අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ගණිත විෂය අසමත් ශිෂ්‍යයන් පාසල් පද්ධතිය තුළ රඳවාගැනීමට වූ ඓතිහාසික තීන්දුවකට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (17දා) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

නැගෙනහිර යුක්රේනය ආසන්නයේදී මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 යානය අනතුරට පත්වීමෙන් තමන් කම්පනයට පත්වූ බවත්, මේ මහා ‍අනතුර ඛේදවාචක දිනයක් වන අතර, එය මැලේසියාවට ඛේදවාචක වසරක් උදාකර ඇති බවත් එරට අගමැති නජීබ් රසාක් පවසා සිටියේය.

තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයෙකු වූ කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, තංගල්ල හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට බරපතළ වැඩසහිත වසර 20 ක සිරදඬුවම් නියම කර තිබේ.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් "සමාජ සංහිඳියාව සහ මාධ්‍ය භාවිතය " යන තේමාව යටතේ එක් දින වැඩමුළුවක් ලබන 23 දින පෙ.ව.9.00ට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මොනරාගල දිස්ත්‍රීක්කයෙන් ඌව පළාත් සභාවට තරඟ කිරීමට නියමිත වනජීවි ඇමතිවරයාගේ පුතුගේ ඡන්ද පෝස්ටර් ඇලවීමට බුත්තල ප‍්‍රදේශයේ ජනතාවට වතුර සැපයීමට තිබෙන බවුසරක් යොදාගෙන ඇති බව ශ‍්‍රී ලංකා ජෛව විවිධත්වය සංරක්ෂණ හා පර්යේෂණ කවය පවසයි.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වෝක්ෂෝල් වීදියේ රජයේ ගබඩාවක සිදුකළ වැටලීමකදී පැරණි දින මුද්‍රිත ලේබල් ගලවා දමා ඉදිරියේදී කල්ඉකුත් වීමේ දින ඇති ලේබල් අලවා වෙළෙඳ පොළට යැවීමට සූදානම් කර තිබූ වතුර බෝතල් 22,000 ට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත.

නිතර පැවැත්වෙන මැතිවරණ නිසා තමන්ටද වදයක් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

මගීන් 295 දෙනෙකු සමගින් විනාශයට පත්වූ මැලේසියානු ගුවන් යානයේ ශ්‍රී ලාංකිකයින් සිටීද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍ය ක්‍රියාකාරිත්වයන්ට පාලනයකට ලක් කරමින් ප්‍රකාශයට පත් කළ වක්‍රලේඛනයට ප්‍රසිද්ධියේ එරෙහි වෙමින් සිවිල් සමාජ ක්‍රියාකාරිහු ඊයේ (17) පස්වරුවේ කොළඹ කොටුවේ දුම්රිය පළ ඉදිරිපිටදි එය පුළුස්සා දැමුහ.

පුද්ගලයන් 295ක් සමග මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 යානයක් රුසියානු දේශසීමාව ආසන්නයේ යුක්රේනය වෙත කඩා වැටී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

Connet With Us