පුරාවස්තු කොල්ල කෑ පවුලක් යහමින් සිටින රටේ උදය ශ්‍රී කළ වරද කිම..?

Wednesday, 11 March 2015 11:20

නො ජ මරණ තොමො (අ) න දී නො මරනා තෙක්නි

ජිවි නහෙයි තොමො නු (රා) මා (යෙ) වෙන බියෙනි

ඇතුළතිනි ජු බැහැරියෙන් එක වට ග ත [නි]

අබු මිනිසුන් ඉසිලු කු (ළ) පිනූ සෙයි (නි)

සීගිරි ගී සිරි - වි. ජ. මු. ලොකුබණ්ඩාර පිටුව 29

පුරාවිදු පර්යේෂක මහැදුරු සෙනරත් පරණවිතානයන්ගේ නිගමනයට අනුව මෙම ගී ලියවී ඇත්තේ ක්‍රි: ව: 8-10 අතර කාලයේ ය. එනම් මීට වසර 2007 – 2010 ඉහත අවධියක දී ය. මෙය ආදර ගීතයකි; විරහ ගීතයකි. මෙය රචනාකොට ඇත්තේ පෙම්වතෙකි. ඔහු සිය පෙම්වතියට පවසන්නේ ‘ඔබ අණකරන තෙක් මට මැරෙන්නට වරම් නැති බවත්, මන්ද මා වෙත ඔබ බැඳි ආදරය මිය යතියි සිතෙන හෙයින් මා මරණයටද බියවන බවත් එහෙයින් අප එකට බැඳි සිටින බවත්’’ ය.

එහි යටි අරුත් පෙළ දෙස විමසුම් ඇස යොමු කළ හොත් දක්නට ලැබෙන්නේ සිය පෙම්වතිය අණ කරන ඕනෑම මොහොතක ඔහු මරණයට සූදානම් බව යි. සිය පෙම්වතියට ඔහු එපා යැයි සිතුණු මොහොතක ඔහුට ද සිය ජීවිතය එපා වන බව යි. මේ කවියාගේ මතුපිට ජීවිතය මෙන් ම හෘදභ්‍යාන්තරයෙන් ද විඳින පීඩාව යි. එය වඩාත් අර්ථ ගන්වන්නේ නම් කවියා පවසන්නේ ස්ත්‍රියක් කෙරෙහි බැඳුණ පුරුෂයාට කුමන හෝ සැනසිල්ලක් නොමැති බව යි. හෙතෙම යම් ආකාරයකින් කන්දකින් පහළට පනින්නේ නම් එසේ කළා යැයි වැටහෙන්නේ කන්ද පාමුල පතිතවීමෙන් අනතුරුව බවයි. මෙය පුරුෂයකුට මෙන් ම කාන්තාවකට ද එසේ ම විය හැකි ය.

එය වඩාත් සාක්ෂාත් කළේ මේවන විට දෙවසරක සිර දඬුවමකට යටත්ව සිටින මඩකලපුවේ සිත්තාන්ඩි ප්‍රදේශයේ පදිංචි සින්නතම්බි උදය ශ්‍රී තරුණි යි. ඇයට එල්ල වූ චෝදනාව පුරාවස්තුවලට අලාබහානි කිරීම ය. එනම් ඇය සිය පෙම්වතාගේ නම කොණ්ඩකටුවකින් කැටපත්පවුරේ සටහන් කිරීම ය. නමුත් ඇගේ මව පවසන්නේ ඇය කුරුටුගෑවේ ඇගේ පෙම්වතාගේ නම නොව සිය යෙහෙළියගේ නම බවයි. කෙසේ වෙතත් මේ දෙදෙනාම ඇගේ ආදරයට පාත්‍ර වූ තරුණයකු හෝ තරුණියක විය හැකියි. මේ ආදරයේ ප්‍රහර්ෂය යි.

