තෙල් සංස්‌ථාව කළුකඩයක්‌ කරලා -රවී

Published in පුවත්
Friday, 18 July 2014 08:19

වත්මන් රජය විසින් ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව කළු කඩ ව්‍යාපාරයක්‌ බවට පත්කොට ඇති බව හෙළිවන නිසා තමන් ඇතුළු එජාප මන්ත්‍රීවරුන්ට සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව නිරීක්‍ෂණය කිරීමට ආණ්‌ඩුවේ හෙන්චයියන් බාධා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.

තෙල් සංස්‌ථාවේ දිගින් දිගටම දූෂණ සිදුවන බවට එජාපය පැවසූ බවත් මේ වන විට සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවේ ඇතිව තිබෙන තත්ත්වයට ආණ්‌ඩුව සෘජුවම වගකිව යුතු බවත් හෙතෙම කීය.

පෙට්‍රල් ලීටරයක්‌ රුපියල් 86 කට ලබාදිය හැකි වුවද ආණ්‌ඩුවේ දූෂණ, වංචා නිසා අධික මිලකට පාරිභෝගිකයන්ට තෙල් මිලදී ගැනීමට සිදුව ඇතැයි ද කී මන්ත්‍රීවරයා මේ සියල්ල හෙළිවන නිසා තමන් ඇතුළු පිරිසට ආණ්‌ඩුවේ හෙන්චයියන් ඊයේ දින බාධා කළ බවද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ බාධා කිරීම්වලට බිය නොවී ඉදිරියේදී මුතුරාජවෙල සහ කොළොන්නාවේ පිහිටි තෙල් සංකීර්ණ වෙත ගොස්‌ කරුණු සොයා බලන බවත් ඊයේ සිදුකළ බාධා කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට පැමිණිලි කරන බවත් රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us