අද පන්සල කියන හැම දේටම එහෙයි කියන්ට වෙලා - සමන්ත භද්‍ර හිමි

Saturday, 07 March 2015 13:41

පිටිදූවේ සිරිධම්ම හෙවත් සමන්ත භද්‍ර හිමිගේ ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේගේ ආරාමයේ පැවැත්වූ දානමය පිංකම අරබයා විවිධ පාර්ශවයන් වෙතින් විවිධාකාරයේ විවේචන එල්ල විය. එදා උන්වහන්සේ ඒ සියල්ල සාවධානව අසා සිට පසුගිය පොහොය දිනයේ එම ආරාමයේ පැවති ධර්ම කථිකාවේ දී අදාළ පාර්ශවයන් වෙත පිළිතුරු සැපයූහ.

සැබැවින් ම උන්වහන්සේගේ ප්‍රකාශය පිළිබඳ සිහිබුද්ධියෙන් විමසා බැලු විට එහි යම් සත්‍යයතාවක් ද ඇතැයි සිතුණි. මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ අදහස් දරනු නියත ය. උන්වහන්සේ එම ප්‍රකාශයේ දී ඍජුව ම පුවත්පත් මාධ්‍යය වෙත සිය විරෝධය එල්ලකර ඇත. විශේෂයෙන් ම ‘‘මව්බිම’’ පුවත්පතට දැඩි ලෙස විවේචනය එල්ල කොට ඇත. උන්වහන්සේගේ වචනයෙන් ම පවසන්නේ නම් මව්බිම හිමිකරු සහ කර්තෘ මණ්ඩලය කිසිම දිනක පිංකමකට හෝ පාටියකට ගොස් නැත. ඔවුන් ජිවත් වී ඇත්තේ තුඹසක ය.

එමෙන් ම උන්වහන්සේ මෙහි දි විශේෂ ප්‍රකාශයක් කළහ. එනම් ලාංකීය ජාතිය වඳ පීදි ඇති බවයි. ඒ සඳහා වගකිව යුත්තන් ලෙස උන්වහන්සේ ප්‍රකාශ කළේ මෙරට වෙසෙන ස්වාමින්වහන්සේලා බහුතරයක් සහ පුවත්පත් මාධ්‍යයකරුවන් බවයි. පුවත්පත් මාධ්‍යයකරුවන් රට කෙතෙරම් නොමග යවා ඇද්දැයි කිවහොත් මේ රටේ කාන්තාවන් දැන් දරුවන් නොවදා බිත්තර දමන්නේ යැයි පළ කළහොත් පසුදින සිට අස්ගිරි මහනායක හිමියෝ පවා එයම වදාරණ බව ප්‍රකාශ කළහ. මේ රටේ මිනිසුන්ට අලුතින් යමක් හිතන්නට ඉඩ නොදෙන්නේ ද ස්වාමින් වහන්සේලා, දේශපාලකයෝ සහ පත්තරකාරයන් බව ප්‍රකාශ කළ අතර එයට දැඩි ලෙස විරුද්ධ වන බවත්, ඊට විරුද්ධව සටන් කරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ වෙත මුද්‍රිත මාධ්‍යය වෙතින් එල්ල කළ අභියෝග සහ විවේචන එකින් එක ගෙන ඒ සඳහා පිළිතුරු බැන්දේ ද බෞද්ධ දර්ශනයෙන්, සුත්‍ර පිටකයෙන් සහ ජාතක කතාවලින් ම වීම විශේෂිත ය.

එක් පුවත්පතක් උන්වහන්සේ බටයකින් බීම පානය කළ බව ප්‍රකාශ කර සිටිය ද බුදුන් වහන්සේ බෝධිසත්වයකු ලෙස උණ බටයෙන් ජලය පානය කොට ඇති බව නලපාන ජාතකයේ සඳහන්ව ඇති බව ප්‍රකාශ කළහ. අද උණ ගස් සියල්ල කපා දමා ඇති හෙයින් ප්ලාස්ටික් බට භාවිතා කිරීමට සිදු වී ඇති බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ මෙහි දී වඩාත් අවධානය යොමු කළේ ස්වාමීන් වහන්සේලා මස් මාංශ අනුභව කිරීම පිළිබඳව ය ඒ සම්බන්ධයෙන් තැන තැන කතිකා නොකොට ඕනෑම ගිහි පුද්ගලයෙක් හෝ ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ ඉදිරියට පැමිණ කරුණු විමසන ලෙස ප්‍රකාශ කළ අතර ජීවක සූත්‍රයේ කෝමාර භච්ඡ නමැති ජිවකයා එදා බුදුන් ඉදිරියට පැමිණ එසේ ප්‍රශ්න කළ බව ද ප්‍රකාශ කළහ.

