ගෝඨා ෆේල් කියන විපක්ෂය මේවා ගැන කියන්නේ කුමක්ද? Featured

Published in පුවත්
Saturday, 14 November 2020 19:47

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේයෙත් අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගයෙත්.., නායකයොත් පාක්ෂිකයනුත් මේ දිනවල ගෝඨා ෆේල් ෆේල් ගගා පාර්ලිමේන්තුවෙත් සමාජ මාධ්‍ය ඔස්සෙත් කෑ කෝ ගසමින් සිටී.

වත්මන් ගෝඨා පාලන තන්ත්‍රයට එරෙහිව දේශපාලනිකව හෝ වෙනත් ආකාරයකින් හෝ හරිහමන් දේශපාලනික විවේචනයක් කිරීමට තරම් නොහැකියාවෙන් පෙලෙන මෙම කණ්ඩායම් දෙකම දැන් කරමින් සිටින්නේ එදා වේල ‍ටුවර්ස් දේශපාලනයක් බව පෙනෙන්නට තිබෙන සත්‍යයි. දේශපාලන දර්ශනයක්, ප්‍රතිපත්තියක්, වැඩ පිළිවෙලක් හෝ නැති එසේම වත්මන් දේශපාලන හැසිරීම්, ලෝක දේශපාලන තත්වයන් සහ අනාගත චලිතයන් ගැන ගන්න තැබීමක් නොකරන කිසිදු දේශපාලන කණ්ඩායමක් විසින් වත්මන් ගෝඨා පාලනය විවේචනයට ලක් කරනවා නම් ඒ කොටින්ම මළ විකාරයකි. විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුව කරන කියන සියලු දේම විවේචනය කරමින් සිටීම යැයි සිතන වත්මන් විපක්ෂ කණ්ඩායම් හිතාගෙන ඉන්නේ එහෙම කළාම ආණ්ඩුව පෙරළා බලය ගන්න හැකි වෙනු ඇති බව විය හැකිය. එහෙම කරපු කාල අතීතයේදී තිබිණි. එහෙත් දැන් ඒ යුගය වෙනස්ය. යුගයේ දේශපාලන යාන්ත්‍රණය දැන් දුවන්නේ ඩිජිටල් ක්‍රමය. ඇනලොග් ක්‍රමයට ඊට එරෙහිවීමෙන් පලක් නැත. ඒවා විකාර විගඩම් වලින් සහ විනාශයන්ගෙන් කෙළවර වෙයි. අපේ මේ විපක්ෂය අදත් පෙන්වමින් සිටින්නේ ඒ විගඩම්ය.

ගෝඨා ෆේල් කියා කෑ ගැහුවාට මොකවත් වෙන්න නියමිත නැත. රාජපක්ෂවරුන්ගේ දේශපාලන යාන්ත්‍රණය ඒවායෙන් බිඳ හෙළිය නොහැක. අලුත් ප්‍රවේශයක් ඊට අවශ්‍යය. එහෙත් ඒ සඳහා නායකත්වය දිය හැකි කිසිවකුත් සිටින බව පෙනෙන්නටද නැත. ඒ නිසා අපි ඔය විපක්ෂවලට යෝජනා කරන්නෙ ඉස්සෙල්ල හරිහමන් නායකයකු හොයා ගන්න ලෙසය.නැතිනම් ඔය විගඩම්කාරි දේශපාලන ගොබ්බයන් එක්ක නට නටා ඉන්න පුළුවන. ඒක ජනතාවට විනොදයක් වෙයි.එපමණයි.

පහත දැක්වෙන්නේ ගෝඨා පාලනය වෙතින් සිදුකෙරුණා කියන වැඩය. විපක්ෂයට හැකි නම් මේවායේ ඇති අසමත්කම් හෝ වැරදි පෙන්වා දිය හැකිය. එය අනාගතයට හොඳ අභ්‍යාසයක් ද වෙනු ඇත.

