ඇවන්ට්ගාර්ඩ් ව්‍යාපාරය කොල්ලකා නාවික හමුදාව ලාබ ලැබුවාද? චම්පිකලා ගසාකෑවාද ? Featured

Published in පුවත්
Tuesday, 08 December 2020 12:59

පසුගිය යහපාලනය පිහිටුවීමත් සමඟ ඔවුන් සිය දේශපාලනික සහ පෞද්ගලික පළිගැනීම් ක්රියාවලිය අරම්භ කළේ ඇවන්ට් ගාර්ඩ් සමුද්රරක්ෂක සමාගමට එරෙහිව අභූත චෝදනා නගමිනි. ඒ සමඟ ගාල්ල මුහුදේ ඒ වන විට නැංගුරම් ලා තිබූ ' මහනුවර' නෞකාවේ පිහිටුවා තිබූ ඇවන්ට් ගාර්ඩ් පාවෙන අවිගබඩාව මහා ගෝසාවක් කරමින් අත්අඩංගුවට ගනු ලැබීම ද සිදු කළේය.

යහපාලනයේ පොට වැරැදී

එහෙත් ඒ මොහොතේම යහපාලන ආණ්ඩුව පොට වරද්දා ගත්තේය. මන්ද මෙය නීති විරෝධී හෝ රහසිගත අවි ගබඩාවක් ලෙස හඳුන්වා අත් අඩංගුවට ගැනීමට කැස කෑවද එම මොහොතේදීත් පාවෙන අවිගබඩාවට ආරක්ෂාව සපයමින් තිබුණේත් ශ්රී ලංකා නාවික හමුදාවය. අවි තොගයේ වගකීම දරුවේත් ශ්රී ලංකා නාවික හමුදාවය. නෞකාවේ ඒ මොහොතේත් රාජකාරී කරමින් සිටියේ රක්නා ආරක්ෂක ලංකා සමාගමේ නිලධාරීන්ය. නීති විරෝධි අවි තබා උන්ඩයක්වත් එහි තිබුණේ නැත. එමෙන්ම රජය සමඟ ගිවිසුම් වලින් බැඳී ගෙන ගිය නිත්යනුකූල ව්යාපාරයකි. එහෙත් මේ ඇත්ත වසා දමමින් පට්ටපල් බොරු මාධ්යවලට පවසමින් මේ ඇවන්ට්ගාර්ඩ් දඩයම ඉදිරියට ගෙන යෑමට යහපාලකයෝ තීරණය කළේය.

ගොදුර ගෝඨාභය

එතැන් සිට යහපාලන ආණ්ඩු සමය තුල මේ ව්‍යාපාරය මුළුමනින්ම විනාශ කර එහි ව්‍යාපාරික හිමිකරුවා වූ මේජර් නිශ්ශංක සේනාධිපති ඇතුලු නිලධාරීන් අත්අඩංගුවට ගැනිමටත් ඒ හරහා ඒ සමයේ සිටි රාජ්ය ආරක්ෂක අමාත්යංශ ලේකම් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ සිරගත කිරීමටත් යහපාලනයේ තක්කඩි අවස්ථාවාදි දූෂිත ඇමැතිවරුන් තිදෙනෙකුත් ව්‍යාපාරිකයන්ගේ කප්පම් මඟින් යැපෙන දේශපාලන කල්ලියකුත් උත්සහ කළේය. පට්ටපල් බොරු බේගල් නැව් පිටින් ඇදලා දාපු මේ තක්කඩි අදත් කරමින් සිටින්නේ එයමය. පසුගියදා යහපාලන යුගයේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුව හමුවේ ඇවන්ට්ගාර්ඩ් ආයතනයට එරෙහිව සුපුරුදු චෝදනාව නැවත කළේය.

ඔහු පාර්ලිමේන්තුව හමුවේ ප්රකාශකර සිටියේ නාවික හමුදාව විසින් සිදු කළ ව්යාපාරය ඇවන්ට්ගාර්ඩ් සමාගමට පැවැරීමෙන් රුපියල් බිලියන 10 ක් රජයට පාඩු කළ බවට පරණ සුපුරුදු අභුත චෝදනාවය.

ඇත්ත කතාව

මේ කතාවේ ඇත්තක් නැත. එය කිසිදා සාක්ෂි සාධක මඟින් ඔප්පු කළ හැකිවන්නේ නැත. සත්‍ය ලෙසම සිදුවූයේ එහි අනෙක් පැත්තය. ඒ සත්‍යය ඔප්පු කිරීමට අපට සාක්ෂි තිබේ.

