හරීන්ගේ හරි සයිස් එක මොකක්ද ? Featured

Saturday, 09 January 2021 06:58

ඊයේ පෙරේදා දවසක පාර්ලිමේන්තුවේ මහ හයියෙන් හරීන් ප්‍රනාන්දු ලොකු කතාවක් කළේ. ඒ අන්තිම හරියේ ' අපි දන්නවා ඔව්වා කරපු හැටි ' යැයි කියා ඇවන්ට් ගාර්ඩ් පටලවමින් අලුත් කතාවක් ගොතන්නට වෙර දැරුවද ඒ කීවෙ මොකක්දැයි කාටවත් තේරුණේ නම් නැත. ඒ නන්දොඩවපු දේවල් වල හැටියට හරීන්ටවත් තමන් කිවේ මොකක්දැයි නොදන්නවාට සැකයක් නැත.

ඇවන්ට් ගාර්ඩ් සමාගම විසින් මෑතකදී ආරම්බ කරන ලද විදේශිය නාවික සේවකයන් නිරෝධායනය කිරීම වෙනුවෙන් වූ පාවෙන නිරෝධයන මධ්‍යස්ථාන ( නැව) ව්‍යාපෘතිය ගැන හරීන් කියන්නට ගත් උත්සාහය ඔහුගේ නොදන්නාකම නිසාම ඇණගත්තේය. පාර්ලිමේන්තුව තුලට වී ඕනෑම නොදන්නා දෙයක් දන්නවා වගේ, ඕනෑම බොරුවක් ඇත්ත වගේ කතා කළ හැකිය. ඒ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට පින් සිදු වන්නටය.

ඈන්ට් ගාර්ඩ් නව ව්‍යාපෘතිය ගැන හරීන් කතා කරමින් කීවේ කිසිදු ටෙන්ඩරයක් නැතිව මේ ආරම්බ කර ඇති බවය. ඒක නම් ඇත්තය. ඒත් මේ මෝඩ වාහෙලා නොදන්නා දෙයක් තිබේ. රජය ටෙන්ඩර් කැඳවන්නේ මොනවාටදැයි කියාය. රජයේ අවශ්‍යතාවයට රජය විසින් යෝජනා කරන හෝ සැලසුම් කරන ලද ව්‍යාපෘතියක් සිදු කිරීම වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීම සාමාන්‍යයෙන් නීතිය අනුව කළ යුතුය. එහෙත් මෙම ඇවන්ට්ගාර්ඩ් ව්‍යාපෘතිය යනු මේ මොහොතේ රජයේ අවශ්‍යතාවයක්වත් යෝජනාවක්වත් සැලසුමක්වත් නොවේ.

එහි මූලික සංකල්පය යෝජනාව සැලසුම වියදම මෙහෙයුම.. ආදී ඒ සියල්ල ඇවන්ට්ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිගේය. රජයෙ බලධරයන් හීනෙකින්වත් සිතා නොතිබුණු අලුත් වැඩකි. එසේ අලුත් ව්‍යාපෘති කිසිවකු විසින් ගෙන එන විට එහි අවශ්‍යතාවය, එය රටේ නීතිරීතිවලට ඇති අනුකුලතාවය, රටට එති ලාබ ආලාබ ආදිය ගැන සලකා බලා එම ව්‍යාපෘතිය ගෙන එන තැනැත්තාට හෝ සමාගමට ලබා දීම කොයි රටෙත් සිරිතය. රටවල අලුත් සංකල්පයන් මත දේශීය ව්‍යාපාරයන් බිහි වන්නේ එහෙමය. ලෝකයේ දියුණුම රාජ්‍යයයන් කියන්නේ අලුත් විදිහට හිතන මිනිසුන් විසින් ගොඩනැගූ රටවල්ය. අලුත් අලුත් දෑ නොසිතන රටවල් ලොව නොනඟී කියා කුමාරතුංග මුණිදාසයන් ලියා තැබුවේ ඒ නිසාය. විදේශයන් වලින් එවැනි අලුත් යෝජනා රටකට එන්නේ නම් ඒවා සලකා බලන ස්විස් චැලෙන්ජ් ක්‍රමය වැනි ක්‍රමවේද තිබේ. එත් ඒවාද ටෙන්ඩර් නොවේ.