ෆ්‍රැන්සිස් බේකන් නමැති මහා දාර්ශනිකයා ජිවත්ව සිටි සමයේ ද පැවතියේ මෙවැනි තත්ත්වයක් බවත්, එදා පල්ලිය කියන හැම දේට ම එහෙයි කිව්වා සේ අද පන්සල කියන හැම දේටම එහෙයි කියන්ට සිදු වී ඇතිබව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ. යම් ආකාරයකින් පන්සල විවේචනය කළහොත් පාංශ කූලයට නොවඩින බවට ඇතැම් ස්වාමින්වහන්සේලා තරජනය කරන බවත්, සත්‍යය ප්‍රකාශ කිරීම හේතුවෙන් එසේ යම් කෙනෙකුට ස්වාමීන් වහන්සේ නමක් තර්ජනය කළේ නම් ඒ ඕනැම පුද්ගලයකු වෙනුවෙන් පාංශකූලය දීම සඳහා උන්වහන්සේගේ ආරාමයෙන් භික්ෂුන් සැපයිය හැකි බව ද උන්වහන්සේ ප්‍රකාශ කලහ.

එදා බුදුන්වහන්සේ ගේ සුවඳ කුටියේ බිම සඳුන් ලි අතුරා තිබු බවත්, ලංකාවේ සඳුන් ලී නොමැති බැවින් සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේ කුඹුක් ලී අතුරා ඇති බවත්, අද පත්තරකාරයන් එදා සිටියා නම් සැවැත් නුවර ජේතවනාරාමයත් ෆයිව් ස්ටාර් හෝටලයක් ලෙස නම් කරන බව හොඳට ම විශ්වාස බවත්, උන්වහන්සේ ප්‍රකාශ කළහ.

වැඩි දුරටත් දේශනා කළ උන්වහන්සේ...

මම කැමතියි මේ චෝදනා කරන අයට සද්ධර්ම රත්නාවලිය සහ පූජාවලිය කියවල එන්න කියන්න. ඒ පොත් දෙකේ මේ විස්තර ඔක්කොම තියෙනකවා. ඒකෙ තියන එක දෙයයි කරන්න බැරි. ඒ තමයි අලි ගේන එක.

කාමසුඛල්ලිකානු යනු කාල බීල සැපට ඉන්න එක ද? යම් හොඳ කැමක් බීමක් කාමසුඛල්ලිකානු වෙන්නෙ පළමු දවසෙ විතරයි. ටික දවසකින් ඒක අත්ථකිල මථානු වෙනවා. එදාට ඒ මේසෙට හිඟන්නෙක් වාඩි කළොත් ඒක හිඟන්නට කාමසුඛල්ලිකානු වෙනවා. එකම කෑම මේසය එක්කෙනකුට අත්තකිලමතානු වෙලා අනෙකාට කාමසුඛල්ලිකානු වෙන්නෙ කොහොමද? කාමසුඛල්ලිකානු කියන්නෙ විඳින්න විඳවන්න ඇති කැමැත්ත මිස සැප විඳීම නොවේ.

බෞද්ධ සම්ප්‍රදාය කියන්නෙ රාජකීය සම්ප්‍රදායක්. ලෝවාමහාපාය තට්ටු නවය යි. එදා මේ පත්තරකාරයො හිටියනම් කියයි මේක ග්‍රෑන්ඩ් ආගමක් කියල. ඔව් බෞද්ධ සම්ප්‍රදාය කියන්නෙ රාජකීය සම්ප්‍රදායක් තමයි. හැබැයි අපි හැසිරෙන්නෙ හරියට ජෛයිනයො වගේ. මම කරන්නෙ ජෛන සම්ප්‍රදාය මේ උතුම් සම්ප්‍රදාය සමග හැප්පීම යි.

දුටුගැමුණු රජ්ජුරුවො දානෙකට වටු මස් දුන්නා. මේ පත්තරකාරයො එදා හිටියනම් කියයි හාමුදුරුවො රජ්ජුරුවන්ටත් මස් කන්න එපා කියල වටු මස් කනව කියල. මේව නොදැන කතාකරන්න එපා. හාමුදුරුවො මස් කන්නෙ හොරෙන්. අපි ඒක හොඳට ම දන්නවා. නමුත් බුදුන් වහන්සේ කන්න එපා කිව්වෙ මස් වර්ග 10 යි. අලි මස්, මිනී මස්, බලු මස්, සර්ප මස්, වලස් මස්, සිංහ මස්, ව්‍යාග්‍ර මස්, ආදිය සහ ත්‍රිකෝටික පරිශුධ මාංශ එපා කියල තියෙනවා. ඒ කියන්නෙ අදාළ භික්ෂුව වෙනුවෙන් මරපු සතුන්ගේ මස්. අපි කියන්නෙ ඒකයි මෙහේ දානයට කියල සත්තු මරන්න එපා. මරපු දෙයක් දෙන්න පුළුවන්.

සිහ සේණාධිපති සුත්‍රයේ තේය සේනාපතියා බුදුන්ට ඌරු මස් පූජ කරනකොට මිනිස්සු පෙළපාලියක් ගිහින් තියෙනවා. මම හිතුව ලංකාවෙ මිනිස්සු බුද්ධිමත් කියල මොන... ඒ පෙළපාලිය ආයි ලංකාවෙත් ගියා.

