එට්කා - නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද? කෘතිය ජනගත කිරීම

Published in පුවත්
Tuesday, 18 July 2017 10:44

“එට්කා - නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද?” කෘතිය ජනගත කිරීම වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සංවිධානත්වයෙන් ජුලි මස 19 වන බදාදා සවස 4 ට කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති කපිල පෙරේරා මහතා ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා විසින් රචිත මෙම කෘතිය තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදීන්ගේ සංසදයේ ප්‍රකාශනයකි. මෙම කෘතිය මඟින් එට්කා හිතවාදී අතළොස්ස විසින් පතුරුවමින් සිටින සාවද්‍ය මත සියල්ල ඛණ්ඩනය කෙරී ඇතැයි තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය පවසයි.

මෙහිදී සාහිත්‍ය සූරී ආචාර්ය ගුණදාස අමරසේකර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ආර්ථික විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය සුමනසිරි ලියනගේ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් විසින් සිය විචාරාත්මක අදහස් දැක්වීමට නියමිතය. මෙම උත්සවයේ මුලසුන හොඹවන්නේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා විසිනි.

ජාත්‍යන්තර වෙළඳාම පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ මහජන කොමිෂන් සහාවේ සාමාජිකත්වය දරමින් රටේ අවශ්‍යතාවය ඉටුකිරීමට ස්වේච්ඡාවෙන් සිදු කළ මෙහෙය අගය කරමින් කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් සහ හිටපු නීතිපති ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු මහතා ඇතුළු එම කොමිෂන් සභා සාමාජිකයින් වෙත මේ කෘතිය පුදනු ලැබේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us