➢ කලින් පැවති ආණ්ඩු විවේචනය නොකර නව රජයේ වැඩපිළිවෙළ කාර්යක්ෂම ඉදිරියට ගෙන යාම.
➢ රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ආයතන බවට පත් කිරීම.
➢ ජනාධිපති කාර්ය මණ්ඩලය හා පරිවාර රථ සීමා කිරිම සහ ජනාධිපති නිල නිවස ලෙස තමන්ගේ පදිංචි නිවසම තෝරා ගැනීම.
➢ භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16කට සීමා කරමින් අනාගත ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කරන බවට ජනතාවට පොරොන්දු වීම.
( නව රජයේ කැබිනට් මණ්ඩලය 30කට සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කට සීමා කෙරිණ.)
➢ මහජන මුදලින් සංවර්ධනය කෙරෙන මාර්ග සඳහා දේශපාලනඥයන්ගේ රුව සහිත නාම පුවරු වෙනුවට මාර්ගයේ නම සහිතව රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරිමට උපදෙස් දීම.
➢ තම ධූර කාලය තුළ පාර්ලිමේන්තු සැසිවාර ආරම්භ කිරීමේදී සිදුවන මුදල් නාස්තිය වළක්වාලමින් හමුදා උත්තමාචාර වැනි දේ අවලංගු කිරිම (2020.01.03)
➢ යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත් කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිසිවෙකු මහ මැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්වල නිරත නොවිය යුතු බව දැනුම්දීම. (2020.06.08)
➢ ජනපති සේයා රුව මැතිවරණ ප්‍රචාරණයට භාවිත නොකරන ලෙස නියෝග කිරීම (2020.07.02)
➢ ජනාධිපතිතුමාගේ උපන්දින සැමරුම ආගමික වතාවත්වලට පමණක් සීමා කිරීම. (2020.06.20)
➢ පරිසරයට හානි නොකරන ජනාධිපතිවරණ ව්‍යාපාරය අගයා ජනාධිපතිතුමාට “කාබන් ශුන්‍යකරණ” සහතිකය පිරිනැමීම. (2020.07.16)
➢ ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටළු විසඳීමට ජනාධිපතිතුමා දෛනික නිල කාර්යයන්හි ප්‍රමුඛත්වය දී ඇති බැවින් පෞද්ගලික උත්සව සඳහා ඇරයුම් නොකරන ලෙස ඉල්ලා සිටීම (2020.09.01)
➢ ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටළු ඝෘජුවම හදුනාගෙන නොපමාව විසඳුම් දීම පිණිස ගමින් ගම චාරිකා කිරීම (2020-09-22) – “ගම සමග පිළිසඳර” වැඩසටහන
➢ විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් පිළිබඳව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී ඇති බැවින් සියලු කරුණු සැලකිල්ලට ගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට පියවර (2020-09-29)
➢ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් ලබාදීම (2020-10-02)
➢ විල්ගමුවට වකුගඩු - රුධිර කාන්දුකරණ ඒකකයක් (2020-10-02)
➢ හිඹිලියාකඩ දිස්ත්‍රික්කයේ පවතින හෙද හිඟය පියවීමට වහාම පියවර ගැනීම (2020-10-02)​
පොදු ජන යහපත වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසකට එලැඹ තිබේ.
➢ මහජනතාවට සිය දුක්ගැනවිලි ඝෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙමින් පළමුවරට ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කිරීම. (2020.06.12)
➢ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පූර්ණ ප්‍රතිසංශෝධනයකට ලක් කර පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට සිදුකරන අපරාධ මෙහෙයුම් නතර කිරීමට පියවර ගැනීම. (2020.06.01)
➢ දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල පාතාල සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරම් පිළිබඳව නිර්නාමික තොරතුරු ජනාධිපති කාර්යාලයට යොමුකරන ලෙස ජනතාවට දැනුම් දීම (2020.07.27)
➢ සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක සහ නීතිගරුක සමාජයක් ගොඩනැගීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කිරීම (2020.05.03)
➢ නාගරික සංවර්ධනයේ වේගවත් පිම්මකට අවශ්‍ය සැලසුම් සකස් කරමින් නිලධාරීන්ට උපදෙස් දීම. (2020.05.11)
➢ පළමු වතාවට නිවසක් මිලදී ගැනිමේ දී සහන පොළියක් සහිත දිගුකාලීන ණය ප්‍රදානය (2020.01.06)
➢ අනුකූලතා සහතිකය (COC) එක් දිනකදී නිකුත් කිරීම (2020.01.06)
