ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එක්දින වැඩමුළුවක්

Published in පුවත්
Friday, 18 July 2014 10:30

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් "සමාජ සංහිඳියාව සහ මාධ්‍ය භාවිතය " යන තේමාව යටතේ එක් දින වැඩමුළුවක් ලබන 23 දින පෙ.ව.9.00ට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මේ වැඩමුළුව පැවැත්වේ.

මේ අවස්ථාවට ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත්, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල යන මහත්වරුන්ද සහභාගිවීමට නියමිතය.

"ඒකීය ශ‍්‍රී ලංකාවේ සමාජ සංහිඳියාව" මැයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක හා "සමාජ සංහිඳියාව සහ දියුණු රටවල්" මැයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක යන මහත්වරුන් විසින් මෙහිදී විශේෂ දේශන පවත්වනු ඇත.

මීට සමගාමීව මාධ්‍ය ප‍්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා මණ්ඩපයක් ද පැවැත්වීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us