මිහින්තලේ සත්‍යග්‍රහයට සෙසු සරසවිත් එකතුවේ

Published in පුවත්
Monday, 21 July 2014 15:32

මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයේ ගැටලුව සඳහා සහාය පල කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය රජරට සත්‍යග්‍රහයට සඳහා එක් වූ අතර ඉදිරි දින කිහිපය තුළ දී වයඹ, සෞන්දර්යය ඇතුළු අනෙකුත් විශ්වවිද්‍යාලවල සිසු ක්‍රියාකාරීන් එක් වීමට නියමිත බව රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් අමිල පෙරේරා මහතා පැවසීය.

අසාධාරණ පන්ති තහනම් 28 ඉවත් කිරීම ඇතුළු සාධාරණ ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයිය සිසුන් විසින් පවත්වාගෙන යනු ලබන අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට (21) දිනට දින 224කි.

‘වසරක කාලයක් තිස්සේ සිසුන් විසින් සාධාරණය ඉල්ලා සාකච්ඡා මාර්ග වලට එළඹෙමින්, උද්ඝෝෂණ පවත්වමින්, පාගමන් යමින්, පෙත්සම් අත්සන් කරමින් වැනි විවිධ ශිෂ්‍ය ක්‍රියාමාර්ග එළඹෙමින් අවසානයේ සත්‍යග්‍රහයක්ද ආරම්භ කර දැනට මාස 7කට අධික කාලයක් ගෙවීලා' නමුත් ආණ්ඩුව හා විශ්වවිද්‍යාල පරිපාලනය තවදුරත් නින්දිත අයුරින් කටයුතු කිරීම පිළිබඳව අපට ඇත්තේ දැඩි පිළිකුලක් යැයි මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් අමිල පෙරේරා මහතා කීය.


ජිවිත තර්ජන මධ්‍යයේ මහමග සිට පීඩාවට පත් සිසුන්, දින 200ක් ගතවන මොහොත වන විට, උපකුලපතිවරයා වැටලීමට යොමු වන්නේ කිසිදු විසඳුමක් නොලැබෙන නිසායි' නමුත් ඊට ද පිළිතුරු ලෙස පාලකයින් සිදු කරන ලද්දේ සිසුන් වෙත ලබා දුන් පොරොන්දු කඩකරමින්, ශිෂ්‍ය සංගම් අහෝසි කරමින්, මාධ්‍ය වෙත සාවද්‍ය ප්‍රකාශ නිකුත් කිරීමයි' අදවනවිට සත්‍යග්‍රහයට දින224යි. උපකුලපතිවරයා සිසුන්ට දුන් පොරොන්දු කඩකර අදට දින10යි.

දේශන පැවැත්වෙමින් තිබියදී විශ්වවිද්‍යාලය වසා දමා අදට දින18යි. ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස ශිෂ්‍ය සංගම් තහනම් කර අදට දින18යි. මෙවන් තත්ත්වයක් යටතේ සිදුවන්නේ සිසුන් තවතවත් නැගී සිටීම බව පැහැදිළිවම ප්‍රකාශ කල යුතු බවද ඒ මහතා සදහන් කළේය.

(ලක්බිම)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us