➢ නිවාස හෝ සුළු ව්‍යාපාර ඉදිකිරීමේදි නිසි පරිදි සම්පූර්ණ කර ඇති සැලසුම් එක් දිනකදී අනුමත කිරීම (2020.01.06)
➢ නිවසක් නොමැති දුගී පවුලක් තෝරාගෙන එක් ග්‍රාමසේවා වසමකට එක් නිවස බැගින් නිවාස 14,000ක් ඉදිකර දීමේ වැඩසටහන ඇරඹීම. (2020.01.06)
➢ ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීමට ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීම (2020.01.15)
➢ ග්‍රාමීය ජනතාව වෙනුවෙන් පානීය ජල සම්බන්ධතා එක් ලක්ෂ පනස්දහසක් (2020.01.15)
➢ දුරකථන ගාස්තු මත අය කර තිබු බද්ද 25% කින් පහත දැමීම.
➢ 15% වැට් බද්ද 8% දක්වා පහත හෙළීම.
➢ ආපදා අවස්ථාවල සහන සැලසීමට බාධා වන චක්‍රලේඛ සංශෝධනය කිරීමට උපදෙස් (2019.12.23)
➢ රක්ෂිතවල වාසය කරන පිරිස් සුදුසු ස්ථානවල පදිංචි කිරීමට පියවර ගැනීම (2019.12.31)
➢ දිවයින පුරා කුඩා නගර අලංකාරවත් ලෙස නවීකරණය කොට සංවර්ධනය කිරීමට පියවර ගැනීම (2020.01.06)
➢ ජනවාරි 01 දා සිට මාධ්‍යවල ප්‍රචාරය වන ගීත සඳහා අදාළ ගායක ගායිකාවන්ට කතෘභාග ගෙවීම ආරම්භ කිරීම
➢ පාතාලය හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට බලය දීම.
➢ ඉන්දියාව, චීනය සේම ලෝකයේ බලවත් රාජ්‍යයන්ට අප කෙරෙහි විශ්වාසය තබා අපගේ අනන්‍යතාවට ගරු කරමින් ආයෝජන කිරීමට ආරාධනා කිරීම.
➢ පළාත් නවයේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ වගකීම හමුදාවට භාර කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම.
➢ පරිසර පවිත්‍රතාව පොලීසියේ සහ සෙසු කණ්ඩායම්වල අවධානයට ලක් කිරීම සඳහා වන ක්ෂණික වැඩපිළිවෙළ.
➢ දිළිදු හා අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගනු ලබන පුද්ගලයන්ට ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් ප්‍රතිස්සංකරණ කොමිසන් සභාව සහ බිම් සවිය සමග සම්බන්ධිකරණය කර කෘෂිකර්ම සංවර්ධන සහ නිවාස හා ව්‍යාපාර වෙනුවෙන් තිස් අවුරුදු බදු පදනම් යටතේ ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම
➢ රටින් පිටවීමේ දී සහ මෙරටට පැමිණිමේදී කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවයකට හෝ ප්‍රමාදයකට ලක් නොවන ආකාරයෙන් ගුවන්තොටුපොළ කටයුතු විධිමත් කිරීමට පියවර ගැනීම.
➢ මෙරට සියලු ඉඩම් ඒකක කඩිනමින් මිණුම් කර අවසන් කිරීමට අදාළ අංශවලට උපදෙස් දීම
➢ මධ්‍යම සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකිරීමට උපදෙස් ලබාදීම
- රත්නපුර අධිවේගයට ප්‍රමුඛතාව
- කොළඹ මාර්ග තදබදයට ඉක්මන් පිළියම්
- ගාලුපාරට සමාන්තර මුහුදු බඩ මග පානදුර දක්වා
- පොදු ප්‍රවාහනය නැංවිමට සැලසුම්
- ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන්ගේ මූලිකත්වයෙන්
➢ MCC සමාලෝචන වාර්තාව මුද්‍රිත, විද්‍යුත් මාධ්‍ය සහ සියලුම සමාජ මාධ්‍ය මගින් ජනතාවට යොමු කිරීම. (2020.06.28)
➢ පානීය ජල ගැටළුව විසඳීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කිරීමට උපදෙස් (2020.08.01)
➢ කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයටම පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය කඩිනමින් හඳුන්වා දීමට තීරණය කිරීම (2020.08.18)
➢ මෝටර් රථයෙන් පැමිණ එය නතර කොට බස් රථයෙන් සේවා ස්ථානයට ගමන් කිරීමේ ක්‍රමය (Park & Drive) කඩිනමින් ක්‍රියාත්මක කර මාර්ග තදබදය විසඳීමේ අවශ්‍යතාව (2020.08.18)
➢ තවත් උපාධිධාරීන් 10,000කට රැකියා ලබාදීම (2020.08.19)
➢ සමෘද්ධිලාභී සහනධාර මානසිකත්වයෙන් මුදාගෙන ක්ෂුද්‍ර ව්‍යවසායකයෙක් බවට පත්කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් සැලසුම් කිරීම (2020.08.24)
➢ අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දීමේ යාන්ත්‍රණය සැකසීම (2020.08.27)
➢ නෙළුව ලංකාගම මාර්ගය දින 90 කින් සංවර්ධනය කිරීම (2020.08.29)
➢ සතොස, සමූපකාර, ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ආරක්ෂක අංශවල ද සහාය ඇතිව ගොවි අස්වැන්න සෘජුව පාරිභෝගිකයා වෙතම බෙදාහැරීමේ වැඩපිළිවෙළ සැකසීම (2020.08.31)
