පුංචි ඡන්දෙන් පසුව මහින්ද සුම්මා ! දිවයින පුවත පට්ටපල් බොරුවක්. Featured

Published in පුවත්
Sunday, 17 December 2017 12:59

මෙවර පළාත්පාලන මැතිවරණයෙන් පසුව ස්ථිර වශයෙන්ම විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලනයෙද විශ්‍රාම ගැනීමට නියමිත බව එම පවුලේ ආරංචි මාර්ග පවසයි.

මෙවර මැතිවරණ ප්‍රතිපලය කිසිසේත්ම තමන්ගේ පාර්ශ්වයට වාසිදායක ප්‍රතිපලයක් නොවනු ඇති බවත් මේවන විට පැහැදිලිව තිබීම නිසා ශ්‍රීලනීපයෙන් වෙන්වීමට ගත් මෝඩම තීන්දුවක් ලෙසත් රාජපක්ෂ මහතා සිය හිතවතුන් හා පවසා තිබේ. එහෙත් තමන්ව විශ්වාස කරගෙන පැමින සිටින පිරිස වෙනුවෙන් තව දුරටත් මෙම මැතිවරණ ක්‍රියාවලිය තුල නියැලීමට ඔහු බලාපොරොත්තු වෙන බවත දැන ගැනීමට ඇත. ශ්‍රීලනීපය වෙනත් පක්ෂ වලට සහය දක්වන මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීමට තීන්දුවක් ගෙන තිබෙන නිසා රාජපක්ෂ මහතා හා එකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් ගනනාවක්ම පොහොට්‍ටු කණ්ඩායමේ ප්‍රසිද්ධ වේදිකාවට නඟිනවා වෙනුවට එජාප විරෝධය පමණක් මුල කර ගත් රැස්වීම සඳහා පමණක් සහභාගී වීමට සැලසුම් කරමිද සිටී.

මේ අතර අද ඉරිදා දිවයින සිය මුල් පුවත බවට පත් කරගෙන තිබෙන ප්‍රසන්න රණතුංගගේ ප්‍රකාශයෙහි කිසිදු පදනමක් නැති බව ජනධිපති කාර්යාල ආර්ංචි මාර්ග පවසයි..පොහොට්‍ටු කණ්ඩායම සමඟ කිසිදු එකඟතාවයක් නොමැති බවත් පක්ෂය දෙකඩ කඩා එජාපයට පහසු ජයග්‍රහණයක් අත්පත් කර දීමට උත්සහ කරන මේ කණ්ඩායම සමඟ දේශපාලන එකඟතාවයකට පැමිණීමට තරම් ජනාධිපතිවරයා දේශපාලනිකව බංකොලොත් නොවන බවත් ඒම ආරංචි මාර්ග තහවුරු කර සිටී. එමෙන්ම රාජපක්ෂවරුන්ගේ මේ ද්‍රෝහී ක්‍රියාව නොපිළිගන්නා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සිටි ප්‍රබලයන් ගනනාවක් මෙන්ම පාක්ෂිකයන් ‍රැසක්ද ඉදිරියේදි ශ්‍රීලනීපය හා එකතුවීම නියත වශයෙන්ම සිදුවන බවත් එම තොරතුරු මාර්ග පවසයි. මේ වන විටත් ප්‍රබලයන් ගනනාවක්ම සිය සහය ජනාධිපතිවරයාට පළ කර ඇති බවද පැවසේ.

පොහොට්‍ටු කණ්ඩායමට අවශ්‍ය වී තිබෙන්නේ ශ්‍රීලනීපයේ පාක්ෂිකයා රවටා එම ඡන්ද කෝටාව තමන් වෙත ලබා ගැනීම බවත් ඡන්දයෙන් පස්සෙ අපි එකතු වෙනවා වැනී ව්‍යාජ ප්‍රකාෂයන් සිදු කරන්නෙ ඒ වෙනුවෙන් බවත් පැහැදිලිය. එමෙන්ම මධ්‍යම ආණ්ඩුව 2025 දක්වා දිවෙන ආර්ථිකමය සංවර්ධන ඉලක්කයක් මත ශක්තිමත් ගමනක යෑමට සැලසුම් කර තිබියදී ඊට එරෙහිව යමින් පොහොට්‍ටු කණ්ඩායම සමඟ එකතු වීම කිසිසේත්ම ජනාධිපතිවරයා විසින් සිදු නොකරන බවත් යම් ලෙසකින් හෝ සිදු වීමට වඩාත්ම ඉඩ තිබෙන්නේ පලාත් ආලන අයතන තුලත් එජාපය හා ශ්‍රීලනීපය අතර සම්මුතිවාදී ආණ්ඩු පිහි‍ටු වීම පමණක් බවත් පැහැදිලිය. ඒ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ප්‍රකාශයක්ද සිදු කර තිබිණි.

ඒ අනුව ඉරිදා දිවයින පළ කළ පුවතේ කිසිදු තාර්කිකමය පදනමක්ද නොමැත. පරාජයේ මරු විකලෙන් නන්දොඩවන තක්කඩි දේශපාලකයෙකුගේ මෝඩ ප්‍රකාශයක් දිවයින කර්තෘ මණ්ඩලය සිය ප්‍රධාන පුවත කර ගැනීමෙන් නැවත වරක් ඔප්පු වන්නේ මේ මේ නල්ලමලේ මාධ්‍යවේදීන්ගේ ඇති නොහැකියාව, අසමත් කම මෙන්ම මරි මෝඩ කමයි..

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us