මහේෂ් සේනානායක හමුදාපතිවීම, ගෝඨාගේ අඬු කඩා දැමීමක් ! Featured

Published in පුවත්
Tuesday, 04 July 2017 18:21

ශ්‍රිලංකා යුධ හමුදාව රාජපක්ෂ පාලනය තුලදී ඉහළ නිළධාරීන් ගොඨාකරණය වීමේ අනි‍ටු ප්‍රතිපල වත්මන් යහපාලනයට බුක්ති විඳිමට සිදුව තිබූ බව නොරහසකි. හමුදාවේ ඉහළ නිළධාරීන් රැසක් කටයුතු කරමින් සිටියේ සිය සේනා විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අවශ්‍යතාවයන් සපළ කරනා ආකාරයෙන් නොවේ. විශේෂයෙන්ම යුධ අපරධ චෝදනා මානව හිමිකම් කැඩීමේ චෝදනා මත "රණ විරුවන්" දං ගෙඩියට දක්වනවාය කියමින් හමුදාව තුල වත්මන් යහපාලන ආණ්ඩුවට එරෙහිව නොසන්සුන්තාවයන් ඇති කිරීමටද ඇතැම් හමුදා නිළධාරීන් කටයුතු කොට තිබිණි.

ගෝඨාබය රාජපක්ෂ විසින් මෙහෙයවනු ලැබූ හමුදා බුද්ධි අංශ කණ්ඩායම් විසින් පසුගිය රාජපක්ෂ පාලනය තුලදී දේශපාලන අපාරාධ ගනනාවකට හවුල් වී ඇති බව අද වන විට විමර්ශන මඟින් තහවුරු වෙමින් පවතී.එහෙත් එම විමර්ශන සඳහා යුධ හමුදාවෙන් අවශ්‍ය සහය නියමාකාරයෙන් ලැබුණේ නැත. වත්මන් යහපාලනය විසින් පත් කරනු ලැබූ හිටපු හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්තද සිල්වා පවා ඊට අවශ්‍ය සහයොගයක් දැක්වීමට එඩිතර වූයේ නැත්තේ ඔහුට පහළින් සිටි නිලධාරීන් රොත්තක්ම ගෝඨාගේ සගයන් වීම නිසාය. එමෙන්ම ක්‍රිෂාන්තද සිල්වා යනු එඩිතර තීන්දු තීරණ ගන්න අයකු නොවන බව ප්‍රසිද්ධ කරුණකි. යුධ ක්‍රියාන්විතයන් හීදී ද ඔහුගේ ඇතැම් ක්‍රියාකාරිත්වයන් හමුදාවට අපහාසයක් වූ බව දැන් ඉන්නා ඉහළ නිලධාරීන් නොදන්නවා නොවේ. තමන්ගේ ජේෂ්ඨත්වය හා ඔහු ගෝඨාවාදියකු හෝ කවර කඳවුරකට හෝ පක්ෂ පාති නොවුනු පුද්ගලයකු බවට තිබූ විශ්වාසය නිසා ඔහුට යුධහමුදාපතිධුරය හිමි විය. එමෙන්ම ඔහුට සේවා දිගුවක් ලැබෙන්නේද ආණ්ඩුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් වන වඩා සුදුසු ජේෂ්ඨ නිලධාරියකු සූදානම් කරවීම සඳහා වන කල් ගැනීමත් මතය.

