සරණාගතයන් ආපසු යැවීමට එරෙහි අධිකරණ නියෝගයක්

Published in පුවත්
Tuesday, 08 July 2014 09:17

බෝට්ටු මගින් ළඟා වී සිටින ශ්‍රී ලාංකික දේශපාලන රැකවරණ පතන්නන් එකසිය පනස් තුන් දෙනෙක් ආපසු හරවා යවනු ලැබීම වළක්වමින් ඕස්ට්‍රේලියානු මහාධිකරණය තාවකාලික තහනම් ආඥාවක් නිකුත් කර ඇත.

එම උසාවි නියෝගය නිකුත් කෙරුණේ, තවත් බෝට්ටුවක් මගින් ළඟා වූ හතළිස් එක් දෙනකුගෙන් සැදුම් ලත් තවත් සරණාගතයන් කණ්ඩායමක් සිය නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට භාර දෙන ලද බව ඔස්ට්‍රේලියාව විසින් තහවුරු කරනු ලැබීමෙන් ස්වල්ප වේලාවකට පසුවය.

එම හතළිස් එක් දෙනාගේ දේශපාලන රැකවරණ අයදුම්පත් මුහුද මැදදීම අධීක්‍ෂණය කොට බැහැර කරනු ලැබීමෙන් පසුව, ඔවුන් ශ්‍රී ලංකාවට භාර දෙනු ලැබීම සිදු කොට තිබේ.

අනවසරයෙන් රටින් පිටව යාමේ චෝදනා යටතේ එම කණ්ඩායමට එරෙහිව පියවර ගනු ලබන බව ශ්‍රී ලංකා බලධාරීන් විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත.

ආපසු ශ්‍රී ලංකාවට භාර දෙනු ලැබීමට නො හැකි වූ දෙවන බෝට්ටුවේ තවමත් සිටිතැයි සැලකෙන දෙමළ සරණාගතයන් කියා සිටින්නේ තමන් ආපසු සියරට යවනු ලැබුනොත් වධ හිංසාවන්ට ගොදුරු විය හැකි බවයි.

(BBC)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us