11 හැවිරිදි දැරිය දින 11ක් දුෂණය කරලා !

Published in පුවත්
Friday, 18 July 2014 07:54

යාපනයේ කරයිනගර් පළාතේ ඌරි නැමති ගම්මානයේ එකොළොස් හැවිරිදි පාසල් දැරියක් දින එකොළහක් තිස්සේ වරින් වර දූෂණය කළ බවට නාවික හමුදා සෙබළෙකුට එරෙහිව චෝදනා ඉදිරිපත් වී ඇතැයි කරයිනගර් පොලිසිය පවසයි.

මේ අතර, දූෂණයට ලක්වූ දැරියගේ පවුලේ ඥාතීන්ට ආරක්ෂක අංශ වෙතින් ද දැඩි බලපෑම් එල්ලවන බව වාර්තා වේ.

බීබීසී සංදේශයේ දිනසේන රතුගමගේ සිද්ධිය සම්බන්ධයෙන් එම දැරියගේ දෙමවුපියන් හා ඥාතීන්ට කථා කළ විට ඔවුන් පවසා ඇත්තේ, ඒ පිළිබඳ තොරතුරු කිසිවකුට කියා තිබුනොත් මුලු පවුලම මරා දමන බවට කිසියම් පිරිසක් විසින් තමන්ට තර්ජනය කරණ හෙයින් තොරතුරු කිව නොහැකි බවයි.

ඉකුත්දා දැරියගේ ඥාතීන්ව කාරයිනගර් නාවික හමුදා කඳවුරට ගෙන්වා, සිද්ධිය ප්‍රසිද්ධ නොකරන ලෙසත්, එම ප්‍රදේශය අතහැර වෙනත් ස්ථානයකට යන ලෙසත්, එසේ නොකළේ නම් දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිඳුවනු ඇතයි තර්ජනය කරන බවද වාර්තාවේ.

සිද්ධිය සැලවීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික්කයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, සුරෙෂ් ප්‍රේමචන්ද්‍රන්, එස්.සරවනබවන් ඇතුළු පිරිසක් ඊයේ දැරියගේ නිවසට ගොස් කරුණු විමසා ඇත

මේ අතරතුර රජයට සමීපතම දෙමළ පාර්ශවයක් විසින් සිද්ධිය යටපත් කරගන්නා ලෙසත්, එයට අවශ්‍ය තරම් මුදලක් ලබාදෙන බවට දැරියගේ දෙමාපියන්ට පවසා ඇතයි 'ග්ලෝබල් ටැමිල් පුවත් සේවය' වාර්තා කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us