ඇවන්ට් ගාර්ඩ් යනු මුලුමනිනම මේ රටේ ව්‍යාපාරයකි. මේ රටට ඩොලර් මිලියන් සියගනනින් ගෙන ආ ව්‍යාපාරයකි. මෙරට දූපුතුන්ට රැකියා දහස්ගනනක් ලබා දුන් ව්‍යාපාරයකි. ලක්ෂ ගනනක්ගේ බඩ ගිනි නිවු ව්‍යාපාරයකි. ශ්‍රී ලංකාවේ කීර්තිමත් නම ලෝකයේ ඉහළම තැනට ඔසවා තැබූ සමාගමකි. එමෙන්ම රජයේ සත පහක වැයබරක් නොමැතිව ගෙන ගිය ව්‍යාපාරයකි. මේ රටෙන් එක රුපියලක් හෝ හොරකම් නොකළ ව්‍යාපාරයකි. රජයට ආයාසයකින් තොරව ආදායම් ගෙන දුන් ව්‍යාපාරයකි.

එහෙත් පසුගිය යහපාලනයේ ඇමැතිවරුන් වූ චම්පික රණවක රාජිත සේනාරත්න අර්ජුන රණතුංග වැනි දේශපාලුවන්ගේ කප්පන්කාර කෑදර මළ පෙරේත දේශපාලනය සහ ජවිපෙ නම් කුහක කාලකණ්නි දේශපාලන කල්ලිය කිලි මහරාජාලාගේ කුණු කොන්ත්‍රාත්තුවක් කරට ගෙන ඇවන්ට් ගාර්ඩ් ව්‍යාපාරය විනාශ කරන්නට කටයුතු කෙරිණි. එදා එසේ නොවනන්ට අදත් මේ රටට වැඩිම විදේශීය විනිමය ප්‍රමාණයක් ගෙන එන රටේ ප්‍රමුඛතම ව්‍යාපාරය වන්නේ ඇවන්ට් ගාර්ඩ් ව්‍යාපාර සමූහයයි. මෙය හරීන් පවා නොදැන සිටි දෙයක් නොවේ. ඇවන්ට්ගාර්ඩ් ව්‍යාපාරය විනාශ කරන්නට යහපාලුවෝ දතකට මදින යුගයේදී හරීන් මේ ව්‍යාපාරය රැක ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් මාධ්‍ය සාකච්ඡා පවා පැවැත් වීය. ඔහුට දැන් එවා අමතකද කියන්න දන්නෙ නැත. නැතිනම් ඇවන්ට්ගාර්ඩ් වෙතින් ගානක් කඩා ගන්න බලාගෙන එහෙම පක්ෂ පාතිත්වයක් පෙන්නුවාද යන්න අප දන්නේ නැත. ඒ කොහොම වුණත් එදා ඇවන්ට් ගාර්ඩ් පාවෙන අවි ගබඩා ව්‍යාපාරයෙ මේ රටේ ආර්ථිකය වෙනුවෙන් දැක්වූ දායකත්වය හරීන් හොඳින්ම දැන සිටියේය. එය නීති විරෝධී ව්‍යාපාරයක් නොවන බව ඔහු දැන සිටියේය.

