කොරෝනා: මළගෙදරක විනෝදය අපට ලැබෙන්නේ නැත. Featured

Published in පුවත්
Monday, 26 October 2020 14:39

කොරෝනා දෙවැනි ‍රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ ආශ්‍රිතව පැන නැගුනු කොරෝනා වසංගතය පැතිර යෑම මේ වන විට කිසිදු පාලනයකට යටත් කරගත නොහැකි තැනට පත්ව තිබෙන බව පැහැදිලිය. තවමන් මිනුවන්ගොඩ පොකුර ලෙස හඳුන්වමින් මෙය සමාජගත වී නැතැයි කියන විද්‍යාත්මක බොරුව සමාජ ගතකරමින් රජය මේ වනවිට කරමින් සිටින්නේ සාහසික බොරුවක් බවත් පැහැදිලිය.

සෞඛ්‍ය අමාතංශයේ වසංගත් රෝග පිළිබඳ අංශයේ ප්‍රධානි සුදත් සමරවීර මහතා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරන්නේ මේ වනවිට තිබෙන තත්වය අනුව මෙය පාලනය කිරීමේ අවස්ථාව නුදුරේම ගිලිහී යනු ඇති බවය. ඇත්තටම දැන් එහෙම වෙලා අවසන් බව පෙනෙන ඇත්තය.

මේ වසංගතය මේ රටට පැමිණීමට පෙර එනම් පළමුවරට අසාදිත චීන කාන්තාවක් මෙරටදී හමුවීමටත් පෙර සුදත් සමරවීර මහතාම නිවේදනයක් නිකුත් කරමින් කොරොනා වෛරසය රටට ඇතුල්වී විශාල බලපෑමක් ඇති කළ හැකි බවත් ඉන් ගැලවීම සඳහා ගත යුතු පියවරයන් ගැනත් දැනුම් දී තිබුණි. එහෙත් රජය ඒ ගනනකට ගත්තේ නැත. අසාදිතයන් 29 දෙනෙකු හමුවන විටත් රට වහන්න ඕනිද වගේ කතා කියමින් පාලකයා කල් මැරුවා. කුමක් හෝ වාසනාවකට එවර පැමිණි වෛරසය ප්‍රබලතාවයෙන් අඩු වීමත් රජයට සෞඛ්‍ය අංශ වලින් සහ ජනතාවගෙන් එල්ල වූ පීඩනය හමුවේ සහ මහ මැතිවරණය කෙසේ හෝ පවත්වාගැනීමට තිබූ දේශපාලන වුවමනාවත් නිසා රජය පරක්කු වී හෝ ගත් තීන්දු තීරණ මත වෛරසය පාලිත තත්වයකට ගැනීමට හැකි විය. එහෙත් දැන් අති විශාල ප්‍රමාණයකින් සහ වේගයකින් රට පුරා ගමක් නගරයක් පාසා අසාදිතයන් හමු වෙමින් තිබුණත් මෙය පාලනය කිරීමේ දැඩි උත්සාහයක් රජය ගන්නා බව පෙනෙන්න නැත.

ඇතැමුන් පෙන්වා දෙන්නේ වසංගතය සමාජ ගත වී ඊට මුහුණ දිමේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය වීමෙන් රෝගය මැඩපැවැත්විය හැකිය කියන විශ්වාසයෙන් රජය කටයුතු කරනවාද කියන කාරණයය. එහෙත් මේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙනවාය යන්න කිසිසේත් සිදු වන්නක් නොවන බව දැනටම ලෝකය පුරා මේ වෛරසය සම්බන්ධයෙන් කෙරුනු පරීක්ෂා කිරීම් වලිනුත් තහවුරු වෙලා අවසන්ය. එසේම එහෙම තැන්කට යනවා නම් අනිවාර්යෙන්ම වැඩිහිටි ජනගහනය මේ වෛරසය නිසා මිය පරලොව යැවීමට ඉඩදීම සිදුවීමට නියමිත වනු ඇත. වර්තමානයේ මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය ඉහළ යෑම නිසා අද ලෝකයෙම වැඩිහිටි ජනතාව නඩත්තු කිරීම ප්‍රශ්නයක් බවට පත් වී තිබිමට උත්තරයක් ලෙස කොරොනා වෛරසය පාවිච්චි කරනවාද කියන සැකයත් ඇතිව තිබේ.

