ඇයි ගෝඨා මල්ලියේ යුද්දේ ඉවර කළේ ? අපරාදේ..

Published in පුවත්
Saturday, 19 September 2015 14:24

"අවුරුදු තිහක් තිබුණ යුද්ධය කවුරු හිටියත් මම ඇවිත් අවුරුදු තුනෙන් යුද්ධය ඉවර කළා. ඔය හමුදා නිළධාරීන් හමුදාපතිවරුන් ඒ කාලෙත් හිටියනේ. එයාලට කරගන්න බැරි උනානේ. එයාලත් අලුතෙන් ආපු අය නොවෙයිනේ. ඒත් අද මම මොකඳ කරන්නේ. මම දුක්වෙනවා මේ යුද්දේ ඉවරකීරීම සම්බන්ධයෙන්, මොකටද මම ඇවිල්ල මේක ඉවරකළේ. ඒක ඉවර කරපු නිසානේ මේ කරදර. තව ඉදිරියට තව කරදර එනවනේ. හයිබ්‍රිඩ් උසාවිය වලට ගිහිනුක් යුද්ධය අවසන් කළේ ඇයි කියලා උත්තර දෙන්න ඔන."

තමන්ට එරෙහිව තිබෙන වංචා දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් 'බරපතල වංචා සහ දුෂණ සෙවීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම' කටයුතරයක් දී එන ගමන් ගෝඨාබය රාජපක්ෂ එසේ කියා ඇත.

දැන් ගෝඨාට තිබෙන කරදරේ මේ දූෂන වංචා චෝදනාද නැතිනම් හයිබ්‍රීඩ් අධිකරණයට යෑමද පැහැදිලි නැත. ඒ කෙසේ වෙත්තත් හයිබ්‍රීඩ් අධිකරණයට යෑම නම් මේ කරදරයක් යැයි කල්පනා කරන්නේ ඒක තරමක් ගැටළු සහගතය. යුද්ද කළැයි කියන මිනිහා උසාවියට යෑම කරදරයක් බව කියන කොට අපට හිතෙන්නේ ඇත්තටම යුද්ද කළේ ගෝඨා විය නොහැකි බවය. කොහොමත් ගොඨා යුද්දෙට බයේ හමුදාවෙන් පැන ගිය බව කියන්නේ අප නොව ඔහු සමඟ හමුදාවේ සිටි සරත් ෆොන්සේකාය. ඒත් ගොඨා දැන්  කියන්නේ තමන් මේ යුද්දෙ තනියම කළාක් වැනි කතාවකි. ඒක ගැන රණ විරුවෝම බලා ගනිත්වා.

හයිබ්‍රීඩ් අධිකරණයේදී යුද්ධය අවසන් කළේ ඇයි කියලා උත්තර දෙන්නට ගෝඨා බලා සිටියාට අධිකරණයේ ප්‍රශ්නය යුද්ධය ඉවර කිරීම ගැන නොවේ. අධිකරණය ප්‍රශ්න කරන්නේ යුද්ධයට මුවා වී ම්ලෙච්ඡත්වය වැපිරීම ගැනය. ඒ නිසා මෙහෙ මිඩියාවලට දෙන පොර ටෝක් එතනදී දෙන්නට හැකිවන්නේ නැත. ඒ ගැන ගෝඨා නොදන්නවා නොවේ.

යුද්දේ අවසන් කිරීම ගැන දුක්වීමට ඇති එකම හේතුව මේ අපරාධ වලින් බේරී සිටීමට වූ අවස්ථාව නොමැති වීමය. ඒ තවත් පැහැදිලි වන්නේ යුද්ද කළ කාලයේදී යුධ ජයග්‍රහණය විකුණාගෙන කෑ කාලයේදීත් රාජපක්ෂ රෙජිමය කළ සියලු නොපනත්කම් යුද්ධය ඉදිරියට දමා වසා ගත් බැවිනි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us