➢ රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසරකදී ප්‍රතිසංස්කරණය කිරීම වැඩපිළිවෙල ඇරඹීම (2020.08.31)
➢ ඉඩම් සම්බන්ධයෙන් අනුමැතිය සඳහා රාජ්‍ය ආයතනයකට යොමුකරන ඉල්ලීමකට දින 14ක් ඇතුළත පිළිතුරු දීමට අවශ්‍ය පසුබිම රාජ්‍ය යාන්ත්‍රණය සැකසීම.(2020.09.02)
➢ ජනතාව භූක්ති විඳිමින් සිටින ගැටළු නැති ඉඩම් සඳහා මාස 03ක් ඇතුළත නිරවුල් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ සැකසීම(2020.09.02)
➢ 2025 අවසන් වීමට පෙර පැය 24 පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහන ක්‍රියාවට නැංවීම (2020.09.03)
➢ පුරාණ තාක්ෂණය හා නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය (2020.09.09)
➢ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ජනතාවට පහසු මිලට ලබාගැනීම සඳහා දිවයින පුරා සතොස සහ සමූපකාර සුපිරි වෙළඳසැල්වල ඖෂධ අළෙවිසැල් 100ක් ස්ථාපනයට පියවර ගැනීම (2020.09.10)
➢ වසර 2030 වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස් කිරීම (2020.09.14)
➢ පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දී ඊට අවශ්‍ය සහාය දෙන ලෙස සියලු ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කිරීම (2020.09.14)
➢ ටෙන්ඩර් පරිපාටියෙන් තෝරාගන්නා සියලු ව්‍යාපෘති තෙමසකදී ආරම්භ නොකළහොත් නිකුත් කළ බලපත්‍ර අවලංගු කිරීම (2020.09.14)
➢ ග්‍රාමීය මාර්ග කී.මී. ලක්ෂයේ ඉදිකිරීම් 2024 දී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීම (2020.09.15)
➢ නිවාස මිලදී ගැනීමට 6.25% වාර්ෂික පොලී අනුපාතයකට තිස් වසරකින් ගෙවී අවසන් වන පරිදි රාජ්‍ය බැංකු මගින් ණය දීමේ ක්‍රමයක් සැකසීම (2020.09.17)
➢ ජනාධිපතිතුමාගේ සියලු වාචික නියෝග චක්‍ර ලේඛ සේ සලකා ඉටු කිරීමට උපදෙස් දීම. (2020-09-25)
➢ වතු ජනතාවට නිවාස සම්පාදනයේදී ලයිම ආශ්‍රිතවම ඉදිකිරීමේ අවශ්‍යතාව (2020-09-29)
➢ ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකයක් ඇති පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් සහ විධිමත් කිරීම (2020-10-06)
➢ වත්මන් ජීවන වියදම සැලකිල්ලට ගෙන පරිප්පු, ටින් මාළු, බී ලූණු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කිරීම (2020-10-13)
➢ ගොවියාට ඉහළ මිලක් පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළෙඳපොළක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි (2020-10-14)
➢ මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයීය ක්‍රීඩාපිටිය, ජීවනගම - කජුවත්ත මාර්ගය සහ කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය - මහකුඹුක්කඩවල හරහා ආඩිගම දක්වා කොටසේ සංවර්ධන වැඩ අවසන් කිරීම (2020-10-16)
➢ හිඹිලියාකඩ ගම්වැසියන් භුක්ති විඳින ඉඩම් සඳහා ඔප්පු 110ක් සකස් කොට ප්‍රදානය කිරීමට සැලසුම් කිරීම (2020-10-20)
➢ කුඹුරු අක්කර 2000කට පමණ ජලය සැපයෙන විල්ගමුව කොට්සයේ වත්තේගෙදර සහ දොඩම්ගොල්ල වැව ඉදිකිරීම් සැලසුම් කිරීම (2020-10-20)
➢ වෙහෙරගල සිට හෙට්ටිපොළ නගරය දක්වා කි.මි. 2.8ක් සහ හිඹිලියාකඩ වැව් තාවුල්ලේ සිට හිඹිලියාකඩ ග්‍රාමයට ඇති මාර්ගවල සංවර්ධන කටයුතු ඇරඹීම(2020-10-20)
➢ දීර්ඝ කාලීන ජනතා අවශ්‍යතාවයක් සපුරාලීම පිණිස ආරම්භ කළ නෙළුව - ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතී (2020-10-31)
➢ අඩු, මධ්‍ය සහ ඉහල මධ්‍ය ආදායම්ලාභීන්ගේ ඉල්ලුමට සරිලන පරිදි දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍රකර ගනිමින් නිවාස ව්‍යාපෘති දියත් කිරීම. ඒ යටතේ ඉදිරි වසර තුල මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිවාස 5,000ක් ඉදි කෙරේ. 2024 අවසන්වීමට පෙර ඉදිකිරීමට අපේක්ෂිත සමස්ත නිවාස සංඛ්‍යාව 36,884කි.
( 2020-11-11 දින ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට ඇරයුම් කිරිම )

