මේ අනුව පරිගණක මගින් මෙන්ම ජංගම දුරකතන මගින් ද ගූග්ල් විද්යුත් තැපෑල සිංහලෙන් පරිහරණය කිරීමේ හැකියාව ලැබේ.
ගූගල්හි විද්යුත් තැපෑල හෙවත් Gmail මතුපිට පෙනුම සිංහල භාෂාවෙන් දිස්වන පරිදි එහි සැකසුම් මගින් වෙනස් කරගැනීමේ හැකියාව පවතී.
මේ වන විට සම්පූර්ණ අන්තර්ජාල භාවිත කරන්නන් අතුරින් 94%ක් ආවරණය වන පරිදි සිය සේවාවන් සැපයීමට ගූගල් සමත්ව වී තිබේ.
නව භාෂා 13ත් සමග ජී මේල් භාවිතා කල හැකි භාෂා ගණන 71 දක්වා ඉහලගොස් තිබේ.
ජී මේල් වෙත එක්වූ අලුත් භාෂා වනුයේ Afrikaans, Armenian, Azerbaijani (Azeri), Chinese (Hong Kong), French (Canada), Galician, Georgian, Khmer, Lao, Mongolian, Nepali, Sinhala, Zulu යන භාෂා වේ.
සිංහල භාෂාව ඇතුළත් කළ පසු දිස්වන්නේ මෙලෙසය.