2010 වසරේ නාවලදී සිදු වූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ යුක්රේන ජාතික යුවළකට කොළඹ විශේෂ මහාධිකරණය විසින් අද මරණ දඬුවම් නියම කෙරින.

බිඳ වැටී ඇති ආණ්ඩුවේ ඡන්ද පදනම ගොඩ නගා ගැනීමට සිංහල ජනතාව අන්දවලා කුළුගන්වලා ආණ්ඩුවම ඇතැම් අන්තවාදී පිරිස් ලවා ගැටුම් ඇති කරවන බව ගාල්ල දිස්ත්‍රික් එ. ජා. ප. පාර්ලිමේන්තු මන්ත්‍රි එ. ජා. ප. මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක පවසයි.

බොදුබල සේනාව, රාවණා බලය සහ සිහල රාවය වැනි ජාතික සහ ආගමික අන්තවාදී ව්‍යාපාර සියල්ල පසුපස ආණ්ඩුව සිටින බව අද කවුරුත් දනිති. මේ ව්‍යාපාර සමග ආණ්ඩුවේ ඇති සාංගම ගැන සාමාන්‍ය ජනතාව අවබෝධකර ගන්නේ ගැඹුරු දේශපාලනික විවරණ හරහා නොවේ. ඉතා සරල දෘශ්‍ය, වාචික සහ අනුභූතික සාක්ෂි ආශ‍්‍රයෙනි. උදාහරණයක් වශයෙන්, බොදු බල සේනාවේ නායකයන් අත්අඩංගුවට නොගැනීම ගැන අසන ප‍්‍රශ්නයට හමුදාපතිවරයා දෙන පිළිතුර ජනතාවගේ ඇස් අරවනසුලූය. ඔහු කියන්නේ, රටේ කලබල ඇතිවිය හැකි නිසා එවැනි අන්තවාදී කොටස් අත්අඩංගුවට නොගන්නා බවයි. මේ උත්තරය මගින්, බොදුබල සේනාවේ සැහැසි ස්වභාවය, පොලීසියේ අකර්මණ්‍යභාවය සහ ඒ සමග ඇති ආණ්ඩුවේ සාංගම ගැන මනා අවබෝධයක් සාමාන්‍ය ජනයාට ලැබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අලූත්ගම සිදුවීමට පෙර සිටම ප‍්‍රකාශ කළා බොදු බලසේනාව සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි කියලා. අලූත්ගම සිදුවීමෙන් පසුවත් එය සිදුවෙලා නැහැ.

බේරුවල ගැටුමට ක්‍ෂණිකව හේතු වූ කරුණු කුමක් වුවද, පසුගිය වසර කිහිපයක කාලයේ දී මෙරට සුළුතර භික්ෂු කණ්ඩායම් කිහිපයක් මුස්ලිම් විරෝධය උත්සන්නවන අයුරින් කටයුතු කළ බව නොරහසකි. ජනමාධ්‍ය ආයතන කිසිදු වග විභාගයකින් තොර ව අන්තවාදී භික්ෂු කණ්ඩායම්වල වෛරී ප‍්‍රකාශවලට විශාල ඉඩකඩක් ලබාදුන්නේ ය.

මහේල සමුගත්තේ ඇයි ?

Published in පුවත්
Wednesday, 16 July 2014 11:55

දකුණු අප්‍රිකාව සහ පාකිස්‌තානය සමග පැවැත්වීමට නියමිත ටෙස්‌ට්‌ තරගාවලියෙන් පසුව තමන් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සුපිරි පිතිකරු මහේල ජයවර්ධන සඳහන් කරයි.

වත්මන් රජය දේශීයත්වය කෙරෙහි විශ්වාසය තබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කරයි.

'කැෆ්රි මූන්' (Capri Moon) නමින් හැඳින්වෙන සාමාජ ශාලාවක් පැලියගොඩ සිට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පසුගිය දිනක වටලනු ලැබිය.

2009 වර්ෂයේදී තණමල්විල බලහරුව ප‍්‍රදේශයේ නිවසක් හා ලොරියක් ගිනි තබා විනාශ කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින ගීගනගේ අමරේ හෙවත් ජූලම්පිටියේ අමරේ ඊයේ (15) මොණරාගල මහාධිකරණයට ඉදිරිපත් කල අතර, ඔහු තවත් දින 14 ක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස එහිදී අධිකරණය නියෝග කළේය.

ආසියාවේම ක්‍රිකට්‌ ශූරයෝ අපි වීමු. ඒ මීට මාස කිහිපයකට පෙරය. දැල්පන්දුවෙන්ද අපි ආසියානු ශූරියෝ වීමට සිහින මවමින් සිටිමු. ක්‍රිකට්‌ සහ දැල්පන්දු හැරුණු විට ආසියාවම මෙල්ල කිරීමට අපේ සෙසු කණ්‌ඩායම් ක්‍රීඩාවන් හි අසිපත ශක්‌තිමත් නොමැත.

Connet With Us