රට උලා කෑ හැකි ඒකාධිපතියකු ඉල්ලා රඟන ගෝඨා නාඩගම Featured

Published in පුවත්
Thursday, 07 December 2017 11:25

පසුගිය දින කිහිපයක සිට දේශපාලන රඟමඩලෙහි ගෝඨාබය නාඩගම පෙන්වයි. මේ නාඩගම අනුව පෙනෙන්නේ රාජපක්ෂ දෙවොල ගිනි ගෙන දැවෙන බවකි.

ගෝඨාට එරෙහිව තිබෙන අපරාධමය වරද සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශනයට නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට නම් ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම විය යුතුව තිබීම මේ අලුත් නාඩගමට හේතු විය. ගොඨා සහ ඔහුගේ රිළා ජෝක් බලකාය, හනුමන්තා මෙන් වල්ගය පත්තුකරගෙන මරු විකලෙන් නටන්නට පටන් ගෙන ඇත්තේ ඒ නිසාය.


ඔහුට එරෙහිව එල්ල වී ඇති ඇති චෝදනා ගනනාවක් අතරෙන් පොදු දෙපොල කොල්ල කෑම සම්බන්ධයෙන් චෝදනාවක් ද තිබේ. ඒ තමන්ගේ මාපිය සොහන වෙනුවෙන් රජයේ මුදල් යොදා ගැනීම සම්බන්ධයෙනි.. අද ඔහු මේ චෝදනාවට අත් අඩංගුවෙන් ගැලවී සිටීම සඳහා නීතියේ ඇති හැම දහං ගැටයක්ම ගසමින් සිටී. මේ ලැජ්ජාවටද බයටද කියන එක නීතියට අදාල නැත.

නමුත් එදා කිසිදු ලැජ්ජාවක් බයක් හිරිකිතක් නොමැතිව ගෝටා රටේ නීතිය අතට ගෙන කටයුතු කළ ආකාරය මේ රටේ කිසිවකුට අමතක නැත.

එදා තුවක්කු කටෙන් රට පාලනය කිරීමේ මෙහෙයුම සිදු කරනු ලැබුවේ ගොඨාගේ නියොග අනුව ක්‍රියාත්මක වූ අවි ආයුධ අත දරූ මිනීමරු කල්ලි කණ්ඩායම් විසින්ය. මේවා යලි යලිත් මතක කිරීමට සිදුව ඇත්තේ මේ කිසිවක් නොවූ පරිද්දෙන් මේ මහා භීෂකයෝ සිය දෑතේ ගෑවුනු ලේ සොදාගෙන සුදු පිරුවට අඳිමින් යළි සමාජය හමුවට පැමිණීමට දත කණ නිසාය.

පොදු දේපොල කියන්නෙ රජයේ දේපොල නැතිනම් රටේ සමස්ත ජනතාවට අයත් දේපොලය. එය හොරකම් කිරීම පොල් ගෙඩියක් හොරකම් කිරීමකට වඩා බරපතල දෙයකි. පොදු දේපොල අවභාවිතය අධිකරණයෙන් ඇප ලබා දිය නොහැකි වරදක් ලෙස හදුන්වන්නේ ඒ බරපතලකම නිසාය.

විශේෂ්යෙන්ම රාජ්‍ය නිලධාරියකු ඒ සිදු කළ විට තවත් බරපතල කාරණයක් වන්නේ රාජ්‍යයට පාඩු නොකර සිටිමට ඔහු වගකීමෙන් බැඳී සිටින නිසාය. රාජ්‍ය නිලධාරියකු වන අමාත්‍යංශ ලේකම්වරයා තමන් යටතේ සිටින අනෙක් නිලධාරීනුත් ඒ වගකීම දැරීම සම්බන්ධයෙන් වගකිව යුතුය.

ගොටාබය රජපක්ෂ කියන්නෙ ඒ වගකීම් සම්බන්ධයෙන් දිවුරුම් දුන් අයෙකි.. ඔහු විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂගෙ සොහොයුරාය. ඒ අනුව ඔහුට රාජ්‍යයේ සහ රාජ්‍ය නායකයා ගේ ගෞරවය කිර්තිය සුරැකීම සඳහා පෞද්ගලික වගකිමක්ද තිබේ.

