මැලේසියාවට ඛේදවාචක වසරක් -අගමැති කියයි

Published in විදෙස්
Friday, 18 July 2014 11:35

නැගෙනහිර යුක්රේනය ආසන්නයේදී මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 යානය අනතුරට පත්වීමෙන් තමන් කම්පනයට පත්වූ බවත්, මේ මහා ‍අනතුර ඛේදවාචක දිනයක් වන අතර, එය මැලේසියාවට ඛේදවාචක වසරක් උදාකර ඇති බවත් එරට අගමැති නජීබ් රසාක් පවසා සිටියේය.

මේ වනවිට යානය තුළ පුද්ගලයන් 298ක් ගමන් කර ඇති බව තහවුරු කරගෙන ඇති අතර (මුලින් පැවසුනේ පුද්ගලයන් 295ක් බවය), එය රුසියානු දේශසීමා ආසන්නයේ නැගෙනහිර යුක්රේනයේ කැරලිකරුවන් පාලනය කරන ප්‍රදේශයක් වෙත කඩා වැටී තිබුණි.

මේ වනවිට ගැටුමකට මුල පුරා සිටින යුක්රේනය මෙන්ම රුසියානු හිතවාදීන් ඔවුනොවුනට චෝදනා නඟමින් මෙම යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර එය බිම හෙළා ඇති බව කියයි.

බෝයිං 777 යානය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මැලේසියාවේ ක්වාලා ලම්පූර් නුවර බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පෑවේය.

මෙම වසර තුළ මැලේසියානු ගුවන් සේවය මුහුණ දෙන දෙවැනි දැවැන්ත ඛේදවාචකය මෙය වන අතර, මීට පෙර පසුගිය මාර්තු 08 වැනිදා MH370 යානය අතුරුදන් වූයේ ලෝකය හමුවේ දැවැන්ත අබිරහසක් ඉතිරි කරමිනි.

නිවේදනයක් නිකුත් කරන මැලේසියානු ගුවන් සේවය පවසන්නේ කඩා වැටුණු යානයේ නෙදර්ලන්ත ජාතිකයන් 154ක්, ඔස්ට්‍රේලියානුවන් 27ක්, මැලේසියානුවන් 43ක් (කාර්ය මණ්ඩලයේ 15ද ඇතුළුව), ඉනිදුනීසියානු ජාතිකයන් 12ක් සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් 9 දෙනෙක් ගමන් කර ඇති බවයි. මීට අමතරව, ජර්මනිය, බෙල්ජියම, පිලිපීනය සහ කැනඩාව යන රටවල මගීන්ද මෙහි ගමන් කර ඇති අතර, ජාතිකත්වය මෙතෙක් තහවුරු නොකළ මගීන් 41 දෙනෙකු ගැනද කියැවෙයි.

යානය වෙත BUK මිසයිලයක් එල්ල වී ඇති බවට සැකයක් පවතී

ඔස්ට්‍රේලියානු බලධාරීන් පෙන්වා දෙන්නේ මෙහි ගමන් ගත් වැඩි පිරිසක් මෙල්බර්න් නුවර පැවැත්වීමට නියමිත එච්.අයි.වී/ඒඩ්ස් ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීමට පැමිණි අය බවයි.

මේ අතර, සෙසු ගුවන්සේවා සමාගම් කියා සිටියේ ඔවුන් නැගෙනහිර යුක්රේන ගුවන් කලාපය මගහැර ගමන් කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වා ඇති මැලේසියානු අගමැතිවරයා පෙන්වාදී ඇත්තේ යානය ගමන්ගත් මාර්ගය ආරක්ෂිත බව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් තහවුරු කර තිබූ බවයි. එමෙන්ම, යානයෙන් අනතුරක් පිළිබඳ දැනුම්දීමක් සිදුකර නොමැති බවද හෙතෙම පවසයි.

“අපට තවම යානයට සිදුවූ දේ හරියටම කියන්න බැහැ. නමුත්, එය තහවුරු කරගැනීම අප කළ යුතුයි. අප එය අනිවාර්යයෙන්ම කරනවා.” යැයි අගමැතිවරයා පවසා සිටියේය. “යම් හෙයකින් යානය වෙඩි තබා බිම හෙලා ඇති බව ඔප්පු වුණොත්, ඊට වගකිව යුත්තන් නීතිය ඉදිරියට පැමිණවීමට අපට කටයුතු කරනවා.”

(අද)

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us