ගෝඨා දේශපාලනයට එන්නෙම නැතිලු ! හෙංචයියන් හෙළුවෙන් හිටගෙන තටමයි Featured

Published in පුවත්
Friday, 12 May 2017 16:30

ගොඨාබය රාජපක්ෂ මහතා අමරිකනු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බවට අප පසුගියදා පළ කළ පුවත් සම්බන්ධයෙන් ඔහුගේ මාධ්‍ය හෙංචයියන් කලබල වී ඇත. ඉතා හදිස්සියෙන් අප පල කළ පුවතට පිලිතුරක් ගොනු කිරීමට මොවුන් කටයුතු කර තිබේ. ඒ ශ්‍රීලංකා මිරර් වෙබ් අඩවියටය.

මෙරට අමරිකානු තානාපති කාර්යාලයට ෆෝරමයක් පුරවා දීමෙන් පසුව පුරවැසිභාවය සති දෙක තුනකින් ඉවත් කර ගැනීමට ඇති හැකියාව ගැන ගොඨාබය රජපක්ෂ මහතා එහිදී පැවසූවද එලෙස තමන්ගේ රටේ පුරවැසියකු එම පුරවැසි භාවය ඉවත් කර ගැනීමට ඇති හේතු හා එම පුද්ගලයා අමරිකානුවෙකු වශයෙන් එම රටේ අතිකරගෙන තිබෙන සම්බන්ධතා ආදිය පරික්ෂා කිරීමකින් පසුව මිස මෙලෙස සතියකින් දෙකෙන් එම පුරවැසි බව අහොසි කිරීම සිදු නොකරයි. එසේ කළ හැකිනම් අමරිකාවේ පුරවැසියකු ලෙස කටයුතු කරන වෙනත් රටක ද ද්විත්ව පුරවැසිභාවය ඇති ඕනෑම හොරෙකුට ඇමරිකාවට වී ඕනෑම කුප්ප වැඩක් කර සිය රටට පැන ගැනීමේ පහසු හැකියාවක් තිබේ. එහෙත් එසේ සිදු කළ නොහැක. ඒ අධිකරණය හමුවේ නඩුවක් පැවැරීමෙන් සිදු කෙරෙන කටයුත්තකි. මේ වන විට මන්ත්‍රීධුරය අහොසි වීමේ අවදානමක සිටින ගීතා කුමාරතුංග මහත්මියද සිතා සිටියේ ලියුමක් ලියා දීමෙන් පසුව දවසෙන් දෙකෙන් සිය ස්විස්ටර්ලන්ත පුරවැසි භාවය අහෝසි වූ බවය. එහෙත් ඒ දීර්ගකාලීන ක්‍රියාපිලිවෙතකි. කුමාර් ගුණරත්නම් මහතාගෙ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය තවමත් නිල වශයෙන් අහොසි කර ගැනීමට හැකිව නැත.

ඒ කෙසේ වෙතත් ශ්‍රීලංකා මිරර් පළ කර ඇති ගොඨාබ්ය රාජපක්ෂ ගේ හඬ පටයේ ඇති කරණා අනුව ඔහු නියම අමරිකානුවෙකි. ඔහුගේ පවුලේ අය ඉන්නෙ අමරිකාවේය. ඔහු එහි කළ ‍රැකියාව අනුව විශ්‍රාම වැ‍ටුපක්ද හිමිය. ඒ පහසුකම් වරප්‍රසාදයන් අහිමි කර ගැනිමට මේ මොහොතේ අවශ්‍යතාවයක් නැති බවත් ඔහු කියයි.

අප විසින් මෙම පුරවැසිභාවය සම්බන්යෙන් පල කළ පුවතට අදාල තොරතුරු බොරුවක් බවත් ඔහුට මෙ වෙනුවෙන් ට්‍රම්ප් ජනාධිපතතිවරයා හමුවීමේ අවශ්‍ය තාවයක් නැති බවත් සඳහන් කරයි. එහෙත් අපට කියන්න සිදු වන්නේ අප මෙම තොරතුරු පළ කළේ විශ්වාසනීය තොරතුරු මාර්ගයකින් ලැබුණු තොරතුරු පදනම් කරගෙනය. මීට සම්බන්ධව සිටින වයාපාරිකයන් කවුරුන්ද යන්න ගැනත් අවබොධයක් අපට තිබේ.

එහෙත් අපගේ කෙන්ද්‍රිය ගැටලුව ගොඨාගේ පුරවැසිභාවය ඉවත් කර ගැනිමේ ක්‍රමවේදය නොවේ. 2020 දී අමරිකානු හිතවාදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ඇති සූදානම ගැනය. ගෝඨාබයගේ හා ඔහු වටා සිටින උපදේශකයන්ගේ ( වියත්මඟ සංවිධනයට මෙහි වැඩි පිරිසක් ගොනුවී සිටී) උපදේශය වී තිබුණේ අවසන් තීරණාත්මක අවස්ථාව වන තෙක් ඔහු ප්‍රසිද්ධ දේශපාලනයට නොපැමිණිය යුතු බවය. 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමක් ගැන කටේ කෙල පොදක් නොහෙලන ලෙසය. 2020 වන විට රටේ දේශපාලනය සම්බන්ධයෙන් වන තත්වයන් සලකා බලා නැවුම් අපෙක්ෂකයකු ලෙස දේශපාලනයට කඩා වැදීම මඟින් වැඩි ජනතා අවධානයක් යොමු කර ගැනීම හරහා දේශපාලන තරග බිමට පිවිසීම විය යුතු බව ඔවුන්ගේ අදහසව තිබේ.