ස්වාධීනත්වය රකින ආර්ථික ප්‍රතිපත්තියක්

➢ නව ආර්ථික මාදිලියක් සැකසීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරමින් වගකීම් පැවරීම. (2020.04.22)
➢ රට තුළ කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගත් නව උත්ප්‍රෙරණයක් ඇති කිරීම
➢ සියලු දිස්ත්‍රික්කයන්හි ඇති ආයෝජන අවස්ථා හදුනාගෙන ඒ සඳහා අවසර දීම රජය මගින් සිදුකර විදෙස් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමේ වැඩපිළිවෙළක් සැකසිම.
➢ එම්සීසී ගිවිසුම පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදුකොට නිර්දේශ ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීම.
➢ රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගැනීම.
➢ පසුගිය රජය මගහැර තිබූ දැවැන්ත ආයෝජන අවස්ථා නැවත රටට ලබා ගැනීමට කටයුතු කිරීම
➢ අත්යන්ත්‍ර සහ බතික් රෙදි පිළි ආනයනය නතර කිරීමට පියවර ගැනීම (2020.06.15)
➢ ආර්ථික පුනරුදයට කඩිනම් නව ක්‍රියාමාර්ගවලට එළැඹීමට මහ බැංකුවට උපදෙස් දීම. (2020.06.17)
➢ කොළඹ වරායේ ජය බහලුම සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට පංච පුද්ගල කමිටුවක් පත් කිරීම. (2020.07.03)
➢ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම (2020.08.02)
➢ ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන ප්‍රතිපත්තියක් මත පදනම්ව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ ඇරඹීම. (2020.08.02)
➢ බතික් සහ අත්යන්ත්‍ර කර්මාන්තය නඟා සිටුවීමට සියලු අංශ ආවරණය කෙරෙන සැලැස්මක් සැකසීම (2020.08.17)
➢ අර්තාපල් ආනයනය නොකර දේශීයව අවශ්‍යතාව සපුරා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම (2020.08.24)
➢ මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ 15% වූ රත්‍රන් ආනයන බද්ද ඉවත් කිරීම. (2020.09.07)
➢ ඖෂධ ආනයනය විධිමත් කිරීමට සහ ඒ සඳහා ඇතිකරගෙන තිබෙන ගිවිසුම් සංශෝධනය (2020.09.10)
➢ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2023 අවසන් වීමට පෙර නිම කිරීම (2020-09-30)
➢ චීනය සමග වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය විශාල අගයක් ගන්නා බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය අඩුකරනු පිණිස ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය වැඩිකරන ලෙස චීන දූත පිරිසේ නායකයාගෙන් ඉල්ලීම (2020-10-09)

සැමට පොදු නීතියක් වෙනුවෙන්

➢ ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමේ දී පුද්ගල කීර්ති නාමයට හා සමාජ තත්ත්වයට බලපෑමක් නොවන පරිදි සුපරික්ෂාකාරීව හා නීතියට අනුකූලව ක්‍රියා කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දීම.

අධ්‍යාපනය සහ අනාගත දරු පරපුර වෙනුවෙන්

➢ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛතාව දෙමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම. (2019.12.05)
➢ පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම
➢ උසස් පෙළ සමත් සියලු සිසුන්ට සරසවි වරම් සහතික කිරීම අධ්‍යාපනයෙන් පිරිපුන් පරපුරක් රටට දායාද කිරීමේ අමුණින් ගත් වැදගත් තීන්දුවකි. (2019.12.05)
➢ උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් නොලබන තරුණ තරුණියන් වෘත්තීය පුහුණුව සමග ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය මුසු කරගත් සුහුරු තාක්ෂණවේදීන් බවට පත්කිරීමේ කඩිනම් වැඩපිළිවළෙක් දියත් කර තිබේ.
➢ වයස අවුරුදු 20 වන විට උපාධිලාභී තරුණ තරුණියන් රුකියා සදහා සූදානම් කිරීමේ වැඩපිළිවෙළක් හදුන්වාදීම. (2020.01.09)
➢ ඉදිරි කාලසීමාව තුළ හෙද පාඨාමාලා හදාරන අය සහ ගුරු පුහුණුව ලබන අය උපාධි අවස්ථා දක්වා රැගෙන යාමට සැලසුම් සකස් කෙරෙමින් පවතී.
➢ අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධන බලකායක් පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම් සහගතව හා විනිවිද භාවයකින් යුතුව සිදු කිරීමට පියවර ගෙන තිබේ.
➢ ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ස්ථාපනය කොට ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සකසා ඇත.
➢ මහා සංඝරත්නයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම (2020.08.21)
➢ ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කිරීම සහ සියලු පාසල්වලට සමාන පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම (2020.09.10)
➢ සැම පාසලකටම නිලධාරීන්ගේ සමාන පෞද්ගලික අවධාන යොමු කරීමට උපදෙස් දීම ( 2020-09-21)
➢ ආබාධ සහිත දරුවන සමාජගත කිරීමට ඉවහල්වන අයුරින් වෙනම වැඩපිළිවෙළක් සැකසීම. ( 2020-09-21)
➢ ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවීමට සැලසුම් කිරීම (2020-09-29)
➢ සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒකාබද්ධව ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා පාසලක් ආරම්භ කිරීමට සැලසුම් කිරීම (2020-09-30)
➢ ලෝක ළමා දින සැමරුම් කරමින් දිස්ත්‍රික්ක 05ක පාසල් සඳහා පුස්තකාල පරිත්‍යාග කරන ලදී (2020-10-01)

