මැලේසියානු ගුවන් යානයක් කඩාවැටී 295ක් මරුට

Published in පුවත්
Friday, 18 July 2014 08:25

පුද්ගලයන් 295ක් සමග මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 යානයක් රුසියානු දේශසීමාව ආසන්නයේ යුක්රේනය වෙත කඩා වැටී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

මෙම යානය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ ක්වාලා ලම්පූර් නුවර බලා ගමන් කරමින් පැවති MH17 නමැති මැලේසියානු ගුවන් යානය බව හඳුනාගෙන ඇති අතර, මැලේසියානු ගුවන් සේවය පවසන්නේ ඇම්ස්ටර්ඩෑම් සිට ගුවන්ගත වූ යානයේ සබඳතාව බිඳ වැටෙමින් යානය අතුරුදන් වූ බවයි.

යානය අවසන් වරට පැවතී ඇත්තේ යුක්රේනයට ඉහළිනි.

රුසියානු ගුවන් සීමාවට ඇතුළු වීමට විනාඩි 20කට පෙර භූමියේ සිට ගුවනට එල්ල කරන BUK මිසයිලයක් අඩි 33,000ක් ඉහළින් ගමන් කළ ගුවන් යානයට එල්ල කර ඇති බව විශ්වාස කළ හැකි බව යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කියයි.

සැහැල්ලු ගුවන් යානා, කෘස් මිසයිල සහ ඩ්‍රෝන යානා ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ මිසයිලයක් ලෙස මෙය සැලකෙයි.

රුසියාවේ මොස්කව් බලධාරීන් පෙන්වා දෙන්නේ නැගෙනහිර යුක්රේනයේ කඩා වැටුණු ගුවන් යානයක් ගිනිගෙන දැවෙන අයුරු තමන් නිරීක්ෂණය කළ බවයි.

කෙසේ වෙතත් යානය රුසියානු ගුවන් සීමාවට පැමිණීමට අපොහොසත් වී ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

පසුගිය මාර්තු 08 වැනිදා මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය අතුරුදන් වූ අතර, යානය පිළිබඳ මෙතෙක් තොරතුරක් වාර්තා නොවීම මහා අභිරහසක්ව පවතී.

කෙසේ වෙතත්, කඩා වැටී ඇති යානය ගමන් කරමින් පැවති කලාපය යුක්රේනයේ ගැටුම් පවතින කලාපයක් වන අතර, රුසියානු හිතවාදීන් විසින් මෙම කලාපයේදී යුක්රේන ගුවන් හමුදා යානා වෙඩි තබා බිම හෙළා තිබුණි.

මේ තත්ත්වය තුළ මෙම යානයද රුසියානු හිතවාදීන් විසින් බිම හෙළා ඇති බවට යුක්රේන ජනාධිපතිවරයාද සැක පළ කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us