එහෙත් සිදු වූයේ එහි අනෙක් පැත්තය. එදා නිල නොලත් ජනධිපතිවරයා ලෙස වියරු උද්ද්ච්ච නිලධාරියකුගේ භූමිකාව රඟ දැක්වූ ගොටාබය රජපක්ෂ විසින් මහින්ද රාජපක්ෂ කෙරෙහි වූ සියළු ගෞරවයන්ද විනාශ කරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන්ද එක පිට එක සියල්ල විනාශ කළේය.

දැන් නීතියෙන් ගැලවීමට හැකි සෑම උත්සාහයක්ම දරමින් රට තුල ගොඩ නැගෙමින් තිබෙන යහපාලනය සාමය සංහිඳියාව යළිත් විනශ කිරීම සඳහා ජාතිවාදී ආගම්වාදී කුමන්ත්‍රණ සිදු කරමින් සිටී. ගොඨා යම් ලෙසකින් හෝ තමන්ව අත් අඩංගුවට පත්වීමෙන් ගැලවී සිටීමට ගන්නා උත්සාහය අධිකරණය හමුවේ කෙසේ විසදා ගත්ත ද ඔහුට හෘද සාක්ෂියේ විනිශ්චයෙන් ගැලවිය නොහැක. මන්ද රාජ්‍ය මුදල් කොල්ල කා ගෙන මේ සොහොන ඉදිකළ බව තව දුරටත් වසන් කළ නොහැකි සත්‍යයක් නිසාය.
එසේම ඔහු ඉතා නරක ආදර්ශයක් ලබා දෙමින් තිබෙනවා. ඒ ඕනෑම රාජ්‍ය නිලධාරියකුට රටේ මුදල් කොල්ල කා ඉන් ගැලවී සිටීමේ මාර්ගයක් ඇති බව පෙන්වීමට මේ හරහා උත්සහා ගන්නා බැවිනි.

මෙරට සියලු පුරවැසියන් නීතියේ ආධිපත්‍යයට යටත්ය. යහපාලන ආණ්ඩුව බිහිකිරීමෙන් පසුව නීතිය, සියලු පුරවැසියන්ට එකහා සමාන ලෙස තිබීමේ වැදගත්කම පෙන්වා දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ මුක්තිය අත් හැරියේය. ඒ යහපාලනයේ ආදර්ශයයි.

තම මාපිය නාමයන් තමන්ගේ බලය ලබා ගැනීම සඳහා පමණක් පාවිච්චි කළ රාජපක්ෂලාගේ චින්තනය අනුව , මේ වීරකැටියේ ඩී ඒ රාජපක්ෂ සුපිරි සොහොන රටේ මුදල් කොල්ල කා හෝ ඉදිකිරීම තමන්ගේ මාපිය සෙනෙහස පෙන්වන එකම මාර්ගය විය හැකිය. එහෙත් රටේ නිතියේ සාධාරණත්වය පිලිගන්නා ජනතාවට මේවා කුප්ප කලකන්නි ජඩ වැඩය. ඒ අහිංසක මාපිය දෙපලගේ ද නම කැත කිරීමකි.

රටේ මිනිස්සු බදු මුදල් ගෙවා රාජ්‍ය භාණ්ඩාගාරය පෝෂණය කරන්නේ එක එකාට ඕනෑ ඕනෑ විදිහට ඒ කොල්ලකෑමට නොවේ. ජනතාව බදු මුදල් ගෙවීමට එකඟවන්නේ පොදුවේ සමාජයටත් අනාගත පරපුරටත් අපහසුවකින් තොරව ජීවත්වීම සඳහා රජය ශක්තිමත් කිරීම වෙනුවෙනි. බැඳුම්කර කොමිසමක් පත් කර වර්තමාන්යේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සොයන්නේ ඒ වැරද්ද යළි යළිත් නොකළ යුතු බැවිනි. මෙලෙසම 2008 සිට වූ සියලු බැඳුම්කර ගනු දෙනු සම්බන්ධයෙන්ද විමර්ශනය කිරීම විය යුතුව තිබෙන්නකි.එයද නුදුරේම සිදුවනු ඇති බවට ආණ්ඩුවේ පාර්ශ්ව පෙන්වා දෙයි.