මීට වසර දෙදහසකට පෙර සීගිරිය නැරඹීමට පැමිණි පුද්ගලයකු ද ප්‍රත්‍යක්ෂ කොට තිබෙන්නේ ඒ ආදරයේ ප්‍රහර්ෂය යි. නමුඳු එදා සීගිරියේ කැටපත්පවුරේ ගී ලිවාට අද එය එසේ කළ නොහැකි ය. සීගිරිය යනු මේ වන විට ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති පෞරාණික ස්ථානයකි. පුරාවිද්‍යා පනතට අනුව නම් පෞරාණික වස්තු අවභාවිතා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එය අප ද එක හෙළා පිළිගන්නෙමු. එහෙත් මේ දමිළ තරුණිය සැබැවින් ම මෙලෙස කැටපත්පවුර කුරුටුගෑවේ සිතාමතාම එය අවභාවිතා කිරිමට නොවන බව පැහැදිලි ය. ඇගේ ජිවිත පසුබිම දෙස බලනවිට එය මැනවින් පැහැදිලි වේ.

දැනට 23 වන වියේ පසුවන ඇය සිය ජිවිත කාලයෙන් වසර 14-15 ආසන්න කාලයක් ගතකොට ඇත්තේ යුද පසුබිමක් තුළ ය. ඇතැම් විට ඇය පිටස්තර ලෝකය දුටු පළමු වතාව මෙය විය හැකි ය. සිගිරි කැටපත්පවුරේ ඓතිහාසික වටිනාකම ඇය දැන නොසිටින්නට පිළිවන. එය වඩාත් තහවුරුවන්නේ ඇගේ මවගේ ප්‍රකාශයෙනි. එනම්, ඇය පවසන්නේ සිය දියණිය සිංහල නොදන්නා බවයි. පුරාවිද්‍යාත්මක භාණ්ඩ හෝ ස්ථාන අවභාවිතා කිරීම දඬුවම් ලැබියහැකි වරදක් බව දෙමළ භාෂාවෙන් සඳහන්ව තිබුණා ද නැද්ද යන්න පැහැදිලි නොවුව ද එසේ තිබුනා නම් මෙවැනි සිදුවීමක් නොවන්නට තිබූ ඉඩකඩ වැඩි බව පැහැදිලි ය.

එසේ දෙමළ භාෂාවෙන් නොතිබුණා යැයි සිතන්නට හැකි කදිම සාක්ෂියක් ලියුම්කරු පුද්ගලිකව අත්විඳ ඇත. එනම් මීට වසර පහකට පමණ පෙර කෘතිම සීගිරි ගල පිළිබඳ වාර්තාමය වැඩසටහනකට ගිය මොහොතේ සීගිරිය පාමුළ පිහිටි විශාල දැන්වීම් පුවරුවක අදාළ ස්ථානය පිළිබඳ විස්තර සටහන්ව තිබුණේ සිංහල සහ දෙමළ භාෂාවෙන් පමණි. මෙය සංචාරකමණ්ඩලය මගින් සවිකොට තිබු අතර ඒ සඳහා අනුග්‍රාහකත්වය සපයා තිබුණේ ජාතික ලොතරැයි මණ්ඩලයෙනි. සංචාරක මණ්ඩලයමගින් ප්‍රදර්ශනය කළ අතිවිශාල දැන්වීම් පුවරුව සංචාරකයන්ට කියවිය නොහැකි භාෂාවකින් සැදුම් ලද්දේ නම් මෙම සිද්ධිය වු ස්ථානය අවට අදාළ ස්ථානය පිළිබඳ වටිනාකම සහ ඒවා අවභාවිතා කිරිම පිළිබඳ දෙමළ භාෂාවෙන් නොතිබිම අරුමයක් නොවේ.

ඒ එක් දුර්වලකමක් පමණි.

පුරාවිද්‍යා පනත සහ එහි නීති රීති පිළිබඳ කිසිවක් නොදන්නා තරුණියක් මෙවැනි වරදක් කළ බවට මහත් ආන්දෝලනයක් ඇති වුව ද කොළඹ නගර සංවර්ධනය වෙනුවෙන් ඒ නගරය අවට තිබූ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන කොපමණ හානියට පත්කර ඇත් ද? එහි වඩාත් ශෝචනීය සිද්ධිය නම් කොළඹ වරායේ මාර්ගවල අතුරා තිබු වසර 200 ට වඩා පැරණි කළු ගල් ඉවත් කිරීමය; ඉන් නොනැවති එම ගල් උපයෝගි කොටගෙන පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයකුට හෝ ප්‍රභලයන් කිහිප දෙනකුට භාවනා කිරීම සඳහා ආරාමයක් තැනීම ය. හින්දි නිළියන්ට ආප්ප කඩ පවත්වාගෙන යාම සඳහා නවිකරණය කළ ගොඩනැගිල්ල ද ඓතිහාසික උරුමයකි. පුරාවිද්‍යාත්මක ගොඩනැගිල්ලකි.