සමහර අය කිව්ව දානෙ ඉව්වෙ පන්සලේ කියල. පන්සලේ උයන්නෙ නැතුව තුංමං හන්දියෙ ගිහින් උයන්න ද? තුංමං හන්දියෙ උයන්නෙ සමයමට උයන පිදේනි. මෙහේ පන්දහසකට කෑම උයන්න පුළුවන්. අදත් දාහකට උයනවා. ඒක රහසක් නෙවෙයි. මේ පන්සලට ලංකාවෙ හතරදිග්භාගයෙන් ම මිනිස්සු එනවා. දවසකට සීයක් විතර කැමට ඉන්නවා. දානය මහත්ඵල වෙන්නෙ ලබන්නා සතුටු වුණාම. එහෙම නොවුණාම ඒකෙ ඵලයක් නැහැ. ඒ නිසා තමයි ලබන්නා සතුටු වෙන පිංකමක් මම කරේ. මම කළ හැම දෙයක් ම බුද්ධ ප්‍රඥප්තියට අනුකුල යි. ඒක එහෙම නොවෙයි කියන ඕනම මහනායක හාමුදුරු නමකට මගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. අපිට බෞද්ධ සම්ප්‍රදායක් තියනව කියල තවම කියන්න බැහැ. මොකද මේ ජාතිය අන්ධ කරල තියෙන්නෙ. මම නැවතත් කියනව... ඒකට වගකියන්න ඕන පන්සලයි, පත්තරයි දේශපාලකය යි.

ලකුන්ඨික භද්ධිය කුරුමිට්ටෙක්, නමුත් රහතෙක් ඉස්සර ආත්මෙක කාෂ්‍යප බුදුන්ට චෛත්‍යයක් හදනකොට මෙයා කිව්වලු ඔච්චර මුඩු මහනෙකුට ලොකු එකක් අවශ්‍ය නැ පුංචි එකක් බඳිමු කියල. පිංකම බාල්දු කළා. රහත් වුණත් කුරුමිට්ටෙක් වුණා. මම කරපු පිංකම හැල්ලු කරපු පත්තරකාරයො මොන වගේ මිට්ටො වේවිද? අලුත් පත්තරකාරයන්ට වෙනම ප්‍රේත ලෝකයක් හදල තියෙනවා. ඔවුන් යන්නෙ ඒ ලෝකෙට.

සිංගප්පූරුවේ හිටපු ලී ක්වාන් යූ අමුතු මිනිහෙක්. ඔහු දවසක් රෑ සොහොන් වගයක් ඩෝසර් කළා. එහේ සොහොන් ඩෝසර් කරනව කියන්නෙ ලොකු ප්‍රශ්නයක්. නමුත් එයා ඒක කඩල සුපර්මාර්කට් එකක් හැදුවා. ඒ රටේ මිනිස්සු ඔහුට අපහාස කළා. මෙහේ පත්තරකාරයො වගේ ම එහෙත් ඔහුව පතුරු ගැහුවා. ඔහු ඒ සියල්ල නිහඬව අහගෙන ඉඳල මොකද කිව්වෙ...? මට මැරිච්ච මිනිස්සුන්ට වඩා ජිවත්වෙන මිනිස්සු වටින බව. එතනින් ඔක්කොම ඉවරයි... ආයෙත් කවුරුවත් ප්‍රශ්න කරේ නැහැ. අපේ රටේ මහානායකල බුද්ධාගම ඉගෙනගන්නෙත් මාධ්‍යයවේදීන්ගෙන්. මම හොඳට ම දන්නව හරි බුද්ධාගම මතුවුනොත් ඒ අය කරපු සහ කරන වැඩවලට යන එන මං නැතිවෙනවා.

මස් මාළු නොකෑව කියල මිනිහෙක් පිරිසිදු වෙන්නෙ නැහැ. මිනිසාගේ හිත පිරිසුදු නම් එයයි පිරිසිදුකම. ආමගන්ධ සූත්‍රයේ කියනවා පිළී ගඳ කියන්නෙ ලිහිණි මසුයි බතුයි නෙවෙයි. පිළී ගඳ කියන්නෙ ඇතුළෙ තියෙන කුහකකම කියල. පත්තරකාරයො මෝඩ මිනිස්සුන්ට විකුණන්න සඟරා හදනවා. අපි ප්‍රඥාවන්ත මිනිස්සුන්ට සඟරා හදනවා.

අපි අවුරුදු පන්දහසක් මේ දුපතේ හිරවෙලා. සීතා දේවිය අල්ලගෙන එන්න හරි එළියට ගියේ රාවණා රජු විතරයි. නමුත් දැන් අන්තර්ජාලය ඔස්සේ අපි මහද්දවිපයක් වෙලා. ඒ නිසා ඕන මහානායක කෙනෙක් මට කෙළින් කතා කරන්න. කෙලින් ප්‍රශ්න කරන්න. මම ඒවට උත්තර දෙන්නම්. එහෙම නැතුව තැන තැන ප්‍රකාශ නිකුත් කරන්න එපා.

සටහන:- ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us