වර්ජනයෙන්, රෝහල් සේවා බිඳවැටේ

Published in පුවත්
Monday, 21 July 2014 15:37

කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ වැඩවර්ජනයක් හේතුවෙන් රටපුරා රෝහල් බොහෝමයක දෛනික කටයුතුවලට බාධා පැමිණ ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ පැවසිය.

'' අද දින මෙම කාර්ය මණ්ඩලය පෙරවරු 8 සිට දහවල් 12 දක්වා සේවයෙන් ඉවත් වී තිබෙනවා. ඔවුන් ප‍්‍රකාශ කරන ආකාරයට දහවල් 12න් පසු ඔවුන් නැවත සේවය ආරම්භ කිරීම කළ යුතුයි. එසේ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ තත්ත්වය නිසා ඇතැම් ඒකකවල යම් යම් බාධක ඇති වී තිබෙනවා. කෙසේ වෙතත් බාහිර රෝගී අංශය සහ සායනවල ඔවුන් පෙරවරු 8ට පෙර රාජකාරී කිරීම නිසාත් එසේම අනෙකුත් කාර්ය මණ්ඩල සහයෝගය අනුවත් එම අංශවල රෝගීන්ට තිබෙන අපහසුතාවය අවම කිරීම සඳහා පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් දහවල් 12 න් පසුව සියලූ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි කියලා අපි බලාපොරොත්තු වනවා...''

රාගම ශික්ෂණ රෝහලෙන් කළ විමසීමකදී එහි අධ්‍යක්ෂ වෛද්‍ය යූ.එම්.එම්. සමරනායක මහතා පැවසුවේ, මෙම වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් , ඔවුන්ගේ ඥාතීන්ද මෙන්ම රෝහලේ සෙසු සේවකයන් ද පීඩාවට පත්ව සිටින බවයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේද පවතින්නේ මීට සමාන තත්වයකි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත ඞී යාපා මහතා පැවසුවේ රෝහලේ සියලූම අංශයන්ට කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සහයෝගය ලැබෙන බවත් ඔවුන් නොමැතිවීම නිසා යම් යම් කටයුතුවලට බාධා එල්ල වූ බවයි. කෙසේ වෙතත් අනෙකුත් කාර්ය මණ්ඩලය ඒ සඳහා කටයුතු කළ බවද යූ.එම්.එම්. සමරනායක මහතා පැවසිය.

මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.එස්.කේ. රත්නායක මහතා කියා සිටියේ, මුළුතැන්ගෙයි කටයුතු පවා අද නතර වී තිබෙන බවයි.

''සියලූම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගවලට එළැඹි සිටිනවා. කෙසේ වෙතත් ශල්‍යාගාරවල සහ ලේ බැංකු ඇතුළු විශේෂ ස්ථානයන්හි සේවාවන් පවත්වාගෙන යනවා. පුද්ගලික සැපයුම්කරුවකු මාර්ගයෙන් කෑම ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. අනෙක් කාර්යය මණ්ඩලය උපරිමයෙන් දායක වනවා සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට. ''

ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව විසින් මෙම වැඩවර්ජනය කැඳවා ඇත. මධ්‍යහන 12ට සිය වැඩවර්ජනය අවසන් කළත් ඉල්ලීම් දිනා ගන්නා තෙක් තවදුරටත් අරගලවල නිරත වන බව එහි කැඳවුම් කරු පී.එච්. සෝමරත්න මහතා පැවසිය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us