ගොඨා, අමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට තීරණය කරයි ! Featured

Published in පුවත්
Thursday, 11 May 2017 14:44

හිටපු ආරක්ෂක ලෙකම් ගොඨාභය රාජපක්ෂ මහතා සිය අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා තීරණය කර ඇති බව ඒ මහතාට හිතවත් පාර්ශ්වයේ තොරතුරු මාර්ග පවසයි. 2020 ජනාධිපතිවරණ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගෙන තිබේ.

පසුගිය මැයි ‍රැලියේ ඒකාබද්ධ විපක්ෂයේ සාර්ථකත්වය අනුව පොදු අපෙක්ෂකයකු ලෙස ශ්‍රිලනිප බහුතරයේ හා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් වල අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් වීම මඟින් ජයග්‍රහණය ස්ථිර වශයෙන්ම ලැබිය හැකි බව මේ වන විට උපකල්පනය කර තිබේ. ශ්‍රිලනීපයේ තීරණාත්මක වෙන් වීමකදී මෛත්‍රී පාර්ශ්වය ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් ඉතුරු වනු ඇති බවත් සිරිසේන මහතාට සමීපව කටයුතු කරන ශ්‍රිලනිප මහ ලේකම් දුමින්ද දිසානායක පවා එජාපයට එක්වීම අනිවාර්ය බවත් මෙම කණ්ඩායමේ තක්සේරුව වී තිබේ.

කෙසේ නමුත් 2020 ජනාධිපති අපෙක්ෂකයා ලෙස ගොඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරිපත් වීම ගැන ඒකාබද්ධ විපක්ෂයේ එකඟතාවයක් මෙතෙක් නොමැති වූවත් වඩා සුදුසුම අපෙක්ෂකයා ලෙස මේ වන විට ඉදිරියෙන් සිටින්නේ ඔහුය.

මේ අතර අමරිකනු පුරවැසිභාවය ඉවත් කර ගැනීම මේ මොහොතේ අමරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුවට දැන්වූවද ඒ සඳහා වන අධිකරණ ක්‍රියාවලියට වසර දෙකක තුනක කාලයක් අවශ්‍ය වීම මත එම කටයුත්ත ඉක්මනින් කරගැනිම වෙනුවෙන්  මෙරට හා අමරිකානු  ගොඨා හිතවාදී ව්‍යාපාරික එකතුවක් විසින් මේ වන විටත් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවෙන්කා ට්‍රම්ප් මහත්මිය සමඟ සාකච්ඡා කර තිබේ.

ශ්‍රීලංකාවේ සංවර්ධනය හා දේශපාලනය සම්බන්ධයෙන් චීන රජ්‍ය තීරණාත්මක බලපෑමක් මේ වන විටත් සිදු කරමින් තිබෙන නිසා මෙරට අමරිකාවේ පාලනය යටතේ තබා ගැනිමට නම් අමරිකානු හිතවාදී හා විශ්වාසවන්ත රාජ්‍ය නායකයකු මෙරට සිටිය යුතු බව අමරිකාවේ වුවමණාව වී ඇත. මේ කරුණ සම්බන්ධයෙන් එවෙන්කා ට්‍රම්ප්ට අවධාරණය කිරීමට මෙම ව්‍යාපාරික එකමුතුව සමත් වී ඇති බවත් පැවසේ. පැවැති රාජපක්ෂ පාලනය පෙරලා දැමීමට අමරිකාව දැඩි උනන්දුවක් දැක්වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ පාලන තන්ත්‍රය වුවමනාවට වඩා චීන හිතවාදී වීම හා තව දුරටත් අමරිකානු වුවමනාවන් ඔහු ලවා ක්‍රියාත්මක කර ගැනීම අවශ්‍ය නොවුනු නිසාය. මේවන විට මෛත්‍රීපාල රනිල් හවුල් ආණ්ඩුවෙන් අමරිකාව බලාපොරොත්තු වූ ජත්‍යන්තර දේශපාලන ක්‍රමෝපායන් යථාර්තයක් නොවීම මත මෙම පාලන තන්ත්‍රය කෙරෙහි අමරිකනු විශ්වාසය බිඳ වැටෙමින් පවතී.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us