පසුගිය යහපාලනය කාලයේ මේ අය එම ව්‍යාපාරය නාවික හමුදාවට පැවැරීමෙන් රුපියල් බිලියන 8 ක ලාබයක් ලැබූ බවට ලොකු කතන්දර කිවේය. ඇවන්ට්ගාර්ඩ් එකට යෑමට තිබූ මුදලක් රජයට අත්පත් කරගැනීමක් බවට ලස්සන තර්ක ඇද දැම්මේය. එහෙත් අද මේවා පදනමක් නැති කතන්දර බව හෙළිව තිබේ.

2015 දෙසැම්බර් මස සිට 2020 සැප්තැම්බර් මාසය දක්වා එම වසර 4ත් වත්මන් ආණ්ඩු කාලයේ වසරක කාලය තුළත් නාවික හමුදාව මෙම මෙහෙයුම් තුලින් අත්පත් කරගෙන තිබෙන සමස්ත අදායම ඇමරිකානු ඩොලර් 67,52,332.1 කි. එනම් රුපියල් බිලියන 10 කට ආසන්න මුදලකි. ඒ මෙහෙයුම් 31,113 ක් සිදුකරමිනි. '' බුදු අම්බෝ නාවික හමුදාව බිලියන 10 ක්ම හම්බ කරලා..., කියා උදම් ඇණියද හැක.
( නාවික හමුදාව තහවුරු කළ නිල සංඛ්යා දත්ත සහිත අදාල සටහන මේ සමඟ ඇත. )

avent1

එහෙත් ඇත්ත කතන්දරය එය නොවේ. මෙය මහා ලාභයක් බවට උලුප්පා දැක්වූවද මෙහිදී රටට සිදුකර තිබෙන අලාභය ගැන සඟවන කතාවක් තිබේ.

නාවික හමුදාව ලාබ ලැබුවාද

ඇවන්ට්ගාර්ඩ් සමාගම මෙම මෙහෙයුම් සිදුකරනු ලැබුවේ එක් මෙහෙයුමක් වෙනුවෙන් ඩොලර් 3500 ක මුදලකට වන අතර නාවික හමුදාව විසින් පවරා ගෙනීමෙන් පසුව මෙය ඩොලර් 2000 දක්වා අඩුකරනු ලැබීය. ඒකට ඇත්ත හේතුව කුමක්ද කියා නාවික හමුදාව හෝ එවක ආණ්ඩුවේ නියෝජිතයන් අද වෙන තෙක් පැහැදිලිව කියා නැත. මෙයට රජයේ අවසරයක් හෝ ලැබී නොතිබුණු අතර ඇවන්ට්ගාර්ඩ් ව්යාපාරය විනාශ කිරීම සඳහා මැදිහත් වූ ඇමැතිවරයකුගේ උපදෙස් මත එවකට නාවික හමුදාවේ ඉහළම වගකීම් දැරු දූෂිත නිලධාරීන් මෙය සිදුකළේය.

මෙය මෙසේ සිදුනොවුණා යැයි කියනවා නම් මේ ගැන කරුණු සාක්ෂි සහිතව ඔප්පු කිරීමට මේ නිලධාරීන්ට හැකියාව තිබේ. එසේම මේ නිලධාරීන් සමඟ ඕනෑම මාධ්යයක් හමුවේ වුව සහභාගී වී ඇත්ත නැත්ත කුමක්ද යන්න ගැන පෙන්වා දීමට ඇවන්ට්ගාර්ඩ් අධිපතිවරයා සූදානම් බව මීට පෙර අවස්ථා ගනනාවකදී අභියෝග කර තිබේ. ඇවන්ට්ගාර්ඩ් ආයතනයට කරන චෝදනා සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන ලෙස හිටපු ඇමැති චම්පික රණවක ඇතුළු පිරිසටද ජවිපෙ නායක අනුර කුමාර දිසානායකටද කිහිපවතාවක්ම අභියෝග කළ නමුත් ඔවුන්ද පැමිණියේ නැත.