රාජ්‍ය සේවය වෙනුවෙන්

➢ රාජ්‍ය ආයතන දේශපාලනයෙන් මුදා ගැනීමේ පළමු පියවර ලෙස මෙවර මහ මැතිවරණයේ දී (2020) දේශපාලන කටයුතුවලට රජයේ සේවකයින්ට සම්බන්ධවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීම. (2020.06.08)
➢ රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේ දී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම. (2019.11.28)
➢ රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම.
➢ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය, ලක්ෂ 20ක් වූ ටෙලිකොම් සභාපති වැටුප ලක්ෂ දෙක හමාරක් දක්වා අඩු කිරිම.
➢ රාජ්‍ය ආයතන ප්‍රසම්පාදන ක්‍රියාවලිය පූර්ණ විනිවිදභාවයෙන් සිදු කිරීමට උපදෙස් දිම.
➢ රාජ්‍ය ආයතනවල අනවශ්‍ය සියලු උත්සව නතර කිරීමට උපදෙස් දීම. (2019.12.26)
➢ සේවයට බඳවා ගැනීමේ දි සියලුම දිස්ත්‍රික්ක සමව ආවරණය වන පරිදි සුදුස්සන් තෝරා පත්වීම් ලබාදිමට සැලසුම් කිරීම රාජ්‍ය සේවය වෙනුවෙන් ගත් වැදගත් තීන්දු තීරණ අතර වේ.
➢ සියලු රාජ්‍ය ආයතන ලාභ ලබන සහ කාර්යක්ෂමතාවයෙන් ඉහළ ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළ සකස් කිරීම‍ (2019.12.31)
➢ ලාභ අපේක්ෂා නොකරන ආයතන ජනතාවට සතුටුවිය හැකි හොද මහජන සේවාවක් සපයන ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළ සැකසිම.
➢ කාර්යක්ෂම ජනතා සේවයක් උදෙසා සියලු රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීම (2020.01.17)
➢ 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වහාම යාවත්කාලීන කිරීම (2020.01.17)