එහෙත් එදා රාජපක්ෂලා භාණ්ඩාගාරය කොල්ල කෑමට දෙවරක් කල්පනා කලේ නැත. මහ බැංකුවේ තිබු ටොන් 40 ක පමණ රන් සංචිත ටිකද හොර රහසේ විකුණා දැමූ බවටද බරපතල චෝද්නාවක් රාජපක්ෂ පවුලට එල්ල වී ඇත.රාජපක්ෂලා සිදු කලේ තමන්ගේ පවුල ශක්තිමත් කිරීමය. එනම් රට වැසියාට ද්‍රෝහී වීමකි. සැබෑ ජාති ද්‍රෝහීන් මේ පොදු දේපොල කොල්ලකෑ වුන්ය.

මේ ද්‍රොහීන්ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක විය යුතු බව, කිසිදු අයකුට ප්‍රතික්ෂේප කල නොහැකි සාධාරණ යුක්ති සහගත බලාපොරොත්තුවකි.

පසුගියදා මව්බිම පුවත් පත කොලඹ විශ්ව විද්‍යාලය මඟින් සිදු කළ සමීක්ෂණ වාර්තාවකින් ලබා ගත්තා යැයි කියමින් රට ගිනි තියන පුවතක් සමාජගත කර තිබුණේද මේ ජාති ද්‍රෝහීන් ‍රැක ගැනිම වෙනුවෙනි. මෙම පුවත පල කිරීමෙහි නින්දිත අරමුණ වූයේ පුරවැසියා යළිත් ඒකාධිපති පාලකයකු ඉල්ලා සිටින බවත් ඊට වඩාත්ම සුදුස්සා කොළඹ ලස්සන කළ ගොඨා බවත් කියන්නටය. නමුත් ඒ සමීක්ෂණ වාර්තාව බොරුවකි. ඒ බව කොළඹ විශ්ව විද්‍යාලයම පවසා තිබිණි.

රාජපක්ෂ කාලයේ ඒ වසුරු බුදිමින් හිටිය ජඩ මාධ්‍යකාරයො දැන් බඩ ගින්න ඉවසා දරා ගැනීමට නොහැකිව මරු විකලෙන් ඉන්නා බව හැබෑවකි. මේ නිසා ඉදිරියේදී මේ වසුරු බුද්ධින්නන් තමන්ගෙ බඩ ගොස්තරය වෙනුවෙන් ජාතිවාදයෙන් ආගම්වාදයෙන් මිත්‍යාවෙන් වෛරයෙන් රට ගිනි තැබීම විය හැකිව තිබේ. එහෙත් මේ ජඩයන් බඩ ගීන්නේ සිටිය පලියට අනෙත් එකාගේ නිදහස සොරා කෑමට ඉඩදිය යුතු නැත.

ජනමාධ්‍ය නිදහස කියන්නේ තමන්ට අවශ්‍ය ඕනෑම බොරුවක් ලියා පළ කිරීමේ වල් බූරු නිදහස යැයි සිතා සිටින ජඩ මාධ්‍යකාරයන්ට මේ යහපාලනය නිසා ලැබී ඇති අවස්ථාව රට ගිනිලෑමට තරම් හේතුවක් වන්නෙ නම් ඒ ගැන වගකිව යුතු බලධාරීන් අවධානය යොමු කිරීම විය යුතු බව අකමැත්තෙන් නමුත් කියන්නට සිදුව තිබේ. එහෙම කියන්නේ මේ ජඩ මාධ්‍යකාරයෝ කිහිපදෙනාගේ වල් බූරූ නිදහසට වඩා සමස්ත පුරවැසියාගේ නිදහස වටිනා බැවිනි. ඒ ‍රැකදීම දේශපාලන අධිකාරියේ වගකීමකි.

යළිත් මේ රටට රාජපක්ෂ යුගය මෙන් අවනීතික මජර ඒකාධිපති පවුල් පාලනයක් අවශ්‍ය නැත. එවැනි පාලනයක් යළි ඉල්ලා සිටීමට තරම් මේ රටේ මිනිස්සු මුග්ධ, නිවටයින් නොවන බව ගෝඨා මෙන්ම ඔහුගේ රිලා ජෝකර් බලකායද තේරුම් ගත යුතුයි. මොකද මේ ශ්‍රීලංකාව ශිෂ්ට සම්පන්න යුගයක් කරා අඩිය තබමින් සිටින යුගයක් නිසාය

Leave a comment

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us