දැන් යහපාලනය වෙනුවෙන් වඩාත්ම සුදුසුම නිලධාරියාට යුධ හමුදාපතිධුරය ලැබි තිබේ. ලුතිනන් ජනරාල් මහේෂ් සේනානයක (එන්.යු.එම්.එම්.ඩබ් සේනානායක) යනු ද ගොඨාබයලාගේ මිනීමරු හමුදා බලකායේ තර්ජනයට ලක්ව විදේශ ගතව සිට ජීවිතය බේරාගත් නිලධාරියෙකි. ඒ නිසා ගොඨාබයලා කටයුතු කළේ කෙසේද යන්න ඔහුට අමුතුවෙන් හදාරන්නට දෙයක් නැත. රාජපක්ෂවරුන්ගේ පරාජයෙන් පසුව මෙරටට පැමිණ යාපනය ආඥාපතිවරයා ලෙස ඔහු සේවය කළේය. යුද්ධයේ තීරණාත්මක අවධියේදී එවකට යුධ හමුදාපතිවරයාව සිටි සරත් ෆොන්සෙකාගේ විශ්වාසවන්තම නිලධාරීයකු ලෙස ඔහු විශේෂ කාර්යභාරයක් ඉ‍ටු කළ අයෙකි. යුධ හමුදාවේ ප්‍රධානතම අංශ තුන වන්නේ සැලසුම් , සැපයුම් හා බුද්ධි යන අංශ තුනය. මහේෂ් සේනානායක සැලසුම් අධ්‍යක්ෂවරයා ලෙස එම සමයේදී කටයුතු කළ අතර එම කාලයේදීම සැපයුම් අධ්‍යක්ෂවරයා ලෙසද කෙටි කාලයක් කටයුතු කළේය. මෙම තනතුරු දෙකම එකවිට දැරූ යුධ හමුදාවේ එකම නිලධාරියා ලෙසද සේනානායක මහතා හැඳින් වෙයි.

කෙසේ නමුත් වසර 5 කට ආසන්න කාලයක් අමරිකාවේ ආරක්ෂක අංශයට සම්බන්ධව කටයුතු කර එහිද කීර්තියක් අත් කර ගත් සේනානායක මහතා යළි මෙරටට පැමිණෙන්නේ වඩාත් දියුණු අධ්‍යාපනයක් සහ අත්දැකීම් සම්භාරයක් සහිත නිලධාරියකු ලෙසය. ඇමරිකාවේ දී මාසිකව ඩොලර් 18,000 ක පමණ ඉහළ වැටුපක් එහි දී ඔහු ලබා තිබුණ ද ඒ අතහැර ඔහු පැමිණීම ද සුවිශේෂි කරුණකි. විශේෂයෙන් සාමය හා සංහිඳියාව සම්බන්ධයෙන් ඔහුගේ අදහස ඉතා තියුණු විය. ඔහුව යාපනේ ආඥාපතිවරයා ලෙස පත් කිරීමන් ඒ කෙතරම් නිවැරදී තීරණයක්ද යන්න එම කාලය තුලදී ඔහු ඔප්පු කර පෙන්වීය. වරක් මෙම ලියුම්කරු ද සම්බන්ධ වූ සාකච්ඡාවකදී ඔහු ඒ වන විට උතුරේ කරමින් සිටි සංහිඳියා වැඩපිලිවෙල සහ ඉදිරියේදී කිරීමට අපෙක්ෂාකරමින් සිටි වැඩ සටහන් ගැන විශාල පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබුවේ දරුණු යුද්ධයට සක්‍රීයව මැදිහත් වූ නිලධාරියෙකුගෙන් මෙවැන්නක් බලාපොරොත්තු විය හැකිද යන්න ගැන අපව පුදුමයට පත් කරවමිනි.

ඒ කෙසේ නමුත් සේනානායක මහතාට හමුදාපතිධුරය ලබදීම වැලැක්වීම සඳහා පසුගිය කාලයෙ කුමන්ත්‍රණ ගනනාවක් ක්‍රියාත්මක විය. ඒ ගෝඨාබයගේ පාර්ශ්වයෙනි. ඊට හේතු වූයේ සේනානායක මහතා, සරත් ෆොන්සේකාගේ සමිපතයකු වීම මත තවදුරටත් ගෝඨාබයගේ අණසක පැතිරෙමින් තිබෙන යුධ හමුදාව තුල ඊට ඇති අවස්ථාව අහිමිවීමේ වේදනාව දරා ගැනීමට සිදුවන නිසාය.

