වෛස්රෝයි සුඛෝපභෝගි දුම්රිය ධාවනය නිසා මිලියන ගනනක පාඩුවක්

Published in පුවත්
Sunday, 14 May 2017 12:25

වෛස්රෝයි සුඛෝපභෝගි දුම්රිය ධාවනය සහ එම සමාගමට කොළඹ කො‍ටුව දුම්රිය ස්ථානයේ කාර්යාල පරිශ්‍රයක් ලබා දිමේ දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදු ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම් කරු එස් පී විතානගේ මහතා, ජනධිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇත. ඒ ලියවිල්ල පහත දැක්වේ.

වෛස්රෝයි විශේෂ සුඛෝපභෝගි දුම්රිය ධාවනය කරවීම සඳහා කොන්ත‍්‍රාත් ගිවිසුම අත්සන් කර ඇති J F ටුවවර්ස් ඇන්ඩි ට‍්‍රැවල්ස් ලංකා පෞද්ගලික සමාගමට කොළඹ කොටුව දුම්රිය ස්ථානය පරිශ‍්‍රයේ කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා ගොඩනැගිලි ඉඩ පහසුකම් ලබාදීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 6,648,000/= ක මූල්‍යමය අලාභයක් සිදුකර ඇති අතර, T – 1 – 515 දරණ සුඛෝපභෝගි දුම්රිය මැදිරි ධාවනය කරවීම වෙනුවෙන් අදාල සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවට බදු කුලිය ලෙස ගෙවිය යුතු රුපියල් 2,542,849/= ක මුදල නොගෙවීමෙන් දුම්රිය දෙපාර්තමේන්නතුවට තවත් මූල්‍යමය අලාභයක් සිදුකර ඇත.

”රේල් ටුවර්ස් ” කාර්යාලය පවත්වාගෙන යාම සඳහා J F ටුවර්ස් ඇන්ඞ් ට‍්‍රැවල්ස් ලංකා සමාගමට කොටුව දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල ලබා දී ඇත්තේ 1987 වර්ෂයේ වන අතර, 2011.08.30 දක්වා. ඒ සඳහා ගෙවිය යුතු රුපියල් 132,000/= ක් දෙපාර්තමේන්තුවට ගෙවා නැත. මෙම මුදල අයකර ගැනීම සඳහා හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි අදාල සමාගමට එරෙහිව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ අංක: 69132/9 දරණ නඩුව පවරා තිබූ අතර, වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් එම නඩුව සමථකරණයට පත්කර ඇත. එසේම නීතිපතිවරයාගේ අනුමැතියකින් තොරව විධිමත් තක්සේරුවක් ලබානොගෙන දුම්රිය සාමාන්‍යාධිකාරිගේ අභිමතය පරිදි මාසික කුලිය 40,000/= ක් ලෙස සලකා නැවත වරක් වසර 05 කට මෙම ගොඩනැගිල්ල අදාල සමාගමට බදු දී ඇත. පසුව පැන නැගුන ගැටළුවක් අනුව ඉල්ලීමක් කර රජයේ තක්සේරුකරුගෙන් තක්සේරුවක් ලබාගෙන ඇති අතර, එම තක්සේරුව අනුව 2016 ජූනි 01 දින සිට මාසික කුලිය 120,000/= ක් එම ගොඩනැගිල්ල සඳහා අයකරන ලෙස ද දුම්රිය සාමාන්‍යාධිකාරි වෙත දන්වා ඇත.

ඒ අනුව මෙම ගණුදෙනුව මගින් 2011.09.01 සිට 2016.08.31 දක්වා එක් මාසයකට රුපියල් 80,000/= ක මූල්‍යමය පාඩුවක් දුම්රිය දෙපාර්තමේන්තුවට අදාල සමාගම හා දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් සිදුකර ඇති අතර, වසර 05 කාලය සඳහා එම පාඩුව 4800,000/= ක් බව විගණකාධිපතිගේ වාර්තාවක් මගින් හෙළිවේ.

රජයේ තක්සේරුවට අනුව 2016 ජූනි, ජූලි, අගෝස්තු මාස සඳහා අය කළ යුතු කුලී ගාස්තුව රුපියල් 240,000/= ක් අයකර ගෙන නොමැති අතර, රජයේ නීතිරීතිවලට අනුව වැට් බදු ලෙස අයකළ යුතු රුපියල් 288,000/= ක් ද අයකර ගෙන නැත.

එමෙන්ම T – 1 – 515 රේල්කාර් රථය ධාවනය කර වීමේ දී අදාල ගිවිසුම් ප‍්‍රකාරව කටයුතු නොකිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 2,542,849/= ක මූල්‍යමය පාඩුවක් සිදුකර ඇත. T – 1 – 515 රේල් කාර් රථය වැඩි දියුනු කිරීම හා නවීකරණය කිරීම සඳහා යන වියදම JF ටුවර්ස් ඇන්ඞ් ට‍්‍රැවල් ලංකා සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වුවත්, එසේ ගෙවිය යුතු රුපියල් 2317,081/= ක මුදල දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවා නැත.

2016 නොවැම්බර් - දෙසැම්බර් මාසවල දී T -1 රේල් කාර් රථය ධාවනය කරවීම වෙනුවෙන් රුපියල් 423,667/= ක් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වුවත් JF ටුවර්ස් ඇන්ඞ් ට‍්‍රැවල් ලංකා සමාගම ගෙවා ඇත්තේ 197808/= කි. මේ අනුව රුපියල් 225,868/= ක් දෙපාර්තමේන්තුවට පාඩු සිදුකර ඇත.

වත්මන් දුම්රිය සාමාන්‍යාධීකාරි දුම්රිය දෙපාර්තමේන්තුවට වඩා J F ටුවර්ස් ඇන්ඞ් ට‍්‍රැවලස් ලංකා සමාගමට අසීමිත ලෙස පේ‍්‍රමකිරීම නිසා, අත්තනෝමතිකව කටයුතු කිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව හරහා රජයට ලැබිය යුතු ආදායමක් අහිමිකර ඇති බව විගණන පරීක්‍ෂණයේ දී හෙළිදරව්වී ඇත.

මේ සම්බන්ධයෙන් වන විගණකාධිපති වාර්තාව ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් සතුව ඇතත් මෙම වංචනික ගණුදෙනු සම්බන්දයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ප‍්‍රවාහන අමාත්‍යාංශය ගෙන නැත. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ දැඩි අවධානය යොමුකර අදාල පෞද්ගලික සමාගම වෙතින් රජයට අයවිය යුතු මුදල් අයකර ගැනීමටත්, රජයට පාඩුකළ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතලූ ජාවාරම්කාරි දුම්රිය නිලධාරි ජාලයට එරෙහිව, ආයතන සංග‍්‍රහයේ XLVIII පරිච්ජේදයේ 29 වන ජේදයට අනුව විනයානුකූලව කටයුතු කරන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට, දුම්රිය සේවයේ උන්නතිය පතන,
එස්. පී. විතානගේ
සම කැඳවුම්කරු

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us