News Items (18842)
Google සමාගම සිය භාෂා එකතුව සඳහා සිංහල ඇතුළු භාෂා 13ක් එක් කිරීමට පියවර ගෙන තිබේ.
අද (08) පළ කර තිබෙන ආණ්ඩුවේ "දිනමිණ" පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායේ ඇත්ත තත්වය අනාවරණය කර තිබේ. එහි සඳහන් වන්නේ "එජාපයේ සියළු චෝදනා පුස්සක් වෙයි - සති දෙකකදී විදෙස් නෞකා හයක් මාගම්පුර වරායෙන් ඉන්ධන ලබාගනී" යන්නය.
සිරස සුපර් ස්ටාර් සීසන් හතර තරගයත් සමඟ විනිසුරුවෙකු ලෙස කරළියට ආ නිමන්ත හේෂාන් ගමගේ ඉන්දියාවේ බ‍්‍රාග්මණ කුලයෙන් කෙල්ලක් පන්නාගෙන ආ අයෙක් බව වාර්තා වේ.
ඔහු මෙසේ පන්නාගෙන ආ ඇය මේ වන විට ඔහුගේ බිරිය බවද පැවසේ.
සාමාන්‍යයෙන් කිසිවෙකු පිට රට සංචාරයක යෙදී ආපසු ලංකාවට එද්දී එරට වෙසෙන මිතුරන් තෑගි ලෙස දෙන්නේ එරට සුලභ නමුත් ලංකාවේ දුර්ලභ දේවල් හෝ ලංකාවේ මිල අධික නමුත් එරට මිල අඩු දේවල්ය.
මීගමුව මහනගර සභාවට අයත් වාහනවලින් සිල් කරන ලද පෙට්ටි වරින් වර අධිවේගය හරහා කොළඹ දිවෙන වාහන වලින් යැවෙන බවට රාවයක් මේ දිනවල නගර සභාව පුරා පැතිර යමින් තිබේ.
පළමු එක්දින තරගයට පෙර ශී‍්‍ර ලංකා පිල හා දකුණු අපි‍්‍රකානු පිල සමූහ ඡායාරූපයට පෙනී සිටි අවස්ථාවේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා වන ඈෂ්ලි ද සිල්වා මහතාට පුටුවක් වෙන්කර නොතිබුණු බව වාර්තා වේ.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සහ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර හමුවක් අද (08දා) පෙරවරුවේදී බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණ.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් හෙට අළුයම 01.30ට ආරම්භ වීමට නියමිතය. සත්කාරක බ‍්‍රසීලය සමග එහිදී තරග වදින්නේ ජර්මනියයි.
"බොදුබල සේනාව මේ රට ලේ විලක් කරනවා, බොදු බල සේනාවට ගම්මිරිස් අඹරලා හැඳි ගෑවිලා යන්න වැඩ කළේ නැතිනම් මේ රටට හරියන්නේ නැහැ, බොරු ශෝභන වලින් මේ රටේ ජාතික සමගිය ඇති කරන්න බැහැ, මම නිවැරැදියි. සත්‍ය කවද හරි එළිවෙතැයි ජාතික බලසේනා සංවිධානයේ නායක පූජ්‍ය වටරැක විජිත හිමියන් පවසති.
ගෙවී ගිය දින 30 ක කාලයක් තුළ අවස්ථා දෙකකදී දේශපාලඥයන් විසින් වෛද්‍යවරුන්ට බැන තර්ජන එල්ල කිරීම් වාර්තා වී ඇති බවද මේ වන තෙක් ඔවුන් සම්බන්ධයෙන් කිසිඳු පියවරක්ද ගෙන නොමැති බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