ඒ කොහොම නමුත් තවදුරටත් මේ වසංගත තත්වය පැතිරුනහොත් මේ රටේ මරණ ප්‍රමාණය වැඩි වීම විය හැකි බවත් සුදත් සමරවීර මහතා පෙන්වා දෙයි. නිදන්ගත රෝග වලින් පෙලෙන්නන් සහ වැඩිහිටියන් ඒ අතර ප්‍රමුඛය.

අනෙක් බරපතලම කාරණය නම් මේ වෛරස් අසාදිතයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට රටේ සෞඛය අංශවල ධාරීතාව මේ වන විටත් ඉක්මවා ගොස් තිබීමය. මේ වන විට වෛරස් අසාධිතයන් ලෙස 4000 කට වැඩි පිරිසක් රොහල් ගතවී ප්‍රතිකාර ලබයි, නිරෝධායන මධ්‍යස්ථාන වල දසදහස් ගනනක් සිටී. නිවාස වල ස්වයං නිරෝධානයට ලක්ව සිටින ප්‍රමාණය ඊටත් ඉහළය. දිස්ත්‍රික් ගනනාවක මේ වන විට ඇඳිරි නීතිය පනවා හෝ ප්‍රදේශ හුදකලාකර තිබේ. මේ සියල්ල සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශල අවධාණය යොමුකිරීම අතිශය අසීරු කරුණක්ව තිබේ. මේ තත්වය ද ඉදිරියේදී විය හැකි හානිය වෙනුවෙන් බලපානු ඇත.

මේ අතර වරාය ගුවන් තො‍ටුපල මෙන්ම ආර්ථික මර්මස්ථාන ගනනාවක් ක්‍රියා විරහිතව තිබේ. රටේ ව්‍යාපාරික ක්ෂෙත්‍රය කබලෙන් ලිපට වැටී තිබේ. මහා පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට බුලත් විට වෙලෙන්දා දක්වා මේ තත්වයන් පොදුය. දේශියව රාජ්‍ය ආදායම් රජයට අහිමිව තිබේ. විදේශ විනිමය අහිමිව තිබේ. ඒවාද වක්‍රාකාරයෙන් මේ වසංගතය කෙරෙහි බලපානු ඇත.

එසේම සමාජය අන් කවරදාකටවත් වඩා බියපත්ව සිටී. රැකියාවට යෑම වෙනුවෙන් හෝ නිවසින් එළියට බහින්න බියෙන් විශාල පිරිසක් සිටී. කුටුම්බයන් මුහුණ දෙන ආර්ථික අර්බුද හමුවේ ඉදිරියේදී මානසික ව්‍යාකුලත්වයට පත් පුරවැසියන් ගැනද අපට අහන්න සිදුවෙනු ඇත.

ඉදිරියට ගෙවෙන දින සති මාස තව දුරටත් රට සෑම සියලු අංශවලින්ම අර්බුදයන් කරා යනවා විනා ඉන් ගැලවීමේ මාර්ගයකට පිවිසීමේ ඉඩක් නැති බවත් මේ වන විට පාලකයන් විසින් පෙන්වා දෙමින් තිබීම වඩාත් කණගාටුදායක තත්වයකි. අර්බුද තත්වයන් පවා තමන්ගේ බඩගෝස්තරය වඩවා ගැනීම වෙනුවෙන් යොදාගනිමින් සිටින බව පාලක පක්ෂයේ නියෝජිතයන් හා එහි හිතවතුන් ක්‍රියාකරමින් සිටින ආකාරයෙන් පැහැදිලිය.

