තිලක් මාරපන වැනී පර්ලිමේන්තුවට පැමිණ සිටින එජාප පැරිෂුට් කාරයන් නිසා තමන්ටද දැඩි අසාධාරණයක් තම ආණ්ඩුවෙන්ම සිදුවන බව මෙම මන්ත්රීවරුන්ගේ අදහස වී තිබේ. රනිල් වික්රමසිංහ මහතාගේ සමීප මිතුරන් පිරිසක් විසින් ආණ්ඩුවේ සියලු කටයුතු මෙහෙයවීමට යාම නිසා එජාපයේ කැබිනට් ඇමතිවරු පවා මේවන විට සිටින්නේ දැඩි කළ කිරීමෙනි.
මේවන විටත් අගමැති රනිල් වික්රමසිංහ මහතා අගමැතිධුරයෙන් ඉවත් කර එජාපයේම ජේෂ්ඨයකු අගමැති තනතුරට පත් කර නව හවුල් ආණ්ඩුවක් පත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. මේ සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන්ද කොළ එළියක් ලැබී තිබෙන බව එජාප ආරංචි මාර්ග පවසයි. කෙසේ නමුත් මෙවැනි උත්සාහයක් මහ මැතිවරණයට පෙර සිටම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සිදු විය.