ව්‍යාපාරයෙන් ගසා කෑ හැටි

ගාස්තු අඩු කිරීමේ ඇත්ත හේතුව නම් මේ සමුද්රාරක්ෂ සේවා ලබාගන්නා නාවික සමාගම් කිහිපයකින්ම දූෂිත ඇමැතිවරුන්ට සහ නාවික හමුදාවේ ඉහළ බලධාරීන් කිහිප දෙනෙකුට මාස්පතා සංතෝසම් ලැබීමය. ඒ සම්බන්ධයෙන් තොරතුරු ද දැන් හෙළිවෙමින් තිබේ. මේ අය බිලියන් ගනන් වියදම් කරමින් මැතිවරණ ප්රචාරක කටයුතු කරන්නේ, සමාජ මාධ්ය මෙහෙයවන්නේ පාර්ලිමේන්තු මන්ත්රී පඩියෙන් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත.

මෙහෙයුම් ගාස්තු ඩොලර් 3500 සිට 2000 දක්වා අඩු කිරීම නිසා එක් මෙහෙයුමකින් ඩොලර් 1500 ගනනේ රටට අහිමි විය. නාවික හමුදාව පසුගිය වසර 5 තුළ සිදුකර තිබෙන මෙහෙයුම් ප්රමාණය වන 31,113 ක් පමණවේ. එමඟින් ඔවුන් විසින් ගෙන ආ විදේශ විනිමය ප්රමාණය 31113 X ඩොලර් 2000 = 67,500,000 ක් ( ඩොලර් මිලියන 67.5ක්) පමණවේ.

ඇවන්ට්ගාර්ඩ් ආයතනය පෙර සිදුකළාක් මෙන් එක් මෙහෙයුමකට ඩොලර් 3,500 ගනනේ මෙහෙයුම් 31,113 සිදුකළේ නම් ලැබිය යුතු වූ විදේශ විනිමය ප්රමාණය (31113 x 3500 =) ඩොලර් 108,895,500 කි. (ඩොලර් මිලියන 108.9 ක් පමණ වේ)

නාවික හමුදාව රජයට කළ පාඩුව රු බිලියන 8 යි.

මේ අනුව නාවික හමුදා දූෂිත නිලධාරීන් ශ්රී ලංකාවට අහිමි කළ විදේශ විනිමය ප්රමාණය ඩොලර් මිලියන 41 කි. ( ඇවන්ට්ගාර්ඩ් ආයතනයට ගෙන ආ හැකිව තිබූ මුදල 108,895,500 - නාවික හමුදාව ගෙන ආ මුදල 67,526,332= රටට අහිමි කළ මුදල 41,369,168) එනම් රු. බිලියන 7.6 කි. ( 41,369,168 X 185 = රු 7,653,296,080 )

මේ රටට අහිමි කළ මුදල ගැන දැන් චම්පික රණවක, ජවිපෙ හෝ හිටපු නාවික හමුදාපති රවීන්ද්ර විජේගුණරත්න හෝ වග කියනවා ද?

එදා නාවික හමුදාව කළ පාඩුවේ තරම තවත් සරළව කියනවා නම් 2014 දෙසැම්බර් මාසය තුල ඇවන්ට්ගාර්ඩ් සමාගම මෙරටට ඩොලර් මිලියන 4.4 (රු 814,000,000) ප්රමාණයක් ගෙනවිත් තිබේ. මේ සම්බන්ධ බැංකු ගිණුම් වාර්තා පරීක්ෂා කිරීම රහස් පොලිසියේ විමර්ශනයන්ටද බාර දී ඇති නිසා මේ ගනන් හිළව්ගැන කිසිවකුත් සැකයක් තියා ගත යුතු නැත. අවශ්ය කෙනෙකුට අපගේ බැංකු ගිණුම් පරික්ෂා කළ හැකිය. (කොමර්ෂල් බැංකුවේ එම ගිණුම් අංක 8190042655/ 8190038980/ 8190045794/ 8190046463/ 8190044760/ 8190048708/ 8190048392/ 8190045889/ 8190046090)

එහෙත් එය එසේ සිදුවෙන විට 2020 වසරේ නොවැම්බර් වන විට මාසික මෙහෙයුම් ප්රමාණය 300 කට ආසන්න අඩු මට්ටමක් දක්වා කඩාවැටුණු නාවික හමුදාවේ ඉපැයීම ආසන්නව ඩොලර් ලක්ෂ 7 ක් (රු. 129,500,000) දක්වා අඩු වී තිබේ. එනම් මෙම ව්යාපාර ආදායම සියයට 85 කින් පමණ අහිමිවීමකි. මේ ඇත්ත තත්වයය.