මේ අතර රට මුහුණ දෙමින් තිබෙන ආර්ථික හා සාමාජීය අර්බුද හමුවේ චීන අමරිකානු සහ ඉන්දීය බලපෑමට රට හසුකර ඇත. ඒ අනුව, පැහැදිලි වනුයේ විදේශ රාජ්‍යයන්වලට රට විකුණා හෝ මේ පවත්වාගෙන යෑමට පාලකයා තීන්දු කර තිබෙන බවය. පාලක පක්ෂය ඒකාධිපතිත්වයක් ගොඩනාගා ගැනීමට සමත්ව තිබෙන අතර රාජ්‍ය පාලනය එම පාලක පවුලේ කෑම මේසයේදී ගන්නා තීන්දු තීරණ අනුව සිදුවෙමින් තිබේ. ආණ්ඩුකරණයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය දැන් අවසන්ය. මේ නිසා පාලකයාගේ හිතුවක්කාරී තීන්දු තීරණ මඟින් සිදුවිය හැකි අනිසි ප්‍රතිපළ බලාපොරොත්තුවෙන් පුරවැසියාට ඉදිරි කාලය ගතකරන්න සිදු වෙනුද ඇත.

කොරොනා වෛරසය ඇතිකරන තත්වයන්ට රටම බිලිගන්නා තැනට පත්වීම හැර වෙනකක් කෙරෙහි අපේක්ෂාසහගත වීම තකතීරුකමකට වඩා දෙයක් නොවෙන බව අද මේ මොහොත වන විට නිර්මාණය වී ඇති චිත්‍රයයි.

කණගා‍ටුවට කරුණ නම් සිදුවෙමින් පවතින් වැ‍රැදි නිවැරදි කරගැනිම තබා ඒ වෙනුවෙන් හඬක් නැගීමට හෝ කිසිවකු ඉදිරිපත් නොවීමයි. රටේ පාලනය ගත්තා නම් තුනෙන්දෙක ගත්තා නම් ඒකාධිපති ව්‍යවස්ථාව හදාගත්තා නම් දැන් තොපි කරලා පෙන්නපියව් කියන සිතුවිල්ල විපක්ෂ මතධාරීන් තුල තිබේ. මේ බල වියරුවෙන් පෙලෙන මෝඩ පාලකයන් වෙතින් ජනතාව පිඩාවට පත්වන්න වන්න මේ විපක්ෂ ක්‍රියාධරයන් නිහඬව කාලකණ්නි සතුටක් විඳිමින් සිටින බවද පෙනේ. මේ අවස්ථාවාදී දේශපාලන මජර කමකි. ඔවුන් සිතන්නේ මේ පීඩාවන් හමුවේ ඊළඟ පාර රටේ ජනතාව එකතු වී රටේ බලය මල්වට්ටියක තබා ඔවුන්ට පූජා කරනු ඇති බවය. මේ රටේ මිනිස්සුන්ගේ දේශපාලන අවබෝධයේ ගොබ්බකම අනුව ඒ එසේම සිදුවීමත් විය හැකිය. මෙතුවක් කාලයට මාරුවෙන් මාරුවට සිදුවුයේද එයමය.

පාලකයා තුල තිබෙන ගොංකම් තක්කඩිකම් එසේම ජනතාව තුලත් පිහිටා ඇති විටෙක රටක් කවදාවත් ගොඩයන්නෙ නැති බව ලෝක ඉතිහාසය පුරාම අත්දැක ඇති සත්‍යයකි. මේ වසංගත තත්වයන් විසින් මේ රට සම්බන්ධයෙනුත් නැවත වතාවක් එය ඔප්පු කරපෙන්වීම දැන් සිදු කෙරෙමින් පවතී. එහෙත් ඒවායෙන් පාඩම් ඉගෙනගැනීම රටේ සිරිත නොවන බැවින් වැල යන පැත්තට මැස්ස ගැසීම අපි ඉදිරියටත් කරමු.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us