අපේකම සුරැකෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් කරා

➢ ආර්ථික පුනරුදය සදහා සංචාරක කර්මාන්තයේ වේගවත් ප්‍රවර්ධනයකට සැලසුම් (2025 වන විට ඇමරිකන් ඩොලර් බිලියන 10ක වාර්ෂික ආදායමක් ඉලක්ක කර ගනී) (2020.01.13)
➢ රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති ණය ආපසු අය කර ගැනීමේ දී ඇපයට තබා ඇති දේපළ වෙන්දේසිය වහාම අත්හිටුවන ලෙස උපදෙස් දීම.
➢ සරුංගල්, පහන් කූඩු වැනි නිෂ්පාදන පිටරටින් ආනයනය පාලනය කිරීමට නීති සැකසීම.
➢ රාජ්‍ය ආයෝජන, ජාතික සංවර්ධන සැලසුම්, ප්‍රසම්පාදන ව්‍යාපෘති විශ්ලේෂණ සහ කළමනාකරණ අංශ කාර්යක්ෂම කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදන කාර්යාංශයක් පිහිටුවීම.
➢ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා ගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධන බලකායක් ස්ථාපනය කිරීම.
➢ දේශීය කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල පාලනය ඉලක්ක කර ගනිමින් වැලි පස් හා මැටි ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරිම.
➢ සාම්ප්‍රදායික සුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය ලබා ගැනීමේ දී සිදුවු අපහසුතා වැලැක්විමට අදාළ සංශෝධන හඳුන්වා දීම
➢ මසකට රුපියල් මිලියන 21ක කුලියක් ගෙවූ කෘෂිකර්ම අමාත්‍යාංශය පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කොට ගොවිජන මන්දිරයට රැගෙන යාම.
➢ තිරිඟු පිටි ඒකාධිකාරය නිසා පීඩාවට පත් ජනතාවට සහනයක් ලෙස සෙසු ආනයනකරුවන්ට ද තිරිඟු පිටි ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම
➢ කෘෂිකර්ම, ව්‍යාපාර හෝ නිවාස ඉදිකර ගැනීම සදහා තිස් අවුරුදු බදු පදනම මත ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම
➢ ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරිම.
➢ මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 50ක අවම සහතික මිලක් නියම කිරීම (2020.01.24)
➢ ප්‍රමිතිය අසම්පුර්ණ වී කිලෝවකට රුපියල් 44ක්. (2020.01.24)
➢ වැසී ගිය කුඩා වී මෝල් හිමියන් බලගැන්වීමට පියවර ගැනීම (2020.01.24)
➢ දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවිමට පියවර ගැනිම (2020.01.24)
➢ කිතුල් සහ තල් ප්‍රධාන අපනයන බෝග අතරට එක්කර විදේශ විනිමය උත්පාදනයට සැලසුම් කිරීම (2020.08.25)
➢ රබර් අපනයනයෙන් ලැබෙන වාර්ෂික ආදායම ඩොලර් මිලියන 2000 ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කිරීම (2020.08.25)
➢ බෑවුම් ප්‍රදේශවල ෆයිනස් ගස් වෙනුවට රබර් ගස් සිටුවීමේ වැඩසටහන ක්‍රියාවට නැංවීම. (2020.08.25)
➢ මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීමට සැලසුම් සැකසීම (2020.08.27)
➢ මෙරට ධීවරයින්ට සහ ධීවර කර්මාන්තයට සහය වීමට අවශ්‍ය නැව් දේශීය ආයතන මගින් නිෂ්පාදනය . (2020.08.27)
➢ කහ සහ ගම්මිරිස්වලට ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගැනීම (2020.09.03)
➢ කහ සහ ගම්මිරිස් භෝග ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීම (2020.09.03)
➢ මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වැඩපිළිවෙළ සකස් කිරීම (2020.09.08)
➢ වතු වලට හා ගොවියාට අවශ්‍ය පොහොර නියමිත ප්‍රමාණයට, කලට වේලාවට සහ ඉහළ ප්‍රමිතියකින් සපයා දීම (2020.09.08)
➢ ඉදිරි තෙවසර තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් දේශීයව නිෂ්පාදනයට සැලසුම් කිරීම (2020.09.10)
➢ විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ඖෂධ නිෂ්පාදනය සඳහා අක්කර 400ක ආයෝජන කලාපයක් හම්බන්තොට කර්මාන්ත පුරවරයේ ඉදිකිරීම (2020.09.10)
➢ දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැසුම් දියත් කිරීම (2020.09.14)
➢ ඉදිරි දශකය තුළ දියර කිරි නිෂ්පාදනය නැංවීමට පියවර ගැනීම (2020.09.14)
➢ ලංකාව ලොව ප්‍රධානම නාවික කේන්ද්‍රස්ථානයක් බවට දියුණු කිරීමේ සැලසුම් සැකසීම (2020.09.15)
➢ රට ආසන්නයේ යාත්‍ර කරන ජාත්‍යන්තර නෞකාවනට සේවා සැපයීමට හැකි පරිදි වරාය පද්ධතිය දියුණු කරමින් කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ ඔලුවිල් වරාය සංවර්ධනයට පියවර ගැනිම (2020.09.15)
➢ රත්මලාන, පෑලියගොඩ සහ වේයන්ගොඩ ආශ්‍රිතව නව ගුදම් පහසුකම් ඉදි කරමින් කොළඹ වරාය සංක්‍රමණික බහලුම් කේන්ද්‍රයක් (Transshipment Hub) බවට පත්කිරීමේ සැලසුම් ක්‍රියාවට නැංවීම (2020.09.15)
➢ Ceylon Tea නාමයට හානිවීමට ඉඩ නොතබා ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් තේ ලෝක වෙළෙඳපොළට සැපයීමට අවශ්‍ය වැඩපිළිවෙළ සැකසීම (2020- 09-18)
➢ නවෝත්පාදන දිරි ගන්වමින් නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළ රටක් ගොඩනැගීමේ සැලසුම් සකස් කිරීම ( 2020-09-22)
➢ වසර 28කට පසු අපනයන සංවර්ධන සභාව රැස් කරමින් ක්ෂේත්‍රෙය් ගැටළු විසඳීමට පියවර ගැනීම ( 2020-09-23)
➢ ලබන වසරේ සිට පාසල් සහ ආරක්ෂක නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට ඇති හැකියාව විමසුමට ලක්කිරීම (2020-09-28)
➢ රට තුළ ජාතික සහ බෞද්ධ කොඩි නිෂ්පාදනය දිරිමත් කිරීම (2020-09-28)

විශේෂ සිදුවිම්

➢ උද්ඝෝෂණයක් අතරට පැමිණි මෙරට පළමු සහ එකම පාලකයා ලෙස ඩෙංගු මර්දන උද්ඝෝෂණකරුවන්ට හමුවට ගොස් ඔවුන්ගේ ගැටලු සොයා බැලීම.
➢ වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිරකරුවන්ගේ තොරතුරු සොයා බැලීම සහ ඔවුන්ගේ ගැටලු පිළිබද සොයා බැලීමට කමිටුවක් පත් කිරීම.