ඇවන්ට් ගාර්ඩ් මෙහෙයුමේ ලාභය

ඇවන්ට්ගාර්ඩ් සමාගම සහ රක්නා ආරක්ෂක ලංකා සමාගම ඒකාබද්ධ ව්යාපාරයක් වශයෙන් මෙම ව්යාපාරය 2012 ඔක්තෝබර් මාසයේ සිට 2015 ජනවාරි වන තෙක් මාස 26 ක කාලය තුල ඩොලර් මිලියන 62.7 (රුපියල් බිලියන 11.6 )කට වැඩි මුදලක් රටට ගෙන ආවේය. මේ කාලය තුලදී මේ ව්යාපාරය වෙනුවෙන් කිසිදු පිරිවැයක් නොදැරූ නාවික හමුදාවටත් රක්නා ලංකා සමාගමටත් (එනම් රජයට) රුපියල් බිලියන 4 කට ආසන්න ප්රමාණයක් ගිවිසුම් ප්රකාරව ගෙවනු ලැබුවේය. විශ්රාමික රණ විරුවන්ට ඉහළම වැටුප් දීමනා සහිත රැකියා පන්දහසකට ආසන ප්රමාණයක් සැපයිමටද ඇවන්ට්ගාර්ඩ් සමාගම සමත් වූ අතර ආබාධිත රණ විරුවන් සිය ගනනක ද රැකියා හිමි විය. මෙමඟින් යැපුණු පිරිස ලක්ෂ ගනනකි. එසේම ඇවන්ට්ගාර්ඩ් ප්රජාසත්කාර ව්යාපෘති යටතේ රුපියල් මිලියන 700 කට වැඩි ප්රමාණයක් වැය කරමින් අසරණභාවයට ලක්වූවන්ට සහන සලසා තිබේ. පොදු කටයුතු වෙනුවෙන් භාණ්ඩ හා සේවා ලබාදිම වෙනුවෙන් ද මේ ආයතනය විශාල මුදල් ප්රමාණයක් වැය කර තිබේ. එසේ නොමැතිව මේ ව්යාපාරය තුලින් උපයනු ලබු රුපියල් බිලියන 11.6 නිශ්ශංක සේනාධිපති තමන්ගේ සාක්කුවට දමා ගත්තේ නැත. රජයට එක සත පහක පාඩුවක් සිදු කර නැත. වංචා කර නැත. මේ සියල්ල ඔහු විසින් ඔහුගේ ධනය වැය කර, උපයා ගෙන එක ඩොලරයක අඩුවක් නැතිව රටට ගෙනා විදේශ විනිමයයි.

නාවික හමුදාවේ කීර්තිය කෙළසීම

එහෙත් චම්පිකලාගේ යහපාලනය සිදු කළේ මොකක්ද?, මහා ව්යාපාරයක් විනාශ කර ලංකාවට ලැබෙමින් තිබූ ඩොලර් බිලියන ගනනක විදේශ විනිමය විනාශ කර දැමීමය. දස දහස් ගනනකට යනඑනමං නැති කිරීමය.

එසේම නාවික හමුදාවට මෙය පැවැරුවා කියා අමුතු ලාබයක් කෙසේවත් ලැබුණේ නැත. ඇවන්ට්ගාර්ඩ් සමාගම එම ව්යාපාරය කරන කාලයේදී රජයට ලබා දුන් අදායම් ප්රතිශතය හැර නාවික හමුදාව එක ඩොලරයක් හෝ අමුතුවෙන් උපයන්නට සමත් වූයේ නැත. ඇවන්ට් ගාර්ඩ් සමයේ මාස 26 කදී රු. බිලියන 4ක් රජයට කිසිදු පිරිවැයක් නැතිව ලාභයක් ලැබුණු අතර නාවික හමුදාව මාස 60 කදී උපයා දුන්නේ රු.බිලියන 10 කි. ඒ පිරිවැයක් දරාගෙනය. ඒ නිසා සත්ය ලාභය මීට බෙහෙවින් අඩුය.
ඉහත පෙන්වා දුන් පරිදි ගාස්තු අඩුකිරීම නිසා නාවික හමුදාව රටට ලැබිය යුතුව තිබුණු ඩොලර් මිලියන් 41 ක් පමණ අහිමි කිරීම පමණක් ඔවුන් මෙම ව්යාපාරය බදාගැනීම නිසා සිදුකර තිබෙන බව පැහැදිලිය.

