News Items (18842)
අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලයේ තරඟ තහනමකට ලක් වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඇතැම් ප්‍රාදේශිය සභා හා නගර සභා මන්ත්‍රීන් කොමිස් ගසතියි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා උකුවෙල සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී මෑතකදී කළ කතාව ප්‍රසිද්ධීයේ ඉල්ලා අස් කරගත යුතු යැයි මාතලේ ප්‍රාදේශිය සභා රැස්වීමේදී උප සභාපති නිමල් ජයවර්ධන මහතා පැවසීය.
සුමිත්‍රා රාහුබද්ධ කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ප්‍රවීණ ගත්කතුවරියක්. ඇය මේ දිනවල ඇගේ “කන්දක් සේ මා“ නවකතාවේ චිත්‍රපටය සඳහා සූදානම් වන බවයි අපට වාර්තා වන්නේ. අශෝක අතාවුදහෙට්ටිගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය සඳහා Tao Nashimoto නම් ප්‍රවීණ ජපන් සිනමාවේදියා ද අධ්‍යක්ෂණයෙන් දායක වෙයි. එහි නූපා ගේ චරිතය සඳහා පණ පොවන්නේ නිරෝෂා පෙරේරා යි.
මෙරට සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට අධික රුධිර පීඩනයට ගොදුරු වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිළ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් දකුණු කොරියානු රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (14) නියෝග කළේය.
ටෙන්ඩුල්කාර් දෙවියෙකු වෙද්දී මිතුරු කම්බ්ලි ‘හොරෙකු’ වේ
ජාතක කතා අතරින් හමුවන සත්ථිකුම්භ ජාතකය සිහි ගන්වන පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
හොර ක්‍රෙඩිට්කාඩ් වලින් මුදල් අදිද්දී 'සුද්දෝ' මාට්ටු
සංචාරක වීසා මගින් ලංකාවට පැමිණ ව්‍යාජ ලෙස සකස් කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත්වලින් මෙරට බැංකු පද්ධතියේ මුදල් සොරා ගනිමින් සිටි තුර්කි ජාතිකයන් දෙදෙනෙකු සහ යුක්රේන් ජාතික කාන්තාවක එසේ සොරාගත් රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයකට ආසන්න මුදල් සහ ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් 32ක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ දී අක‍්‍රමිකතා සිදුවන බව එක්සත් ජාතික පක්‍ෂය චෝදනා කරයි. එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍ර‍්‍රී එරාන් වික‍්‍රමරත්න මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ හොර ඡන්ද දැමීම වෙනුවට හොර ඡන්ද ලැයිස්තු මගින් මැතිවරණ ජයග‍්‍රහණය කිරීමට ආණ්ඩුව උත්සහ දරන බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ප‍්‍රචාරක කටයුතුවලට ත‍්‍රිමාණ තාක්ෂණය යොදා සැකසූ දැවැන්ත පුවරු යොදා ගැනීමට තීරණය කර ඇත.
ලොව ජනප්‍රියතම පොප් ගායිකාවක් වන රිහානා පසුගිය දින කිහිපය ලෝක පාපන්දු කුසලානය නරඹමින් බ්‍රසීලයේ කල්ගතකල බව විදෙස් මාධ්‍යය විසින් වාර්තාකොට තිබුණි.
