ප්‍රවෘත්තියෙන් අනාවරණය කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ වරයාට දින 14කදී පැමිණ ඉන්ධන ලබාගත් නෞකා ගණන හයක් බවය. නමුත් කොළඹ වරායට දිනකට සාමාන්‍යයෙන් නැව් 10කට වැඩි සංඛ්‍යාවක් පැමිණේ. පසුගිය වසරේදී කොළඹ වරායට නෞකා 3,667ක් පැමිණ තිබේ. මෙම වසර අවසන් වනවිට දිනක නැව් පැමිණීම නැව් 15ක් කරගැනීමේ ඉලක්කයක් පවතී.
එසේ තිබියදී හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය සම්බන්ධයෙන් එල්ලවී තිබෙන බරපතල විවේචනවලට පිළිතුරුදීමක් වශයෙන් අද දිනමිණ පුවත්පත මගින් පළ කර තිබෙන ප්රවෘතියෙන් ආණ්ඩුවට බරපතල ප්‍රහාරයක් එල්ලවී තිබේ.