විනාශවූ මැලේසියානු ගුවන්යානයේ ලාංකිකයින් ඉඳලා නෑ!

Published in පුවත්
Friday, 18 July 2014 08:47

මගීන් 295 දෙනෙකු සමගින් විනාශයට පත්වූ මැලේසියානු ගුවන් යානයේ ශ්‍රී ලාංකිකයින් සිටීද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යංශ ප්‍රකාශකයෙකු කියා සිටියේ මැලේසියාවේ සහ නෙදර්ලන්තයේ තානාපති කාර්යාල හරහා ඒ පිළිබඳ කරුණු සෙවීම ආරම්භ කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි අතාවුද මහතා ද කියා සිටියේ අදාළ යානයේ ශ්‍රී ලාංකිකයින් ගමන් කළ බවට මෙතෙක් තොරතුරු ලැබි නොමැති බවයි.

තවදුරටත් ඒ පිළිබඳ තොරතුරු සෙවීමේ කටයුතු සිදුකරන බව ද ඔහු කියා සිටියේය.

අදාළ යානයේ ගමන්ගත් මගීන්ගේ තොරතුරු අනාවරණය කරගැනීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බව මැලේසියානු ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.

දැනට අනාවරණය වී ඇති පරිදි නෙදර්ලන්ත ජාතිකයින් 154 දෙනෙකු, ඕස්ට්‍රේලියානු ජාතිකයින් 27 දෙනෙකු, මැලේසියානු ජාතිකයින් 23 දෙනෙකු සහ ඉන්දුනිසියානු ජාතිකයින් 11 දෙනෙකු මිය ගිය අය අතර වන බව සඳහන්ය.

ඊට අමතරව බ්‍රිතාන්‍ය ජාතිකයින් 06 දෙනෙකු, ජර්මන් ජාතිකයින් 04දෙනෙකු, බෙල්ජියම් ජාතිකයින් 04 දෙනෙකු, පිලිපීන ජාතිකයින් 03දෙනෙකු ද වන බව වාර්තා වේ.

මෙම ගුවන් යානයේ සේවයේ නියුතුව සිටි කාර්යය මණ්ඩලයේ 15 දෙනාම මැලේසියානු ජාතිකයින් බැව් කියැවෙයි.

(අද දෙරණ)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us