සුධර්මා මුදා හැරේ

Published in පුවත්
Wednesday, 09 July 2014 08:45

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්‍ෂ 50ක මුදලක් ලබාගෙන විශ්වාසය කඩ කලබව කියැවෙන සිද්ධියකට අදාළව ඇප මත සිටි සුධර්මා නෙත්තිකුමාරි නැමැති තැනැත්තියව මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කරයි.

මෙම සිද්ධියට අදාළ සුධර්මා නෙත්තිකුමාරි නැමැති තැනැත්තිය සැකකාරියක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේවනතුරු නීතිපති උපදෙස් ලැබී නොමැති බැවින් මෙලෙස මුදා හැරීමට ඊයේ (08) නියෝග කෙරුණි.

අදාළ උපදෙස් ලැබී නොමැති බව කොළඹ වංචා විමර්ශණ ඒකකය විසින් අධිකරණයට දැනුම් දුන්නේය.

කෙසේ නමුත් මෙම තැනැත්තිය මෙලෙස මුදා හැරිය ද අධිකරණයෙන් නොතීසි නිකුත් කළහොත් වහාම අධිකරණයේ පෙනී සිටිය යුතු බවට උපදෙස් දෙනු ලැබීය.

2012 වසරේ අගෝස්තු මාසයේදී ව්‍යාපාරිකයෙකු වන සමන්ත දිල්රුක්‍ෂ නැමැත්තා විසින් සුධර්මා නෙත්තිකුමාරිට එරෙහිව ඉඩමක් මිලදී ගැනීමක් සම්බන්ධ ගනුදෙනුවකදී මුදල් ලබා ගෙන විශ්වාසය කඩකල බවට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙම නඩු විභාගය සිදු කෙරේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us