සේනානායක මහතා සහ සරත් ෆොන්සේකා ආනන්ද විදුහලේ ආදී ශිෂ්‍යයන් වීමත්, විශේෂ බලකායේ නිලධාරියකු වීමත් ආදිය නිසා ඔවුන් දෙදෙනා කිට්‍ටු සමීපතයන් බට අදහසක් ජනාධිපතිවරයාට ඒත්තු ගැන්වීම දිගටම සිදුව තිබිණි. මේ හේතු කොටගෙන යුධහමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට සේනානායක මහතා පත්වීම තුල හමුදාව ෆොන්සේකාකරණය වීම විය හැකි බවත් ඒ ආණ්ඩුවට අනතුරුදායක විය හැකි බවත් කියැවිනි. එහෙත් ඒ නොසලකා ජේෂ්ඨත්වයෙන් 7 වෙනි තැන සිටි සේනානායක මහතාව එම ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා එඩිතර විය. සේනානායක මහතා තමන්ගේ ඉහළ නිලධාරියාට අවනතව හා අවංකව සේවය කිරීම මඟින් ඔහු ෆොන්සේකා මහතාගේ සමීපතමයකු හෝ ගෝලයකු වන්නෙ නැත. ඔහු කටයුතු කළේ තමන්ට පැවැරුණ රාජකාරිය මුල් තැන තබාය. උතුරේ එල්ටීටීඊය යළි සංවිධානය වන බවට පසුගිය කාලයේ ගෙන ගිය ප්‍රචාරයන්ද සේනානායක මහතා ඉලක්ක කරගෙන ගිය මඩ ප්‍රහාරයන් විය. ඊට ගොඨාවාදී පොලිස් නිලධාරීන්ගෙන්ද සහය හිමිව තිබිණි.

කෙසේ නමුත් මහේෂ් සේනානායක මහතා හමුදාපතිධුරයට පත් වීමෙහි විශාලම හානිය ගෙන දී ඇත්තේ රාජපක්ෂ වරුන්ටය. යළි බලය ලබා ගැනීම සඳහා ආරක්ෂක හමුදාවන් තුල ආණ්ඩු විරෝධයක් ඇති කිරීමට එහි ඇතැම් නිලධාරීන් මාර්ගයෙන් ගත් උත්සාහයන්ට ඉදිරියේදී අවස්ථාව අහිමි වනු ඇත. එමෙන්ම යුධ හමුදා නිල ඇඳුමට මුවා වී අපරාධ කළ වුන්ට ගැලවීමක්ද නොවනු ඇත. සේනානායක මහතාගේ ස්ථාවරය වී ඇත්තේ ඔහුම මීට පෙර කිහිපවතාවක්ම ප්‍රකාශයට පත් කළ ලෙසම මෙම අපරාධ කරුවන්ට නිසි දඬුවම් ලබා දී ශ්‍රී ලංකා යුධ හමුදාවේ කීර්තිය ආරක්ෂා කළ යුතු බවය. මේ අපරාධකරුවන් වනාහි ගොඨාගේ මිනිස්සු ලෙස එකල කටයුතු කළ වුන්ය.