අද හරීන් ටෙන්ඩර් නැතිව ඇවන්ට්ගාර්ඩ් සමාගමට නාවික නිරෝධායන ව්‍යාපාරයක් ගොඩනගන්නට ඉඩ දිලා යැයි කෑ ගහන හරීන් එදා පාවෙන අවි ගබඩා ව්‍යාපාරයත් එහෙම ටෙන්ඩර් ඉදිරිපත් කළ ව්‍යාපාරයක් නොවන බව අමතක වුණාද දන්නේ ද නැත. එම පාවෙන අවිගබඩා ව්‍යාපෘතියත් රජයේ යෝජනාවක් හෝ සැලසුමක් නොවේ. කොටින්ම ලෝකයේ කොහෙවත් තිබූ ව්‍යාපාරයක් නොවේ. ලෝකයෙන්ම පළමු වරට ජාත්‍යන්තර මුහුදේ පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කළේ ඇවන්ට්ගාර්ඩ් සමාගමයි. එය ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිගේ නවුමු සංකල්පයකි. ඒ වෙනුවෙන් වූ සියලු පිරිවැය දැරුවේ ඔහුය. රජයෙන් එක රුපියලක්වත් ඒ වෙනුවෙන් වැය කර නැත. එහෙත් රජයට රුපියල් බිලියන 4 කට ආසන්න ආදායමක් ඔහු එම ව්‍යාපාරය පවත්වගෙන ගිය මාස 26 කාලය තුලදී ලබා දී තිබිණි. රජයට පාඩු කළා යැයි එක එක මෝඩ ගෝතයින් මේ ව්‍යාපාරය ගැන පට්ටපල් බොරු කෙබර අවලාද නැගුවද ඇත්ත කතාව රජයට කිසිදු මුදලක් වැය නොකරමින් ලාබයක් ලබන්නට හැකි වීමය. ඇවන්ට්ගාර්ඩ් අලුත් ව්‍යාපෘතියත් එහෙම එකකි. කොහොමත් ඇවන්ට්ගාර්ඩ් සමාගම් සමූහයේ සියලුම ව්‍යාපාර, රජය සමඟ සම්බන්ධ වී සිදු කරන කිසිදු අවස්ථාවකදී රජයට සත පහක්වත් වැය කිරීමට ඉඩ දී නැත. නමුත් ආදායම් ලබා දී තිබේ. රැකියා ලබා දී තිබේ. කොටින්ම අද සිරගෙවල් වල වෙලි වෙලී සිටින සිරකරුවන්ට , සිරකරු පුනරුත්තාපන වැඩ සටහනක් ආරම්බ කර සිය ගනනක පිරිසකට ආදායම් මාර්ග සකසා දීමට පවා ඇවන්ට්ගාර්ඩ් සමාගම සමත් වී තිබේ.

නිශ්ශංක කියන්නෙත් අර චම්පිකලා කියන 43 වෙනි සේනාංකයේ සුජාත ලාංකීය පුත්‍රයෙකි. එහි අභීත සෙන්පතියෙකි. පවුල් පරම්පරා වල, හුදු ජනප්‍රියත්වය මත හෝ සල්ලි බලයෙන් හෝ නැගි සිටියෙකු නොවේ. නිදහස් අධ්‍යාපනයේ බල මහිමයෙන්, කුසලතාවයෙන්, දක්ෂතාවයෙන්, දැනුමෙන්, බුද්ධියෙන්, දුප්පත්කම පරාජය කර ගොඩ නැගුණු නියම ශ්‍රී ලාංකික සුජාත පුත්‍රයෙකි. ඔහු රට ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ වීර සෙබලෙකි. අදටත් රට පෙරට තබා කටයුතු කරන සැබෑ දේශීය ව්‍යවසායකයෙකි, ව්‍යාපාරිකයෙකි. මහා දානපතියෙකි. ඔහු දෙයක් කළා නම් කළේ අනෙකාගෙ යහපත ගැන කල්පනා කරය. සිංහල බෞද්ධ සංස්කෘතියේ සාරය උකහාගත් මනුස්සකම කියන්නෙ මොකක්ද කියා ඇසුවොත් කිසිදු දෙගිඩියාවකින් තොරව නිශ්ශංක සේනාධිපතිව පෙන්විය හැකිය. අද සමාජයේ එහෙම මිනිස්සු හරි අඩුය. කොටින්ම මේ ජාතික සම්පතකි. යහපාලන නඩය ප්‍රමුඛ ජවිපෙ එකතු වී විනාශ කරන්න උත්සහ කරනේ මේ සැබෑ මිනිසාවය. හරීන්ලා ටෙන්ඩර් නැතිව දීලා යැයි මෝඩ චෝදනා කරන්නේ මෙහෙව් මිනිසාටය.

