කීර්ති නාමය කෙලෙසුවැයි ගෝඨාට එරෙහිව අනුර උසාවි යන හැඩ

Published in පුවත්
Saturday, 07 November 2015 13:49

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් 'සත්හඬ' පුවත් පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේදී 2012 වසරේදී ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගැනිම සඳහා තමන් තොරතුරු ලබා දුන් බවට කළ ප්‍රකාශය අසත්‍යයක් බවත් තමාගේ කිර්ති නාමයට කෙලසා දැමිමක් බවටත් චෝදනා කරමින් අධිකරණමය ක්‍රියා මාර්ගයක් ගැනිමට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සූදානම් වන බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. පක්ෂයේ සෙසු නායකන් එය සිදුකළ යුතු බවට දැඩි තීන්දුවක පසුවීම මත මෙම තීරණය ගෙන ඇති බවත් දැන ගැනීමට තිබේ.

මෙහිදී සත්හඬ පුවත්පතට හා එහි හඬපටය මුදා හළ ලංකා ඩේලි වෙබ් අඩවියට එරෙහිවද  කිර්ති නාමයට හානි කිරීම සම්බන්ධයෙන් වන්දි ඉල්ලා නඩු පැවැරීමටද එම පක්ෂය තීරණය කර ඇතැයි පැවසේ. මේ සම්බන්ධයෙන් එම පක්ෂයේ  එජාපයට හිතවත් නීතිඥයකුගෙන් උපදෙස් ලබා ගෙන ඇති නමුත් ඔහු පෙන්වා දී ඇත්තේ උඩ බලාගෙන කෙළ ගසා නොගන්නා ලෙසය. එහෙත් මෙය මෑත කාලයේදී තම පක්ෂයට වූ බරපතලම හානිය වන බවත්  එය තව දුරටත් සිදුවීම වලක්වා ගැනීමට නම් අධිකරණය වෙත යාම මේ මොහොතේ සිදුකළ යුතු බවත් එම පක්ෂ නායකයන් පෙන්වා දී තිබේ. ඒ අනුව විශාල වන්දියක් ඉල්ලා එන්තරවාසී යැවීමක් හෝ මේ මොහොතේ කළ යුතු බව පක්ෂයේ අදහසය.

එ කෙසේ නමුත් ගොඨාබය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය අනුව එම රෙජීමය පැවැති වකවනුවේදී තමන්ට හිතවත් පුද්ගලයන්ගේ පෞද්ගලික එදිරිවාදිකම් වලට අනුවත් පුද්ගලයන් පැහැරගෙන යාම සිදු තිබෙන බව පැහැදිලිය. ගුණරත්නම් මහතාගේ අත් අඩංගුවට ගැනීම( පැහරගැනීම) සිදුව තිබෙන්නේද එවැනි වුවමනාවක් අනුව බව පැහැදිලිය. මෙලෙස තවත් සිදුවීම් සිදුව තිබිය හැකි බවද මේ අනුව පැහැදිලිය. සත්හඬ පුවත්පත සමන්ග පැවැති සාකච්ඡාවේදී රාජපක්ෂ මහතාම ඒ පිළිගෙන තිබිණි.

එ කෙසේ නමුත් මෙම ප්‍රශ්නය අධිකරණය වෙත ‍රැගැන යාමට ජවිපෙ කටයුතු කරන්නේ නම් පසුගිය කාලයේ වූ තවත් ආන්දෝලනාත්මක සිදුවීම් ගනනාවක් හෙළිදරව් කර ගැනීමටද ඉන් ඉඩක් පාදා ගැනිමේ හැකියාව තිබේ. මෙම සිදුවීමට අදාලව වුවත් රාජපක්ෂ රෙජීමය නීතියට එපිටින් ගොස් පුද්ගලයන් පැහැර ගැනීමටත් කටයුතු කළ බව සනාත කළ හැකිය. එමෙන්ම මෙම සිද්ධියේදී රාජපක්ෂ මහතාත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් එදා රට හමුවේ බොරු බේගල් රැසක් ඇද බෑවේය.

Last modified on Saturday, 07 November 2015 18:54

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us