මෙහි වඩාත් කණගාටුවට කරුණ නම් ලෝකයේ ඉහළම කාර්ය ශූරත්වයක් ඇති දක්ෂතම නිර්භීතම නාවික හමුදාවක් ලෙස අප ලබා තිබූ කීර්ති නාමය නාවික හමුදාවේම දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු සහ යහපාලනයේ මුග්ධ දූෂිත දේශපාලනය විසින් විනාශ කර දැමීමය.

තවත් බොරු කිව නොහැකියි

දැන් රටට ඇත්තටම පාඩු කර ඇත්තේ ඇවන්ට්ගාර්ඩ් සමාගමද නාවික හමුදාවද යහපාලනයද? යන්න තේරුම් ගැනීමේ අපහසුවක් නැත. චම්පිකලාත් එවකට නාවික හමුදාපතිවරයාව සිටි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහ මේ කුමන්ත්‍රණකාරි මෙහෙයුමට දායක වූ දුෂිත නාවික හමුදා නිලධාරීන් ද මේ මජර කාලකණ්නි විනාශයට වගකිව යුතුය.

මේ සම්බන්ධයෙන් 2019 දෙසැම්බර් 19 වනදා ඇවන්ට්ගාර්ඩ් සමාගම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් ද දැන් විමර්ශනය කරමින් තිබේ. ඒ අනුව මෙහි ඇත්ත නැත්ත පැහැදිලිවම හෙළි වනුද ඇත. අද නාවික හමුදාව වෙනුවෙන් මේ මෙහෙයුමේ වගකීම උසුලන රියර් අද්මිරාල් වයි. එන්. ජයරත්න නම් නිලධාරීයාට යහපාලනයත් නාවික හමුදාවත් රටට කර ඇති ඩොලර් මිලියන 41 නැතිනම් රුපියල් බිලියන 8 කට ( රු 7,653,296,080 කට ) ආසන්න මුදලක පාඩුව ගැන ඇත්ත කියන්න සිදුවනවා ඇත. එහෙත් තවමත් ආරක්ෂක අමාත්යංශය නිලධාරීන්ව නොමඟ යවමින් වැරදි තොරතුරු ලබාදෙමින් මේ නිලධාරීයා උත්සහකරමින් තිබෙන්නේ මේ නාවික හමුදාවේ හිටපු දූෂිත නිලධාරීන් රකින්න පමණක් නොව ඔහුටද මෙයින් අයතා ප්‍රතිලාබ ඇති නිසා ද කියන සැකය මතුව තිබේ.

රුපියල් බිලියන 2 ක සංතෝසම්

චම්පිකලා මෙන්ම මේ නාවික හමුදා නිලධාරීන් මේ සා විශාල කුමන්ත්‍රණයක් සිදු කර රටට රුපියල් බිලියන 8 කට ආසන්න මුදලක් අහිමි කළේ නිකම් ඇඟ කසනවාට නොවිය හැකිය. අනිවාර්යෙන්ම විදේශ නැව් සමාගම් හරහා ලොකු ගතමනාවක් ඔවුන්ට නොලැබෙනවා සහතික කර කිව නොහැක. දැනගැනීමට තිබෙන තොරතුරු අනුව මේ දක්වා අවම වශයෙන් රුපියල් බිලියන 2 ක සංතෝසම් මුදල් එහෙ මෙහෙ වී තිබේ. එසේ අතයට වාසියක් නැතුව මෙවැනි කාලකණ්නි දේවල් කිරීමට ඔළුවක් හදවතක් තියෙන රටට ආදරය කරන මිනිහෙක් යොමු වන්නේ නැති බව කිව යුතු නැත.

දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි

කොහොම නමුත් සුදු පිරුවට අස්සේ ඉඳගෙන ලස්සන වදන් දිග හරිමින් යහපාලකයෝ කළ දූෂිත ගනුදෙනු හෙළිදරව් කර මේ හොරුන්ට අධිකරණය හරහා දඬුවම් පැමිණවීම විය යුතු බව රටේ බහුතරයගේ මතයයි. මන්ද යහපාලන කාලයේදී රටට කළ විනාශය තරම් විනාශයක් වෙනත් කිසිදු පාලන සමයකදී සිදුවුයේ නැති තරම් වීමත් එවැනි විනාශකාරී යුගයක් නැවත් මේ රටට අවශ්ය නැති නිසාත්ය.

- ඇවන්ට්ගාර්ඩ් රැකියා අහිමිවූවන්ගේ සංගමය

Leave a comment

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us