කොරෝනා දෙවැනි ‍රැල්ලට වගකිව යුත්තේ ශවේද්‍රයි..? ඇතුළෙත් කචල් Featured

Published in පුවත්
Tuesday, 27 October 2020 16:45

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක කොරෝනා අසාදිතයකු බව අණාවරණය වීම මඟින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර හටගත්ත බවට රජය ප්‍රකාශයට පත් කළත් පසුව බුද්ධි අංශ මඟින් සිදු කළ විමර්ශනයකදී එය සීදුවේ හෝටලයක නිරෝධායනයේ සිටි තුර්කි ජාතිකයන් එම පොකුරේ මූල බීජ බව සොයාගැනුනු බවට මාධ්‍ය වර්ථා පළ විය.

සීදූවේ අකුරු තුනක නමින් හැඳින් වෙන තරු පංතියේ හෝටලයෙහි නිරෝධායනයට ලක්කර සිටි යුක්‍රේන් ගුවන් යානයක සේවකයන් වු තුර්කි ජාතිකයන් පිරිස පසුගිය සැප්තැම්බර් මාසයේ මුල් භාගයේ දී මෙරටට පැමිණ තිබිණි. ඔවුන්ගේ නිරෝධායන කටයුතු මුළුමනින්ම බාරව සිට ඇත්තේ ශ්‍රි ලංකා යුධ හමුදාවය. ලංකාවේ සියලූම නිරෝධායන මධ්‍යස්ථානවල ආරක්ෂාව ද යුධ හමුදව විසින් සිදු කරනු ලබයි.

නිරෝධායන නීති අනුව නිරෝධායනයට ලක්වන ආගන්තුක පිරිස සේම එම හෝටලයේ හෝ මධ්‍යස්ථානයේ සේවක පිරිසද නිරෝධායනයට ලක් විය යුතුය. එහෙත් මෙම හෝටලයේ හැට දෙනෙකුගෙන් පමණ යුතු සේවක මණ්ඩලයෙන් 18 දෙනෙකු පමණ නිතිපතා තමන්ගේ නිවෙස්වලට හෝ නවාතැන් පොළවලට ආව ගිය පිරිසකි. බුද්ධි අංශ වාර්තාව අනුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකසේවිකාවන් හට මෙම කොරොනා වෛරසය ආසාධනය වී ඇත්තේ එම සේවකයකුගෙන්ය. ( ඒ කෙසේ නමුත් එය විය නොහැකි බව සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මාධ්‍යයට පවසා තිබිණි. එහෙත් බුදිධි අංශ වාර්ථාව බොරුවක් බව මෙතෙක් වගකිවයුතු අංශයකින් ප්‍රකාශයට පත්වී නැත)

රටේ නිරෝධායන නීති ප්‍රකාරව විදේශයන් වලින් එන විදේශිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන්වද නිසි ආකාරයෙන් නිරෝධායනය වීම පසුගිය කාලය පුරා සිදුව තිබේ. 50,000 ක පමණ පිරිසක් මෙලෙස විදේශයන්වල සිට පසුගිය මාස කිහිපයේදී මෙරටට පැමිණ නිරෝධායනය වී තිබේ. එහෙත් ඒ කිසිවකුගෙන් රට තුලට වෛරසය පැතිරයෑමේ ඉඩකඩ අහුරාලීමට ඒ සම්බන්ධයෙන් කටයුතු කළ සියළු දෙනා සමත්ව තිබිණි. ඒ අතර මෙම හෝටලයෙන් පමණක් එසේ සිදුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම බාරගත යුත්තේ යුධ හමුදාවය. ඔවුන්ගේ පරික්ෂාකා‍රී වගකීම් විරහිතභාවය මෙයට හේතුව වී තිබේ. වත්මන් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේද ප්‍රධානියා වන අතර ඔහු යටතේම ඔහුගේම නියෝග යටතේම ඔහුගේ සැලසුම් යටතේම ක්‍රියාත්මක වන යුධ හමුදාව අතින් මේ සිදුවූ අඩුපාඩුව සම්බන්ධයෙන් ඔහු වගකීම බාර ගත යුතුය යන්න ප්‍රතික්ෂෙප කළ හැක්කක් නොවේ.

පළමු වරට වඩා බරපතල හානියක් මේ දෙවැනි රැල්ල විසින් රටට සිදුකරමින් තිබෙන තතු යටතේ යුදහමුදාව මඟින් සිදුවූ වැරැද්ද වඩාත් බරපතලය. මේ සම්බන්ධයෙන් දැඩි පියවරක් ගතයුතු බවට යම් දේශපාලනික හා ව්‍යාපාරික සම්බන්ධතා සහිත කණ්ඩායමක් ජනාධිපතිවරයාට බලපෑම් කරමින සිටින බවත් දැන ගැනීමට තිබේ. ඊට වඩාත් හේතුව වී ඇත්තේ පසුගිය කාලයේ ඔවුන්ට ශවේන්ද්‍රගෙන් සිදුවූ යම් අකටයුතුකම් බවත් එම ආරංචි මාර්ග පවසයි.

ඒ කෙසේ නමුත් නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන වුන් අත්අඩංගුවට ගැනීම ඕසෙට සිදුවෙමින් තිබෙන රටක මේසා බරපතල වැරද්දක් කළ වුන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන් මොනවාද කියා ජනතාවට දැනගන්න ලැබේනම් අගනේය.

Last modified on Tuesday, 27 October 2020 16:49

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us