කාසි එකතු කිරීම මාතලෙන් ඇරඹේ !

Published in පුවත්
Tuesday, 22 July 2014 14:07

පන්සල්, කෝවිල්, පල්ලි, පාසල් සහ කාසි භාවිතයට ගැනෙන විවිධ වෙනත් ස්‌ථානවලට රැස්‌ කෙරෙන කාසි වෙළෙඳපොළ සංසරණයට එක්‌ නොකිරීම නිසා වෙළෙඳපොළේ කාසි හිඟයක්‌ ඇතිවී ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව එම ස්‌ථානවලට ගොස්‌ කාසි එකතු කිරීමට පියවර ගෙන ඇත. 


ඒ අනුව කාසි දහකට රුපියල් දෙසියක දිරි දීමනාවක්‌ද ලබාදීමට පියවර ගෙන ඇත.



මේ යටතේ කාසි එකතු කිරීම ඊයේ (21 දා) මාතලේ නගරයේ පූජනීය ස්‌ථානවලදී සිදුකිරීමට පියවර ගෙන තිබිණි.



රු. මිලියන 2346ක  අලුත් කාසි එයි

මේ අතර, රුපියල් මිලියන 2346 ක කාසි වෙළෙඳපොළ සඳහා නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

වෙළෙඳපොළේ පවතින කාසි හිඟයට හේතුව කාසි කැටවල කාසි රැස්‌කර තබා ගැනීම බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මධ්‍යම පළාත් ප්‍රාදේශීය කළමනාකරු ඩී. එම්. ඩී. කේ. දිසානායක මහතා පැවසීය.

මෙරට මුළු ජනගහනය මෙන් 117 ගුණයක කාසි මෙරට වෙළෙඳපොළ සංසරණයට ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇත.

නිකුත් කර ඇති රුපියල් දහයේ කාසි ප්‍රමාණය රුපියල් මිලියන 157 කි. රුපියල් පහේ කාසි රුපියල් මිලියන 604 ද නිකුත් කර ඇත.

රුපියලේ කාසි රුපියල් මිලියන 711 ක්‌ සහ රුපියල් දෙකේ කාසි රුපියල් මිලියන 503 ක්‌ ද නිකුත් කර ඇත. ශත පනහේ කාසි රුපියල් මිලියන 371 ක්‌ද නිකුත් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us