ඕස්ටේ‍්‍රලියාවේ අමාත්‍ය වරයෙක් හදිසියේම දිවයිනට

Published in පුවත්
Wednesday, 09 July 2014 08:57

ඕස්ටේ‍්‍රලියාවේ ආගමන විගමන හා දේශසීමා ආරක්‍ෂක අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා විශේෂ නිල සංචාරයක් සඳහා අද අළුයම දිවයිනට පැමිණියේය. අද අළුයම 12.05ට ගුවන් තොටුපලට ලගා වු සිංගප්පූරුවට අයත් ගුවන් යානයකින් ඒ මහතා පැමිණි වාර්තා වේ.

ඔහු සමග තවත් නියෝජිතයින් 04 දෙනෙකු මෙම සංචාරයට එක්ව සිටියි. ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ඉහලපෙලේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීම ඔවුන්ගේ අපේක්‍ෂාවයි.


වෙරළාරක්‍ෂක කටයුතු සඳහා ශ‍්‍රී ලංකාවට මුර යාත‍්‍රා දෙකක් ලබාදීමට ද මෙම සංචාරයේ දී ඔවුන් සැලසුම් කර ඇත.


තවද ඕස්ටේ‍්‍රලියානු ආගමන විගමන සහ වෙරළාරක්‍ෂක අමාත්‍යවරයා මෙලෙස ශ‍්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන්නේ ශ‍්‍රී ලාංකික සරණාගතයින් සම්බන්ධයෙන් ඕස්ටේ‍්‍රලියාව ගනු ලැබ ඇති ක‍්‍රියාමාර්ග ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනයන්ට ලක්ව තිබෙන අවස්ථාවකය.

දේශපාලන රැකවරණ පතා ඕස්ටේ‍්‍රලියාවට ගොස් සිටි ශ‍්‍රී ලාංකිකයින් 41 දෙනෙකු ඉකුත් ඉරිදා එරටින් පිටුවහල් කෙරින. ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් භාරගන්නා ලද එම පිරිස නැවත මව්බිමට රැගෙන ආවේ ඊයේ දිනයේදිය.

පසුව ඔවුන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් අතර, ඉන් කිහිප දෙනෙකු ඊයේ දිනම නිදහස් කරනු ලැබිය.


දේශපාලන රැකවරණ පතා පැමිණි තවත් ශ‍්‍රී ලාංකිකයින් 153 දෙනෙකු සිය නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ රඳවාගෙන සිටින බව ඕස්ටේ‍්‍රලියාව ඊයේ ප‍්‍රකාශ කළේය.

ඔවුන් එරටින් පිටුවහල් කිරීම වළක්වාලීම සඳහා එරට අධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත් වී ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us