමට නොහැකි වූ විට අදාළ පාර්ශවයට චෝදනා එල්ල කිරීමට ජනතා විමුක්ති පෙරමුණ පෙලඹී ඇත.

මෙහි දී ජනතාවගේ සැකයට භාජනය වන්නේ මේ එක් පිලක් නොවේ. අධිකරණ අමාත්‍යතුමා සහ අනුර කුමාර දිසානායක මහතා යන දෙපළ ම ජනතාවගේ සැකයට භාජනය වීම අරුමයක් නොවේ. තව ද මව්බිම පුවත්පතේ සාකච්ඡාව මෙහෙය වු මාධ්‍යයවේදියා අනුර කුමාර දිසානායක මහතා ඇමතීමේ දී ඔහු දක්වා ඇති ප්‍රතිචාරය සම්බන්ධයෙන් ද උභතෝකෝටිකයක් පවතී. එනම් ඔහුගෙන් මේ පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලා සිටි විට ‘‘මේ සතියෙ ඕවට උත්තර දෙන්න බැහැ’’ වැනි බොළඳ ප්‍රකාශයක් කරමින් එය මගහැර යාම ය. ඇතැම් විට කාලය පිළිබඳ ප්‍රශ්නයක් විය හැකි ය. එහෙත් ඉන් අනතුරුව හෝ පුවත්පත අමතන්නට අනුර කුමාර දිසානායක මහතාට වගකීමක් ඇති බව ලියුම්කරු විශ්වාස කරමි. මන්ද ඇතැම් අවස්ථාවල දී ජනතා විමුක්කි පෙරමුණට එරෙහි ප්‍රවෘත්ති පළ වූ විට හෝ පළ වන්නටත් ප්‍රථම එම ප්‍රවෘත්ති ගලවා දැමිමට හෝ එය නිවැරදි කිරීමට කඩිනමින් ම ජනතා විමුක්කි පෙරමුණ මෙන් ම අනුර කුමාර දිසානායක මහතා මීට පෙර ක්‍රියාකොට ඇති බව මාධ්‍යය ක්ෂේත්‍රෙය් පතල බැවිනි.

දැන් ජනතාවට ඉතිරිව ඇති ප්‍රශ්න කෙබඳු දැයි විමසා බලමු...

ඇවන්ගාර්ඩ් සිදුවීමේ දී සැබැවින් ම අධිකරණ අමාත්‍යතුමා එයට මැදැහත් වී ද?

එබඳු මැදිහත්වීමකින් අනතුරුව එය ප්‍රසිද්ධියට පත් නොකිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ලක්ෂ 25 ක් ඉල්ලා සිටියේ ද? (ලංකා ඊ නිව්ස් පුවතට අනුව)

අධිකරණ අමාත්‍යවරයා ලක්ෂ 25 ක් දීම ප්‍රතික්ෂේප කළ හෙයින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම සිද්ධිය හෙළිදරව් කළේ ද?

එම ලක්ෂ 25 ලැබුණේ නම් මෙම සිද්ධිය (එබඳු සිදුවීමක් සිදු වී ඇත්නම්) යටපත් වන්නේ ද?

ලක්ෂ 25 ක් ලබාගෙන එබඳු සිදුවීමක් යටපත් කිරීමේ සදාචාරාත්මක අයිතියක් ජනතා විමුක්ති පෙරමුණ සතුවී ද?

එමෙන් ම 2010 මැතිවරණයේ දී සැබැවින් ම ජනතාවිමුක්ති පෙරමුණ හෝ අනුර කුමාර දිසානායක මහතා විජයදාස රාජපක්ෂ මහතාගෙන් ලක්ෂ 25 ක් ලබාගත්තේ ද?

එසේ ලබාගත්තේ නම් ඒ කුමන පදනමක් යටතේ ද?

අදාළ පාර්ශව දෙපළ දෙපසට වී හැංගි මුත්තං නොකෙළ මෙහි සත්‍යය ජනතාවට හෙළිදරව් කළ යුතු ය. මන්ද මෙය බරපතල දේශපාලන ගැටලුවකි. හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ ද මේ වන විට ඇවන්ගාර්ඩ් සිද්ධියෙන් නිදොස් වි ඇත. එවැනි පසුබිමක් තුළ මෙය වඩාත් බරපතල කාරණයකි. එසේ නොවන්නේ නම් අනුන්ගේ ඇසේ තිබෙන කුණු රොඩ්ඩ අරන් දැමීමට උත්සාහ කරන අයට ඔවුන්ගේ ඇසේ තිබෙන පොල් පරාලය පෙන්වීමට ජනතාව පසුබට නොවනු ඇත.

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us