කොහොමටත් ලෝකයේ මොනම රජයක්වත් ඔවුන්ට අදහසක් නැතිව අලුත් ව්‍යාපාර සංකල්ප ඉදිරිපත් කරන්නය කියා ටෙන්ඩර් කැඳවන්නේ නැත. හරීන්ලාගේ මැටි ඔලුගෙඩි කල්පනා කරනවා ඇත්තේ ඒවාත් එහෙම විය යුතු බවය. මේ මැටි හරක් ටික යහපාලනය කියා කරපු ආණ්ඩුවේ වුණේ එහෙම දේවල් විය හැකිය. එහෙම ලොකු බැලුමක් උඩ යවා මොකකදෝ කරන්න හරීන් ගත්තු උත්සාහයක් තිබිණි. ඔහුගේ ඩිජිටල් ඇමැතිධුරය දැරූ වසර 5 තුළම ඔහු කළා යැයි වාර්ථා වන්නේ මේ බැලුම උඩ යවන්න ගත් උත්සාහය පමණි. එයත් පුම්බපු බැලුමක හුලන් යනවා සේ ෂූස් ගාගෙන ඉවර විය. ඒ මොක වුණත් ඒ කරන්න හැදුවෙ මොකක්ද කියා අදටත් හරීන්ට කියන්න තේරෙන්නෙ නැත.

හරීන්ගේ නොතේරුම්කම ඔහුගේ පෞද්ගලික ජීවිතයේදීත් එහෙම බවට එක එක දේවල් වාර්ථා වී තිබේ. එහෙම දේවල් ගොඩක් අනාගෙන වකූර් වී කිච පීචන් වී තිබේ. අද තමන්ගේ නියම ගැණි කවුද අනියම් ගැණී කවුද කියාවත් හරියටම හරීන්ට තේරුමක් නැත. එච්චරටම අවුල්ය.

ජනාධිපතිට, ආණ්ඩුවට,ඇවන්ට්ගාර්ඩ් එකට පහර ගසන්නට හිතාගෙන පාර්ලිමෙන්තුවේදි කළ සම්පූර්ණ කතාවත් එහෙමය. අගක් මුලක් මැදක් නැත. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව රැකගන්නට අවශ්‍ය බව හරීන් දිගින් දිගටම කියවමින් සිටියේ ඇයිද යන්න ප්‍රෙහෙලිකාවකි. තමන්ගේ පක්ෂයේ නායකයා වෙච්චි සජිත් ප්‍රේමදාසගේ නායකත්වය අහිමි වීමේ කුමන්ත්‍රණයක් ඇස් පනා පිටම සිදු වෙද්දි ඒ නායකයා රකිනවා වෙනුවට ජනාධිපතිතුමන් ‍රැක ගන්න ඕනෑ යැයි කියමින් නහයෙන් හැඬීම ගැන තේරුම් ගැනීමටවත් ඔහුට නොහැකි බව ගැන සැකයක් නැත. අනික ජනාධිපති ගෝඨාභයට, මේ හරීන්ලා වැනි දෙයක් හරියකට කරගන්න බැරි කට කයිවාරුකාර පඟර නැට්ටන්ගේ උපදෙස් රාජ්‍ය පාලනය වෙනුවෙන් කොහොමටත් අවශ්‍ය නැත. යහපාලනය ගල උඩ රීපු බළලා මෙන් හත් පොළේ ගාගෙන අවසන් කරගත් හරීන්ලාගේ රිළා ජෝක් කතා වලින් වැඩක් නැත. මේවා මළ විගඩම්ය. ඒවා ගැලපෙන්නෙ සජිත්ලා චම්පිකලා වගේ ඔල්මොරොන්දම් දවල් සිහින දකින විගඩම් කාරයන්ට පමණය.

හරීන්ට තමන් පොරක් බව පෙන්වා ගන්නට ඕනෑ නම් තමන්ගේ හරි සයිස් එක දැනගෙන කට ඇරිය යුතුය. නැතිනම් මෝඩ කමේ සයිස් එක පේන්න ගන්නවාය. කොහොම නමුත් හරීන් ගොයියාගෙන් අපිට ඉල්ලන්න තියෙන්නේ හැමදාමත් මොකක් හරි මේ වගේ මෝඩ විහිළු කතන්දරයක් දෙකක් කියා අපව විනෝදයෙන් පිනවන ලෙසය. ඊට නරකම නැති හැකියාවක් හරීන්ට තිබේ. දෙවැනි වුණොත් වෙන්නෙ සජිත්ටම පමණි.

- the novemberist

Last modified on Saturday, 09 January 2021 07:11

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us