මත්පැන් මිළ අඩු කරන්න මංගල තුරුම්පුවක් සොයා ගනී !

Published in පුවත්
Saturday, 08 July 2017 19:29

පසුගිය කාලයේ මත්පැන් වල මිළ වැඩි කිරීම නිසා සුරා බදු ලෙස ලැබුණු රාජ්‍ය ආදායම සියයට 10 කි පමණ බිඳ වැටී ඇති බව අනාවරණය වී ඇත. නිත්‍යානුකූලව මෙරට වෙළඳ පොළට නිකුත් කරනු ලබන මත් පැන් හී මිළ වැඩි කිරීම මත අලෙවිය සීග්‍ර වශයෙන් පහත වැටිම නිසා මේ තත්වය උද්ගතව තිබේ.

මෙරට මත් පැන් භාවිතය (සෞඛ්‍යමය හේතු මත) අඩු කිරීමේ වුවමනාව අනුව මෙලෙස මිළ වැඩි කිරීම ආණ්ඩුව සිදු කළද ඉන් සත්‍ය ලෙසම බලාපොරොත්තු වූයේ වැඩි බදු ප්‍රමාණයක් එකතු කර ගැනීමය. මන්ද මත් පැන් හී මිළ වැඩිවූ පමණින් මත්පැන් ලෝලයන් ඒ අත් හැරීම හෝ සීමා කිරීම සිදු නොකරන බව ඒ සම්බන්ධයෙන් වන පැරණි දත්ත පරික්ෂා කිරීමෙන් ඔප්පු වේ. එමෙන්ම පසුගිය වසර දෙක තුලදී මෙරට මත් පැන් පානය වැඩි වී ඇති බවත් පෙන්නුම් කරයි.

කෙසේ නමුත් අවිධිමත් ලෙස මත් පැන් මිල වැඩි කිරීම නිසා නිත්‍යානුකූල මත් පැන් වෙනුවට නීති විරෝධී මත් පැන් සඳහා යොමු වීම සිදුව තිබෙන බව රජය විසින් සිදු කළ සමීක්ෂණයකදී පැහැදිලිව ඇත. පසුගියදා මුදල් ඇමැතිවරයා, මේ සටහන් කළේ මත් පැන් පාවිච්චි කරන්නන්ගේ සියයට 61 පාවිච්චි කරන්නේ නීති විරෝධී මත් පැන් බව පෙන්වා දෙමිනි. එමෙන්ම එහිදී මෙම ගැටලුව ගැන පැහැදිලි කිරීමක් සිදු කරන ලද නමුත් ඊට ඇතැම් පාර්ශ්ව වෙතින් විරෝධයක් එල්ල වී තිබිණි.

රජයේ සංඛ්‍යා ලේඛන අනුව මත්පැන් මිල පසුගිය වසර දෙකක කාලය තුළ 75%ක අගයකින් ඉහළ ගොස් ඇති අතර ඊට සාපේක්ෂව නීත්‍යානුකූල
මත්පැන් අලෙවිය 45%කින් අඩුවී ඇත.

2015 වසරේදී 'සුරාබදු' ආශ්‍රිත වර්ධනය 14%කි. එහෙත් එය 2016 වසරේදී - 8.0 ලෙස පහත වැටී ඇති අතර එම තත්ත්වය 2017 වසරේදී -10%ක් දක්වා පහත වැටෙන තත්ත්වයක් මතුව ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා උපුටා දක්වමින් වෙළඳපොල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ 2016 වසරේ ජනවාරි මාසයේ රුපියල් මිලියන 9,175 ක්, පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 9,370ක්, මාර්තු මාසයේ රුපියල් මිලියන 13,457ක්, අප්‍රේල් මාසයේ රුපියල් මිලියන 10,515ක් ලෙස වාර්තා වී ඇති බවය.

එහෙත් මිල වැඩි කළ ද සුරාබදු ආදායම 2017 වසර වන විට වසරේ ජනවාරි මාසයේ රුපියල් මිලියන 9,144 ක්, පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 7,692ක්, මාර්තු මාසයේ රුපියල් මිලියන 11,158ක්, අප්‍රේල් මාසයේ රුපියල් මිලියන 9038ක් ලෙස බරපතල පහත වැටීමක් පෙන්නුම්කරන බවයි.

එසේම නීත්‍යානුකුල මත්පැන් අලෙවිය සහ අදායම් එසේ පහත වැටෙන විට නීති විරෝධී මත්පැන් වෙළඳපොල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් පැවැතීම මත මේ වන විට සෞඛ්‍ය මෙන්ම සමාජීය ප්‍රශ්න රාශියක් නිර්මාණය කරමින් ඇති බවද වාර්තා වෙයි. එය විසඳීම සඳහා වෙනම පිරිවැයක් රජයට දරන්නට සිදුවීම මෙරට ආර්ථිකය තවත් දුෂ්කර තත්ත්වයකට ඇද දමන්නක් වන බවත් සුරාබදු අදායම් අඩු වෙමින් ඇති පසුබිමක එවැනි තත්ත්වයක් නිර්මාණය වීම ආර්ථිකයට කොහෙත්ම ඔරොත්තු නොදෙන තත්ත්වයක් බවද එම වාර්තා පෙන්වා දෙයි.

එම තත්ත්වය මඟහැරීම සඳහා ඉතා අකාර්යක්‍ෂම සහ විද්‍යාත්මක පදනමකින් සිදුකර නොමැති සුරාබදු පැණවීමේ ක්‍රමවේදය වෙනස් කළ යුතුබවද පෙන්වා දෙන මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ වර්තමානයේ හඳුන්වාදී ඇති බදු ක්‍රමය වෙනුවට මත්පැන් වල ඇති ඇල්කොහොල් ප්‍රතිශතය සැළකිල්ලට ගෙන විධිමත් මිල සූත්‍රයක් හරහා මෙම ප්‍රශ්නය වෙත විසඳුම් සැපයීමට කටයුතු කළයුතු බවය. ඒ අනුව සැර අඩු මත් පැන්වල මිල පහත දැමීම සිදු වනු ඇති බවත් පැවසේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us