සේනානායක මහතාගේ කෙටි සේවා විස්තරයක් පහතින් දැක්වේ


‘මහේෂ්’නමින් කවුරුත් දන්නා 'ලුතිනන් ජෙනරාල් එන්.යු.එම්.එම්.ඩබ් සේනානායක ' වසර 1981 ඔක්තෝබර් 16 වන දින ශ්‍රි ලංකා යුද හමුදාවට බැඳි කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 16 පාඨමාලාව (දිර්ඝ කාලීන පාඨමාලා) හදාරා එම පාඨමාලාවේ දී අතිශුර කෙඩෙට් නිලධාරි හට හිමි සම්මාන අසිපත දිනාගනිමින් පාඨමාලාවේ ‍ජ්‍යෙෂ්ඨතම නිලධාරියා බවට පත්වන ලදි. අනතුරුව 1983 ජුනි මස 23 වන දින දෙවන ලුතිනන්වරයෙක් ලෙස අධිකාරියට පත්විමෙන් පසු ශ්‍රි ලංකා යුද හමුදා පළමුවන යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව වෙත ඇතුලත් කරන ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ශ්‍රි ලංකා යුද හමුදා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි හා බලඝණ නිලධාරි අණදෙන මෙන්ම ඒකකයෙන් පරිභාහිරවද ශ්‍රි ලංකා යුද හමුදා විද්‍යා පිඨයේ කෙඩෙට් නිලධාරි උපදේශක වැනි තනතුරද හොබවා ඇත.

තවද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ස්වේච්ඡාවෙන්ම 1989 වර්ෂයේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය වෙත ඇතුලත් විය. සේනානායක මහතා උතුරු - නැගෙනහිර ප්‍රදේශයේ පැවති සියළුම යුද හමුදා මෙහෙයුම් වල විවිධ නායකත්ව ස්ථරයන් යටතේ සක්‍රීයව සහභාගි විය. පළමුවන විශේෂ බළකා රෙජිමේන්තුවේ බළඝණ නිලධාරි අණදෙන මෙන්ම දිගුදුර විමර්ශන මෙහෙයුම් (LRP/LRRP) සංකල්පය හඳුන්වා දෙමින් 3 වන විශේෂ බළකායේ අණදෙන නිලධාරි තනතුර ද හොබවන ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශේෂ බලකා රෙජිමේන්තුවේ සේනා විධායක, 211 පාබල බලසේනාවේ බලසේනාධිපති (වව්නියාව), විශේෂ බලකා බලසේනාධිපති සහ 52 පාබල සේනාංකයේ (යාපනය, වරණිහි පිහිටි) සේනාංකාධිපති වැනි තනතුරු ද හොබවා ඇත.

යුධ සමයේ අතිශය තීරණාත්මක අවධියන් හිදී මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 52 සේනාංක මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි මෙන්ම ආරක්ෂක සේනා මුලස්ථානය යාපනය හී බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වැනි මාණ්ඩලික තනතුරු හොබවා ඇත. තවද, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මණ්ඩලික විද්‍යාලයේ නිලධාරි උපදේශක මෙන්ම මානුෂිය මෙහෙයුමෙහි තිරණාත්මක අවධියේදි යුද හමුදා මුලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කරන ලදි.


ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක උපායමාර්ගීක ක්‍රමෝපායන් අතින් ජාතික ආරක්ෂවට වැදගත් වන ස්ථානයක් වන ආරක්ෂක සේනාව යාපනය හී ආඥාපති වශයෙන් 2016 ජනවාරි මස සිට කටයුතු කරනු ලැබු අතර ශ්‍රි ලංකා යුද හමුදාවේ 50 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස පසුගිය මාර්තු මාසයේ දී පත් කරන ලදී. ඔහු විශේෂ බලකා රෙජිමේන්තු අධිපති වශයෙන්ද තනතුරු හොබවනු ලැබුවේය.


ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආරක්ෂක උපාධිය මෙන්ම ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධියක්ද ලබා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ක්‍රීයාන්විත රාජකාරින්හි දක්වන ලද දක්ෂතා හේතුවෙන් ඔහු වෙත රණ වික්‍රම පදක්කම (RWP) සහ රණශූර පදක්කම (RSP) කිහිප වතාවක් පිරිනමා ඇති අතර, ඔහුගේ විශිෂ්ඨ සේවය ඇගයිම සඳහා උත්තම සේවා පදක්කමින් (USP) ද පිදුම් ලබන ලදි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us