මේ වන විට රාජපක්ෂ පවුල තුලද ගොඨාබය රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය ගැන විරෝධයක් තිබේ. එහෙත් රාජපක්ෂ පවුලේ වන බල අරගලය තිබියදී වුව ගොඨාබයට ආකර්ශනීය අපෙක්ෂකයකු ලෙස කරලියට පිවිසීම මඟින් පවුලේ විරෝධයන් ද යටපත් කර ගත හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. දේශපාලනය පිසීමට හදිස්සි වීමෙන් ගොඨාබයට එරෙහිව වන තිබෙන චෝදනා සම්බන්ධයෙන් තව තවත් හෙලිදරව් වීම නීතිමය ප්‍රශ්නවලට මැදි වීම හා අධිකරණය හමුවේ දඬුවම් ලැබීමට පවා හේතුවිය හැකි බව වියත් මඟ උපදේශකයන් පෙන්වා දී තිබේ. ගොඨාබය නිහඬව කටයුතු කරමින් සිටින්නේ මේ නිසාය. එහෙත් වියත් මඟ සංවිධානය මඟින් මේවන විටත් ප්‍රාදේශීය වශයෙන් කණ්ඩායම් එකතුවක් ගොඩ නඟා ගැනීමට හැකිව තිබේ. මේ හරහා සිය දේශපාලන මතවාදය හා රාජ්‍ය බලය අල්වා ගැනිම සඳහා තිබෙන සූදානම ගැන සාකච්ඡා කෙරෙමින්ද පවතී.

මහින්දරාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ගොඨාබය, රාජපක්ෂ හෝ වේවා කිසිදු රාජපක්ෂවරයකු තව දුරටත් මෙරට දේශපාලනයට අවශ්‍ය නැත. එම පවුල විසින් සිදු කළ විනාශය තවත් දශක ගනනාවක් යනතුරුම රටට පිලිලයක්ව පවතිනු ඇත. රටට අවශ්‍ය වන්නේ ගොඨාභය වැනි නීතියක් රීතියක් නොතකා වියරුව කටයුතු කරන නිලධාරියකු නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව පවතින වැඩපිලිවෙලක් සහිත ආණ්ඩු ක්‍රමයකි. පවත්නා මජර ක්‍රමයන්ගේ වෙනසකි. කාලෙන් කාලෙට කරන පුද්ගල මාරුවෙන් රටට වැඩක් වන්නෙ නැත. ඒ විනාශයකින් පමණක් කෙලවර වන්නක් බව මෙ රටේ ඉතිහාසයේ අවස්ථා ගනනවක්දී ඔප්පු කර තිබේ.

අපගෙ පුවතින් ගොඨාභය හා ඔහුගෙ හෙචයියන් කලබල වී ඇති බව සැබෑවකි. ඒ එසේ සිදුවන බවත් අප දැන් සිටියෙමු. ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය විසින් අපගෙ පුවතට අදාලව පිලිතුරක් දිමට ඉක්මන් වී ඇත්තේද ඒ වුවමනාව අනුව බවත් පැහැදිලිය. එක යකෙක් ගෙනල්ල ඒකා අසමත්වන විට ඊට විකල්පයක් ලෙස තව යකෙකු ගෙන ඒම දේශපාලන විනෝදාංශයක් කරගෙන තිබෙන රුවන් ෆර්ඩිනැඩස් ට අයත් ශ්‍රීලංකා මිර්ර වෙබ් අඩවිය මේ කරමින් තිබෙන්නෙ ගෝඨාගේ කොන්ත්‍රාත්තුවක් බව පැහැදිලිය. ගෝඨාව 2020 වන තෙක් පරිස්සමෙන් රැක ගැනීම මේ අයගේ අපෙක්ෂාව වී තිබේ. ගෝඨාව යළි කරලියට ගෙන එම සඳහා රුවන් ෆර්ඩිනැන්ඩස් කටයුතු කරන බවට චෝදනා කරන්නේ මෙම සිදුවීම පමණක් අදාල කරගෙන නොවේ. ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවියේ පැරණි පුවත් පරීක්ෂා කිරීමේදී මේ වුව්මනාව පැහැදිලිව පෙන්නුම් කර තිබේ.

කිසිවකුට හෝ තමන් කැමැති දේශපාලනයෙහි යෙදීමේ අයිතිය ඇත. ඒ වෙනුවෙන් කවර ප්‍රචාරක කටයුත්තක ක්‍රියාකාරිත්වයක නියැලුනත් අපට කම් නැත. එහෙත් රටට අවැඩදායක රට වළ පල්ලට යවන කූට කුප්ප වැඩ වලට ඉඩ දිය නොහැක. රහසිගත දේශපාලන ගේම් ගැසීමේ යුගය දැන් අවසන්ය. පුරවැසියා ඉන්නෙ ඊට වඩා ඉදිරියෙනි. මේ පුරවැසි දේශපාලනයේ නූතන අවදියය.

 

සැබැඳි පුවත්

ගොඨා, අමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට තීරණය කරයි ! 

Last modified on Friday, 12 May 2017 16:45

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us