පසුගිය ආණ්ඩු සමයේ ලෝක උරුමයක් වූ සිංහරාජ වනාන්තරය දෙකඩ කරමින් මාර්ග තනන්නට විය. තවත් ලෝක උරුමයක් වූ. සිංහල, දෙමළ මෙන්ම මුස්ලිම් ආගමිකයෝ ද මහත් බැතියෙන් වන්දනා කරනා ශ්‍රිපාදස්ථානය ද හෝටල් සැදීම සඳහා භාවිතයට ගත්තේ ය. ඒ සාපරාධී අපරාධ කළවුන් තවමත් නිදැල්ලේ ය. ඔවුන්ට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

දු‍ටුගැමුණු රජුගේ කඩුව සොයා පුරා වස්තු කොල්ල කෑ පාලකයකුද මෙරට සිටියේය. එපමණක් නොව පසුගිය සමයේ රටපුරා විවිධ ස්ථානයන්හි නිධන් හාරද්දී අතීතයේ විසූ රජවරුන් තැන්පත් කොට තිබූ නිධන් හාරා ගත්තාට කම්නැතැයි කී පුරාවිද්‍යා චක්‍රවර්තිලා ද විසූහ. සොරකම් කිරීම මෙන්ම සොරකමට අනුබල දීම ද දඬුවම් ලැබිය යුතු වරදකි. එමෙන් ම පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ කිරීම මෙන් ම එයට අනුබල දීම ද වරදකි. එහෙත් මේ චක්‍රවර්තිලා තවමත් නිදහසේ යෙහෙන් වැජඹෙති. ඔවුන්ට කිසිඳු චෝදනාවක් හෝ නොනගන්නේ නම්, නොදන්නාකමට මේ තරුණිය කළ වරදට සමාව දිය නොහැකි ද? එසේත් නොමැති නම් ලිහිල් දඩුවමකට ලක් කළ නොහැකි ද? අවම වශයෙන් එම සිරදඬුවම අත්හිටවූ (ඇඟ බැඳීම) සිරදඬුවමක් බවට වෙනස් කළ නොහැකි ද? මේ සම්බන්ධයෙන් කථිකාවතක් ගොඩ නැගිය යුතු ය.

මේ මොහොතේ ඇතැම් ජාතිවාදින් ඇවිළෙන ගින්නට පිදුරු දමමින් ඇය මෙම වරද සිතා මතා කළ බවට මතයක් පතුරමින් සිටිති. ඒ අමනයන් උත්සාහ කරන්නේ බොර දියේ මාළු බෑමට ය. එහෙයින් මෙම ‘තරුණිය කළ’ නොව ‘ඇය අතින් නොදැනුවත්ව සිදු වූ වරදට’ සමාව දී ඇය මෙම සිර දඬුවමෙන් නිදහස්කරන ලෙස අප ආයාචනා කර සිටින්නේ සැබැවින් ම ඇගේ සමාජිය පසුබිම පිළිබඳව ද අවධානය යොමු කරමිනි. වරදට දඬුවම් දිය යුතු බව සැබවි. එහෙත් නොදැන කළ වරදට සමාව දීම මනුෂ්‍යය ගතියකි. ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කොට රටේ උගත් බුද්ධිමත් කොටස් එකතුව නව ජනාධිපතිතුමා ද මේ පිළිබඳ දැනුවත් කොට අවම වශයෙන් ඇයට ‘‘ජනාධිපති සමාවක්’’ හෝ ලබා දීමට කටයුතු කරන්නේ නම් එය රටේ ගෞරවයට ද හේතු වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us