News Items (18842)
ක්‍රිකට් ආයතනයේ ඉහල නිලධාරියෙකු සමග ඇති වූ මතබේදයක් නිසා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
පන්සල්, කෝවිල්, පල්ලි, පාසල් සහ කාසි භාවිතයට ගැනෙන විවිධ වෙනත් ස්‌ථානවලට රැස් කෙරෙන කාසි වෙළෙඳපොළ සංසරණයට එක් නොකිරීම නිසා වෙළෙඳපොළේ කාසි හිඟයක් ඇතිවී ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව එම ස්‌ථානවලට ගොස් කාසි එකතු කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව කාසි දහකට රුපියල් දෙසියක දිරි දීමනාවක්‌ද ලබාදීමට පියවර ගෙන ඇත.
තමා පසුපස ලුහු බඳින යතුරු පැදි සහ ත්‍රීවීලර් රථවල අංක තහඩු ව්‍යාජ ඒවා බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිවේදී උපුල් ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.
ආසන වෙන් කිරීම සම්බන්ධ මතභේදයට විසඳුමක් ලැබෙන තුරු ඌව පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.
රාජපක්ෂ රෙජීමය තමන් හම්බ කරගන්නවා මිස රටේ ඔවුන්ට වැඩ කළ තරුණයෙකුට පවා නිකම් රස්සාවක් නොදෙන බවත්, ඒවා මුදලට විකුණා සල්ලි ටික රෙජීමයේ සාක්කුවේ දාගන්නා බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නවී පිල්ලේ මහත්මියගේ කමිටුවට විකල්ප කමිටුව රජයේ ප්‍රතිපත්තිය රජය විසින්ම උල්ලංඝනය කිරීමක් බව ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය පවසයි.
කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ වැඩවර්ජනයක් හේතුවෙන් රටපුරා රෝහල් බොහෝමයක දෛනික කටයුතුවලට බාධා පැමිණ ඇත.
මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයේ ගැටලුව සඳහා සහාය පල කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය රජරට සත්‍යග්‍රහයට සඳහා එක් වූ අතර ඉදිරි දින කිහිපය තුළ දී වයඹ, සෞන්දර්යය ඇතුළු අනෙකුත් විශ්වවිද්‍යාලවල සිසු ක්‍රියාකාරීන් එක් වීමට නියමිත බව රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් අමිල පෙරේරා මහතා පැවසීය.
සනත් බාලසූරිය විසින් රචිත ‘මේ සොඳුරු දඩබිමෙහි’නවකතාව, ‘මරණයේ සෙවනැල්ල යට නිදාසිටි පූස්පැටියා’ කෙටි කතා සංග්‍රහය සහ මංජුල වෙඩිවර්ධන විසින් රචිත ‘මගේ ආදරණීය යක්ෂණී’ නවකතාව කේන්ද්‍රකර ගත් සාහිත්‍යමය කතිකාවත ‘පිටුවහල කොළඹට’ මැයෙන් ජූලි මස 30වැනිදා බදාදා සවස 3.00ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණඩලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
ජාතික පෝෂණ මධ්‍යස්ථානය විසින් සිදුකරනු ලැබූ සමීක්ෂණයකට අනුව රටේ පාසල් ළමුන්ගෙන් 32.00 %ක් යකඩ ඌණතාවයෙන් පෙළෙන බවත් සමස්ත ජනගහණයෙන් පහෙන් එකක් ජනතාවක් යකඩ ඌණතාවයෙන් පෙළෙන බවත් හෙළිවී ඇත.
