දයා සහ අනෝමාට ලන්ඩනයෙන් වටිනා ත්‍යාගයක් !

Published in පුවත්
Tuesday, 08 July 2014 21:58

සාමාන්‍යයෙන් කිසිවෙකු පිට රට සංචාරයක යෙදී ආපසු ලංකාවට එද්දී එරට වෙසෙන මිතුරන් තෑගි ලෙස දෙන්නේ එරට සුලභ නමුත් ලංකාවේ දුර්ලභ දේවල් හෝ ලංකාවේ මිල අධික නමුත් එරට මිල අඩු දේවල්ය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ සහ බිරිඳ පාර්ලිමේන්තු මන්ත්‍රී අනෝමා ගමගේ පසුගියදා තම දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා ලන්ඩනයට ගියහ. උත්සවය නිමවී ආපසු ලංකාවට යෑමට සූදානම් වෙද්දී ලන්ඩනයේ එජාප ශාඛාව ගමගේ යුවලට ලංකාවේ දුර්ලභ මිල අධික නමුත් ලන්ඩනයේ සුලභ, මිල අඩු වටිනා ත්‍යාගයක් ප්‍රදානය කෙළේය.

එය නම් අමු මිරිස් පාර්සලයකි.

ලංකාවේ අමු මිරිස් කරල් 5 ක් රුපියල් සියයකි. ලන්ඩනයේදී අමු මිරිස් ග්‍රෑම් 300 ක් පමණ පවුමකට එනම් රුපියල් 200 කට මදක් වැඩියෙන් මිලදී ගත හැක.

දයා ගමගේ සහ බිරිඳ තමන් ලත් වටිනා ත්‍යාගය රැගෙන ඊයේ ලංකාවට යලි පැමිණියහ. සේයාරුවේ දැක්වෙන්නේ දයා ගමගේ ලන්ඩනයේදී අමු මිරිස් ත්‍යාගයෙන් පිදුම් ලත් අවස්ථාවයි.

(srilankamirror.com)


ආශ්‍රීත පුවත්

අමු මිරිස්, රුපියල් 20ට කරල් පහයි !

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us