කොරෝනා වසංගතය හමුවේ.

➢ කොරෝනා වෛරසය පැතිර යමින් තිබු චීනයේ වෙසෙන සියලු සිසුන් ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගැනීම සහ ශ්‍රී ලාංකීය ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ගයන්ට එළැඹීම.
➢ වුහාන් නගරයේ සිටි සිසුන් සිය රට ගෙන්වා ගත් සිව්වන රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් කරමින් ජාත්‍යන්තරව රටට පිළිගැනීමක් ලබාදීම.
➢ පවතින වසංගත තත්ත්වය හමුවේ ලොකු කුඩා සියලු කර්මාන්තකරුවන් රැක ගැනීමට මූල්‍ය පහසුකම් සැපයීම.
➢ පක්ෂ විපක්ෂ සියලු කණ්ඩායම් ගෙන්වා ජනතා ගැටලු සාකච්ඡා කිරීම
➢ ජන ජීවිතය අඩාල නොවීමට විශේෂඥ උපදෙස් අනුව සැලසුම් සකස් කිරීම
➢ රුපියල් පන්දහසේ දීමනාවක් සියලු ජන කොටස් ආවරණය වන පරිදි ලබාදීම
➢ ණය ගත් ව්‍යාපාරිකයන්ට සහන සැලසීම
➢ නවෝත්පාදන නිර්මාණ සදහා රට විවෘත කිරීම
➢ පවතින තත්ත්වය හමුවේ කෘෂි අපනයන ආර්ථිකයකට සැලසුම් සකස් කිරීම
➢ ඊ- අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීම
➢ දිවයිනේ සියලුම මුඩු බිම් හමුදාවේ සහය ඇතිව කෘෂි සංවර්ධනය සදහා උපදෙස් ලබාදීම
➢ ජන ජීවිතය අඩාල කරන පතාල කල්ලි මර්දනය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහනට හසු කර ගැනීම
➢ රාජ්‍ය නිලදාරින්ට බාධාවකින් තොරව කටයුතු කිරීමේ අවස්ථාව සැලසීම
➢ ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ ස්වයං රැකියා සඳහා යොදා ගන්නා මෝටර් රථ ඇතුළුව පහළොස් ලක්ෂයකට කල්බදු වාරික සහන ලබාදීම
➢ මහජන පැමිණිල සඳහා ජනාධිපති මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීම
➢ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරීම පිණිස සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල (ඉටුකම) පිහිටුවා එය ශක්තිමත් කිරීම.
➢ කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට සහ PCR පරීක්ෂණ වැඩිකිරීමට උපදෙස් දෙයි (2020-10-05)
➢ වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැන ගත හැකි නව “යෙදුමක්” හඳුන්වා දීම (2020-10-29)
ඩෙංගු මර්දනය වෙනුවෙන්
➢ ඩෙංගු මර්දනයට විශේෂ කාර්ය සාධක බලකායක් පත් කිරීම (2020.06.01)
➢ ඩෙංගු පාලන බලතල ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් පාලන ප්‍රධානීන්ට පැවරීම

ආගමික සහ සංස්කෘතික පුනර්ජීවනයට

➢ සෑම මසකම 03වන සිකුරාදා ජනපති උපදේශනයට මහා සංඝරත්නයට ආරාධනා කිරීම (බෞද්ධ උපදේශක සභාව කැඳවීම) (2020.04.24)
➢ නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යා උරුම කළමනාකරණයට ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කිරීම. (2020.05.03)
➢ ඓතිහාසික ස්වරූපය සුරුකෙන අයුරින් මෙරට ප්‍රථම ස්ථූපය ලෙස සැලකෙන ථූපාරාමය ප්‍රතිසංස්කරණයට පියවර (2020.06.12)
➢ පුරාවිද්‍යා පනත සංශෝධනය කෙරෙහි අවධානය යොමු කිරිම.
➢ දේශීය කලාකරුවන්ගේ දක්ෂතා සහ පාරම්පරික කලා උරුමය රැකගැනීමට සහ ප්‍රවර්ධනයට රජය කටයුතු කිරීම (2020.08.04)
➢ ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම (2020.10.24)

Last modified on Saturday, 14 November 2020 19:55

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us