2020 ගෝඨා එනවා ! අමරිකානු පුරවැසිභාවය ඉවත් කරගනී !! Featured

Published in පුවත්
Saturday, 03 February 2018 10:58

මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ඉදිරිපත් වීමට නියමිත බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් ඔහු අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලුම් කර ඇති බවත් ඒ ඉදිරියේදී ලැබෙනු ඇති බවත් එම ආරංචි මාර්ග පවසා සිටී.

ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අමරිකාවේදි සිදුකළ යුතු නීතිමය කටයුතු සඳහා මේ දිනවල ඔහු ඇමරිකාවට ගොස් සිටී. එමෙන්ම ඔහු සිය අමරිකානු හිතවතුන් සමඟ ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීමද සිදු කරමින් තිබේ. මේ සමඟ වන ඡායාරූපවලින් දැක්වෙන්නෙ  සිය සොයුරු ඩඩ්ලි රාජපක්ෂ ගේ අමරිකානු නිවසේ ගෝඨබය  සිය සමීප හිතවතුන් කිහිප දෙනෙකු හා දේශපාලන සාකච්ඡාවකට සහභාගී වී සිටි අවස්ථාවකි.


කෙසේ නමුත් ගෝඨාබයගේ දේශපාලන ආගමනය වැලැක්වීමට ඔහුට එරෙහිව මෙරට දි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගෙන දඬුවම් නියම කිරීමට ඇතැම් පාර්ශ්ව අපේක්ශා කළද ඒ මෙතෙක් සිදුවූයේ නැත.

ඔහුව අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ දැඩි උත්සාහයක් ගත් නමුත් ඉහළ දේශපාලන බලපෑම් හේතුවෙන් ඒ වැලකී ගියේය.

පසුගියදා බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරමින් පැවසූවේ එක්සත් ජාතික පක්ෂය හා රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකුගේ වුවමනාව මත ගෝඨාව අත් අඩංගුවට ගැනීම සඳහා උත්සාහයක් ඇති නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට අමරිකාවට ගොස් සිටින ලෙස උපදෙස් ලබා දුන් බවය. කොහොම නමුත් ගොඨාබය දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ අයද, බැසිල් රාජපක්ෂ ද දැඩි විරෝධයකින් පසුවන බවත් ප්‍රකට කරුණකි.

මීට පෙර අවස්ථාවකදී ද ඇවන්ගාර්ඩ් සිදුවීම සම්බන්ධයෙන් , ගොඨාව අත් අඩංගුවට ගැනීමට ගත් උත්සාහය ගැන ජනාධිපතිවරයා පොලීසියට දෝෂාරෝපනය කර තිබිණි. අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියට තනතුර හැරදා යෑමට සිදුවූයේද ගොඨාට එරෙහිව නඩු පැවරීම ගැන ජනාධිපතිවරයාගෙන් එල්ල වූ චෝදනා පදනම් කරගෙනය.


ජනාධිපතිවරයා හා ගොඨාබය අතර පවතින් මිත්‍රශීත්වය මෙයට බලපා ඇති බව කියැවේ. පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේනට එල්ල වී තිබු ජීවිත තර්ජනයන්ගෙන් ඔහුව ආරක්ෂා කර ගැනීමට ගොඨාබය රාජපක්ෂ මහතා විශේෂ ආරක්ෂක විදි විධාන ඔහු වෙනුවෙන් යෙදූ බව ප්‍රසිද්ධ කරුණක් වන අතර ගොඨාබය රාජපක්ෂද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව විවේචනය නොකිරීමද කැපී පෙනෙන්නකි.

gota usa 2gota usa 3

සැබැඳි පුවත් :

ගොඨා, අමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට තීරණය කරයි ! 

ගෝඨා දේශපාලනයට එන්නෙම නැතිලු ! හෙංචයියන් හෙළුවෙන් හිටගෙන තටමයි

2020 ජනපති මෛත්‍රී, අගමැති ගෝඨා, ශ්‍රිලනීප හීන 

ගෝඨාව සුදු මහත්තයෙක් කරන කොන්ත්‍රාත්තුව සිරස බාරගනී.. 

මහේෂ් සේනානායක හමුදාපතිවීම, ගෝඨාගේ අඬු කඩා දැමීමක් !

රට උලා කෑ හැකි ඒකාධිපතියකු ඉල්ලා රඟන ගෝඨා නාඩගම

එදා පුද්ගලයන් පැහැර ගත් බව ගෝඨා පිලිගත්තා. ඒ ගැන සිවිල් සංවිධාන නිහඬ ඇයි ? 

ඇයි ගෝඨා මල්ලියේ යුද්දේ ඉවර කළේ ? අපරාදේ.. 

කීර්ති නාමය කෙලෙසුවැයි ගෝඨාට එරෙහිව අනුර උසාවි යන හැඩ 

Last modified on Saturday, 17 February 2018 12:21

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us